හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා තවත් තිදෙනකු 2015 ජනපතිවරණ සමයේ ලංගම බස් පාවිච්චි කිරීමෙන් නොගෙවා පැහැර හළ බව කියන රුපියල් ලක්ෂ 1420ක් අයකර ගැනීම සඳහා වන නඩුවේ චෝදනා පත්‍රය යළි සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ලංගමයට අවසර දුන්නේය.
මහින්ද රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා ගාමිණී සෙනරත් මෙම නඩුවෙන් චෝදනා ලබා සිටිති.
ලංගමය පවසනුයේ ගිය වසරේ පැවැති ජනපතිවරණය සඳහා වූ රැස්වීම් වෙනුවෙන් ලබාගත් බස් වෙනුවෙන් ඔවුන් ගෙවීම් පැහැර හැර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයවගේ දේවල් කියලා මහින්ද මහත්තයා බඩ කපාගනීවිද දන්නෙ නැහැ (නි)
දැන් අල්ලයි... ඕවා ඔක්කොම මහජනයා ගෙවාවි (නි)
ඒ සල්ලි රට ඇතුළෙම කැරකෙන සල්ලි. ඒ වගේද අපේම සල්ලි මිලියන් ගණන් පිටරට යවලා සුඛෝපභෝගී වාහන ගෙන්වන එක (නි)
ලංගමය ජනසතු ආයතනයක් නිසා මේ අය හිතන්න ඇති අම්මාගේ අප්පාගේ බුදලෙන් ලැබුන දෙයක් වගේ පිනට යන්න එන්න පුළුවන් කියලා. කොහොමහරි වංචා කරපු මුළු මුදලම රජයට ආපසු ලබාදීමට අධිකරණය සමත්වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා (නි)
ලංගමය වැටි වැටි නැගිටින්න හදන දුප්පත් ආයතනයක්. රටේ ලොක්කෝ මෙහෙම කණු තිබ්බහම නැගිටින්න වෙන්නේ නැහැ මේ කපේදී. ලංගම සමතලා කරලයි මොවුන් පස්ස බලන්නේ. අනේ අපොයි රජයේ දේපල විනාශවෙන හැටි. කතාව නම් රටම ගොඩ ගන්න. (නි)
ලංගමය බංකොළොත් වෙන්න හේතු මෙන්න බලාගන්න (නි)
මේ මුදල් එවකට හිටපු ප්‍රවාහන ඇමැතිගෙන්වත් අයකර ගන්න බලමු නේද?දේශපාලකයෝ තමන්ගේ ඡන්ද පෝස්ටර් අළවපු අයට ලංගමෙයි රේල්ලුවෙයි රැකියා දෙනවා මදිවට ඡන්දෙ අාවහම ලංගමට පොලු තියලා මඟහරිනවා. (නි)
යුද්ධකර ජයගත් රට මහින්දට සහ ඔහුගේ පවුලට අයිති නිසා රටේ සියලුදේ ඔවුන්ට අවශ්‍ය පරදි හැසිරවිය හැකියි.මෝඩ ජනතාව මේ බව නොදන්නා එක කණගාටුයි. (නි)
අනුන්ට ඇඟිල්ල දික් කළාට කවුරු කරන්නෙත් ඒ ටිකම තමයි! (නි)
ඕවා කිසිම දිනක කෙරෙන්නේ නැති වැඩ. කිසි දිනක ඔය මුදල් ලැබෙන්නෙත් නැහැ. නිකම් කරදර නොවී මහජනයාටම ඕක ගෙවලා ඉවර කරන්න කියමු. දැන් හැමදේම ගෙවන්නේ ජනතාවනේ (නි)
සංශෝධනය කරලා හරි කමක් නැහැ, කොහොමහරි හිරේ දාන්න එපායැ නේද? (නි)
ඉතින් තව මොන සාක්කිද අවශ්‍ය? අපි ලංගම බස් එකක ටිකට් නැතුව ගිහින් අහුවුණොත් කොහොමද පරිප්පුව? (නි)
අන්න හරි. අනාගතේ පත්වෙන නායකයන්ට උණ ගැනෙන්න මේවා එළියට අදින්න ඕනෑ (නි)
මහජන මුදල් නේද මේ? කරුණාකර මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
ඕක ඉතින් සුලු ගානක්නෙ. (නි)
හේවා, ලංගමේ සල්ලි රට ඇතුළෙම කැරකෙන සල්ලි වුනේ කොහොමද? ලංගමේට ගන්නේ ලංකාවේ ඩීසල්ද , ලංකාවේ අමතර කොටස්ද, පුරවන ටයර් වලට අමුද්‍රව්‍ය එන්නේ පිට රටින්, අනේ මෙහෙමත් දැනුමක්. (බ)
ඔය නඩුවත් ඉස්සර තිබුණු නඩු වගේම වේවි. (නි)
මහින්දව උසාවියට ගේනවද? නැත්නම් මහින්දගේ ළඟට ගිහින් නඩුව අහනවද? මේ වෙලාවේදී පුද්ගලයා කවරෙක් වුණත් රටට කර තිබෙන හානිය ගැනයි බලන්න ඕනෑ. (නි)
මහින්දගේ කතාව නම් මොකුත් නොගත්ත ගානටයි (නි)
මහජන මුදල් රුපියල් ලක්ෂ 1420ක් විනාශ කරලත් තවමත් එළියේ. දුප්පත් එකෙක් රුපියල් 5000 ක් හොරකම් කළා නම් මේ වෙනකොට ඇතුළේ. (නි)
මංතීරු ගළවපු අයට නඩු නැද්ද? රටේ නීතිය කොයිබටද? (නි)
හිටපු ලොක්කා දුෂණ වලට සම්බන්ධ නැහැ කියලා අර එක දේශපාලකතුමෙක් කිව්වේ මේවා ගැන නොදැන වෙන්න ඇති. දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික හතුරන් නැහැ කියලා මහින්ද කිව්වේත් මේ නිසා වෙන්න ඇති. (නි)
ඉතින් ලංගමය කොටඋඩ යන එක අහන්නත් දෙයක්ද? (නි)
මහින්ද මහත්තයට ගෙවන්න කාලය තිබුනේ නැහැ. එතුමා බලය දීලා ගියා. මේවා කළේ පක්ෂයේ උන්නතිය වෙනුවන්. මෙය ගෙවීම පක්ෂයේ වැඩක්. (නි)