මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ කුඩු ගසන්නවුන් සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි වන බව සනාථ වී ඇති බවත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය තුළින් නිතියේ රැකවරණය සහ රජයේ රැකවරණය බවත් ඇතැම් විට ඔවුන් අධිකරණයේ රැකවරණය පතන බවත් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය කියයි.
එබැවින් අනාගතයේ පාර්ලිමේන්තුවට පිවිස රටට සේවය කිරිමට බලා සිටින අපේක්ෂකයන්ගේ පවිත්‍ර ඡන්ද ව්‍යාපාරය හා චරිතයට ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සහ ලොලින්ගෙන් බේරා ගන්නා ලෙස ද මණ්ඩලය අවධාරනය කරයි.
එසේම නොයෙකුත් ආකාරයෙන් වෙස් වළාගෙන හෝ ඔවුන් පැමිණිය හැකි බැවින් ඒ සඳහා තමන්ගේ මැතිවරණ නිලධාරියකු පත් කර ඔවුන් ගැන සෝදිසියෙන් සිටින ලෙස මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කියන්න එපා. ඕක ගිහින් යු. එන්. පි නායකයට කියන්න. රටම දන්නවා කවුද මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කුඩු ගසන්නවුන් සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි කරගෙන තියෙන්නේ කියලා.(නදී)
මේ දැනුවත්කිරීම හොඳයි (නි)
ඇයි මේ රටෙන් ඔය වසංගතය නැතිකරන්න බැරි? (නි)
රාමන්ගේ අදහස් නිකන් 'ඔක්කොම කණපිට' වගේ. (නි)
අනියමින් හෝ මොවුන්ගේ නම් ව්‍යංගයෙන් හෝ ප්‍රසිද්ධ කරන්න. නැත්නම් අපි කොහොමද දන්නේ....? (නි)
සහෝදර සහොදරියනි, මේ සියළුම දෙනා සාමාන්‍ය ඡන්දදායකයාට හා රජයේ සේවකයාට සුරලොවක් මවා පෙන්නමින් අපායට දොරටු විවෘත කරනවා. තමන්ට මහා පරිමානයෙන් මුදල් වියදම් කරන ධනපති පන්තියට 99.9% දී අපට ලෙවකකා ඉන්න මස් කට්ටක් දෙනවා. අපි ඒක රස කර කර හප හපා ඉන්නවා. මේ තාක් උනෙත් ඒක. වෙමින් පවතින්නෙත් ඒක. මුග්ධ කොල්ලනි, කෙල්ලනි මුළාවෙන් මිදී සැබෑවෙන් නෙත් විවර කර බලාපියව්. අපට සේවය කරන්න පාලනය ඉල්ලා අපට ස්වාමි වරු වී වද දෙන දේශපාලනඥයින් දෙස.(නදී)
ඒ. ජී. විමලසේන සහෝදරයාගේ කතාවට මමත් එකඟයි. (නි)