ඡන්ද දායකයනට විදුලි බල්බ බෙදමින් ගිය බව කියන ආනමඩුව ප්‍රදේශයේ එක්තරා අපේක්ෂකයකු විදුලි බල්බ 41ක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ වන විට මැතිවරණ පැමිණිලි 17 ක් ලැබී ඇති බවත් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ද ගුණසේකර මහතා කීවේය. මෙම පැමිණිලි වැඩිම ප්‍රමාණයක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! එයා විදුලිය පිරිමසන්න පුළුවන් බල්බ ගැන කියලා දෙන්න යන්න ඇති (නි)
දැන් ඉතින් කළුවරේ තමා ජන්ද දායකයන් පස්සේ යන්න වෙන්නේ (ම)
අහම්බෙන් වෙච්ච දෙයක් අනේ.(නදී)