මැතිවරණයක් යනු ප‍්‍රතිපත්ති අතර ගැටුමක් පමණක් බැවින් එය ජාති, ආගම් හෝ පුද්ගලයින් අතර ගැටුමක් බවට පත් කිරීමට උත්සාහ කරන්නට එපා යැයි සියලූ දේශපාලන පක්‍ෂවලින් හා අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල නිරත පිරිසකට බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ දී එල්ල වූ වෙඩි ප‍්‍රහාරය දැඩි සේ හෙළා දකින බව කී උන්වහන්සේ ඉදිරියේ දී මෙවැනි දේ සිදු නොවීමට රජය හා පොලීසිය වගබලා ගත යුතු යැයි ද සඳහන් කළහ.
පසුගිය කාලයේ ඉතා හො`දින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පැවති මැතිවරණ ව්‍යාපාරයට බ්ලූමැන්ඩල් සිද්ධියෙන් හානියක් වූ බව ද කී උන් වහන්සේ මැතිවරණ කටයුතුවලට පාතාල සාමාජිකයන් යොදා නොගන්නා ලෙසත්, තම පාක්‍ෂිකයින් පාලනය කරගන්නා ලෙසත් සියලූ අපෙක්‍ෂකයින්ගෙන් ඉල්ලීමක් ද කළහ.
කෝට්ටේ නාග විහාරයේ මාධ්‍ය හමුවක් දී ඒ හිමියෝ මෙසේ කියා සිටියහ.
‘‘අපි අවුරුදු 2500ක ඉතිහාසයක් ගැන කතා කරන ජාතියක්. ලෝකෙන් උතුම් රට ලංකාවයි..... මෙහෙම රටක් ලෝකේ නැහැ කියා කියන ජාතියක්. ඒත් වැඩක් කරන්න ගියාම අපේ මිලේච්ඡත්වය එළියට එනවා.
සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලූ පියවර ගන්නැයි අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙවර මැතිවරණයේ දී ඉතාම හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවත් සූදානම් විය යුතුයි’’ යනුවෙන් ද උන්වහන්සේ කීහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේරත්න , සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයින් වන සමන් රත්නප‍්‍රිය, ගැමුණු විජේසූරිය යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඔය කඩේ වඩින්නෙ පාතාල කෙරුමෝ ඉන්න පැත්තටම තමා. (නදී)
අනේ අපි නම් යොදාගත්තේ නැහැ හාමුදුරුවනේ.යොදාගත්ත අයගෙන්ම අහලා බලන්න. (නි)
ගැමුණු මහත්තයා මොකද මේ පැත්තේ? (නි)
කවුරු මොනවා කිවුවත් දකුණේ බහුතරය මුසාබස් ඇසුවේ නැත. කෙසේවුවද මහා ඡන්දයේදී ප්‍රතිඵල වෙනස් වනු ඇති බව පැහැදිලි වෙමින් තිබේ. (නි)
ආ! අපේ ගැමුණු මහත්තයත් ඉන්නවනේ!!!! (නි)
අනේ අපි නම් ඕවට නැහැ හාමුදුරුවනේ (නි)
එයාලා එයාලමනේ ඉතින් සමහර වෙලාවට වෙනත් මුහුණුවරකින් පෙනීඉන්නේත් (නි)
මැරකමට උදව් කරන ඕනෑම පාලකයෙක් එළවන්න අපි සූදානම් (නි)
මට නම් අද වගේ මතකයි, මැරයන් මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එකතු කරගත්තේ කවුද කියලා. (නි)
දෙපැත්තේම මේ ප්‍රශ්න තිබෙනවා (නි)
බොහොම හොඳ කතාවක් (නි)
බොහොම හරි (නි)
ශාසනයටත් දේශපාලනය එපා හාමුදුරුවනේ (නි)
හැම පක්ෂයකම අඩුපාඩු තිබෙනවා. අනේ මොනවා වේවිද රටට? (නි)
ඉදිරියට තව මොනවා වේවිදැයි නොදනිමි (නි)
'ඡන්දෙට පාතාලේ එපා' කියන්නේ අනික් කාලෙට ඕනෑද? (නි)
අනිල් රෝහණ,ඔව් ඔව් ඒක ඇත්ත (නි)
අපේ හාමුදුරුවෝ ඔහොම කිවුවට, අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
මේකේ ඉන්න ඔක්කොම එක පැත්තක ගැත්තෝ ටිකක්. ඕක විරුද්ධ පැත්තෙන් උනා නම් බලාගන්න තිබුන බුරන හැටි. (නදී)
උඩතලවින්නෙන් පස්සේ මේ පාර තමයි මාරයෝ ඡන්දෙට බැස්සුවේ (නදී)
පාතාලය මැතිවරණයට එපා කියන්නේ හොඳ අදහසකින්නේ? අැයි එහෙම හොඳ දේවල් වලටත් මෙහෙම ඍණාත්මක අදහස් වලින් ප්‍රතිචාර දක්වන්නේ? (නදී)
ගැමුණුත් එක්ක මොන සාදාරන සමාජයක්ද අපේ හාමුදුරුවනේ ? (නදී)
රවී මහත්තයා ඉන්න තැන ඕවා කියන්න එපා හිමියනි (නදී)
අසරන මගියව හැමදාම තලපු ගැමුණුල ඵක්කද සාදාරණ සමාජය හදන්න යන්නෙ හාමුදුරුවනේ (නදී)
දෙගොල්ලන්ගේම පාතලේට ආදරේ තියනවා. එලියට පේන්නේ නැහැ. කවුරු හරි පීල්ල පැන්නොත් තමයි එළිවෙන්නේ. හැලියේ කුණු නෑඹිලියෙන් වහන්න අමරුයි කාට කාටත්.(නදී)
අපේ මිනිසුන්ට මේවා කවද තේරෙයිද? (නි)
ඔබ වහන්සේ ගිවිසුම් ගැහුවේ පාතාලේ එක්ක ඡන්ද කරන පිරිසක් එක්ක කියලද වදාරන්නේ (නදී)
අපේ හාමුදුරුවනේ, ඡන්දෙ කාලේ විතරක් නෙවෙයි හැම දිනටම පාතාලය එපා නේද. හරියටම හොයල අදාල පුද්ගලයින්ටම ඇගිල්ල දික්කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා! (නදී)
රොටිය කරවෙලාද? ඇයි කෙලින්ම කියන්න බැරි තමන්ගේම පක්ෂෙට. තමන්ගේම පක්ෂේනේ පාතාලයෝ ලංකරගෙන මිනිස්සු මරා ගත්තේ සිකුරාදා, ඒ මදිවට පැයක් යන්න කලින් එ්ක මහින්දගේ එකවුන්ට් එකට දාලා. මදැයි සාකච්ඡා තිබ්බා. සියලු පක්ෂ වලින් ඉල්ලන්න දෙයක් නැහැනේ, තමන්ගේ පක්ෂෙන් ඉල්ලන්න. (නදී)
අදහස හොඳයි ක්‍රියාවෙන්ම පෙන්නුවානම් තමා හොඳ (ම)
හරියටම හරි (නි)
බුදුහාමුදුරුවෝ වැරදි කළ පුද්ගලයාටම ධර්මය දේශනා කරලා තමයි එම පුද්ගලයා යහමඟට ගත්තේ. ඔබවහන්සේත් වැරදි කළ පුද්ගලයාට බණ කිවුවා නම් තමා ගොඩාක් උතුම් වෙන්නේ. (නි)