පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින නවගත්තේගම ඉඟිනිමිටිය ප්‍රදේශයේ සන්ධාන අපෙක්ෂකයකු ඡන්ද දායකයින්ට බෙදාදීම පිණිස රැගෙන ආ බව කියන ඇලුමිනියම් සාස්පාන් තොගයක් සොයා ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත නිවසක තිබූ එම සාස්පාන් 20ක් සමග එම නිවසේ හිමිකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාළ අපේක්ෂකයාගේ බිරිය ඇතුළු පිරිස අසල්වැසි නිවසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටි බවද පොලිසිය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට අල්ලපු දිස්ත්‍රික්කේ රෝස්පාන් බෙදන්නත් බැරි නැහැ. (ර)
මිනිස්සුන්ට උදව් කරන්නත් එපාද.? (ර)
අනේ! අවුරුදු 9ක් තිස්සේ මිනිසුන්ට උදව් කරන්න වෙලාවක් තිබෙන්න නැතුව ඇති. මේ මැතිවරණ ප්‍රචාරක වැඩ තියෙද්දිත් සාස්පාන් බෙදන්න හිතුවේ ඒකනේ. (නි)
සාස්පාන් 20 ක් බෙදලා ඡන්ද කීයක් ගන්නද? මේවා ඡන්දෙ කිට්ටු වෙනකොට ජනතාවට කන්න දෙන්න කෑම පිසින්න ගෙනාපුවා වෙන්න පුලුවන්. පවු, ඔන්න ඕක අතහැරලා දාන්නයි තියෙන්නේ. (නි)
එකනේ පිවිතුරු යහපාල,සාමාන්‍යයෙන් දුප්පතා ගැන නොබලන හිටපු එක්කෙනාගේ අය අඩුතරමේ ජන්දයක් ළංවුනාමවත් මිනිස්සුන්ට උදව්කළාම මොකද වෙන්නේ (බ)
සාස්පාන් 20ක් මොකක් කරන්නද? ඔන්න 50ක් වත් තිබුනනම් (බ)
ඒ ගමේ 20 දෙනාද ඉන්නේ. මෙවා නම් විකාර. (හේ)
අනේ අපිටත් දෙන්නකෝ ගෝඩා හදල අරව පෙරන්න සාස්පානක්. මේපාර ඡන්දෙන් අපි බලාගෙන ඉන්නේ හොඳ හොඳ කඩු පයිට් ටිකක් තියේවි කියල.(බ)
මදැයි සාස්පානක් ගන්න බලාගෙන හිටියා? (නි)
ඔන්න ඔහේ නිකන් දෙන දේ අරගෙන හොඳ කෙනෙකුට ඡන්දය දෙන්න (නි)
මේ උයන භාජන ගෙනල්ලා තියෙන්නේ බත් හා ව්‍යංජන උයලා ඡන්දදායකයින්ට බෙදන්න වෙන්න පුලුවන්.පොලිසියට ඕක තේරුම් ගන්න බැරිවුණානේ? (නි)
දැන් මේවා අරගෙන ගිහිල්ලා කෑම හදලා දන්සලක්වත් දීලා බලමුද? (නි)
දේශපාලන වේදිකාවල මල්පෝච්චි හැටියට හදාගන්න බැරිද මේවා? (නි)