මෙවර මහ මැතිවරණයේ ඡන්ද ලකුණු දෙස බලන විට සත්වෝද්‍යානය සිහියට නැගෙන බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද සලකුණු 156 ක් ගැසට් කළේය. බුලත් කොළය, අලියා, අත, සීනුව, ගස, නැගෙන හිරු හා පංචායුදයට අමතරව තවත් ලකුණු ඒ අතර වේ.
නාගයා, ගෝනුස්සා, මීයා හා හිරමනයද ඒ අතර වෙයි. ශ්‍රී ලංකාවේ නැති ඔටුවා, රයිනෝසිරස්, ජිරාෆ්, කැන්ගරුද ඒ අතර වෙයි. මුවා, හාවා, දුම්රිය ඇන්ජිම, අත්බෑගය, කුල්ල, මාළුවා, බස්සා, අශ්වයා, කකුළුවා, බළලා, රාජාලියා, ගොළුබෙල්ලා, ඉබ්බා, ලේනා, ජිප් රිය, පාපන්දුව, සපත්තුව, ඉස්කුරුප්පු ඇනය, කෙසෙල් ඇවරිය, කිඹුලා හා වම්බොට්ටද ඒ අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට වෙනස් කරන කටුස්සෝ -දේශපාලන උභය ජීවින් සුලබවේ (ම)
ලංකා දේශපාලනය මන් දැකල තියෙන්නේ නම් සිංහ හැම පොරෝගත්තු හිවල්ලු විතරයි. (ම)
ඡන්ද සලකුණු විතරද, ඡන්දෙට ඉදිරිපත්වෙන අපේක්ෂකයෝ දැක්කමත් අපිට සත්තු වත්ත මතක් වෙනවා. සිංහයෝ, කලවැද්දෝ, නරි, හරක්, කටුස්සෝ, බල්ලො, මයිනො එකී මෙකී සත්තු ඔක්කොම ඉන්නවනේ. (නදී)