ලේකම්වරුන්ට ඕනෑ විදියට ලැයිස්තු හදා බිබිල ආසනයේ බඩු බෙදීමට මින් ඉදිරියට ඉඩ නොතබන බව වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා බිබිලේ ඡන්ද රැස්වීමක් අමතමින් පැවසීය.
‘මැති ඇමැතිවරුන් දැන් ගෙන් ගෙට යනවා. අපේ මිනිසුන්ට අරවා මේවා දෙනවා කියා බොරු පොරොන්දු දෙන්න එපා. තෑගි නියෝජිතයන්ටයි එහෙම කියන්නේ. බිබිල ආසන සංවිධායක මම. මේ ආසනයේ ඕනෑම යූඑන්පී ගෙදරකට, ජේවීපී ගෙදරකට මට යන්න පුළුවන්. මගෙන් උදව්වක් ඉල්ලුවොත් පාට හෝ පක්ෂ බේද බලන්නේ නෑ. ඒ නිසා මේ කැලයට ඇවිල්ලා බඩු බෙදලා බොරු පොරොන්දු දෙන්න එපා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇමති තුමණි දෙන දෙයක් දෙන්න අරින්න අපිත් හරිම අමාරුවෙන් ඉන්නේ.(දිල්)
හැම ගෙදරටම ඇත් දල ජෝඩුවක් හෝ අලි පැටවෙක් දුන්නොත් නරකද ඇමති තුමනි. (අ)
ඉදිරි මැතිවරණවලදී අපිටත් බෙදයි නේද? පොදු වැඩ කළා නම් මොකටද ජනතාවට පුද්ගලිකව තෑගි දෙන්නේ? (නි)
විශේෂයෙන් ඌව මැතිවරණයේදී බොරු කියන්න එපා කියල ජනාධිපති අවවාද කරලා හැරෙන්න වත් හම්බ උනේ නැහැ.(නදී)