මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ කුඩු ගසන්නවුන් සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි වන බව සනාථ වී ඇති බවත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය තුළින් නිතියේ රැකවරණය සහ රජයේ රැකවරණය බවත් ඇතැම් විට ඔවුන් අධිකරණයේ රැකවරණය පතන බවත් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය කියයි.
එබැවින් අනාගතයේ පාර්ලිමේන්තුවට පිවිස රටට සේවය කිරිමට බලා සිටින අපේක්ෂකයන්ගේ පවිත්‍ර ඡන්ද ව්‍යාපාරය හා චරිතයට ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සහ ලොලින්ගෙන් බේරා ගන්නා ලෙස ද මණ්ඩලය අවධාරනය කරයි.
එසේම නොයෙකුත් ආකාරයෙන් වෙස් වළාගෙන හෝ ඔවුන් පැමිණිය හැකි බැවින් ඒ සඳහා තමන්ගේ මැතිවරණ නිලධාරියකු පත් කර ඔවුන් ගැන සෝදිසියෙන් සිටින ලෙස මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දේට කුඩු ගාවා ගන්න එපා
රාමා Wednesday, 05 August 2015 01:24 AM
අපිට කියන්න එපා. ඕක ගිහින් යු. එන්. පි නායකයට කියන්න. රටම දන්නවා කවුද මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කුඩු ගසන්නවුන් සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි කරගෙන තියෙන්නේ කියලා.(නදී)
යෝගනාදන් Wednesday, 05 August 2015 02:51 AM
මේ දැනුවත්කිරීම හොඳයි (නි)
අමන්දා Wednesday, 05 August 2015 03:03 AM
ඇයි මේ රටෙන් ඔය වසංගතය නැතිකරන්න බැරි? (නි)
චන්දිම Wednesday, 05 August 2015 04:17 AM
රාමන්ගේ අදහස් නිකන් 'ඔක්කොම කණපිට' වගේ. (නි)
ජයන්ත Tuesday, 04 August 2015 06:40 PM
අනියමින් හෝ මොවුන්ගේ නම් ව්‍යංගයෙන් හෝ ප්‍රසිද්ධ කරන්න. නැත්නම් අපි කොහොමද දන්නේ....? (නි)
සමන් වන්නිආරච්චි Wednesday, 05 August 2015 05:05 AM
සහෝදර සහොදරියනි, මේ සියළුම දෙනා සාමාන්‍ය ඡන්දදායකයාට හා රජයේ සේවකයාට සුරලොවක් මවා පෙන්නමින් අපායට දොරටු විවෘත කරනවා. තමන්ට මහා පරිමානයෙන් මුදල් වියදම් කරන ධනපති පන්තියට 99.9% දී අපට ලෙවකකා ඉන්න මස් කට්ටක් දෙනවා. අපි ඒක රස කර කර හප හපා ඉන්නවා. මේ තාක් උනෙත් ඒක. වෙමින් පවතින්නෙත් ඒක. මුග්ධ කොල්ලනි, කෙල්ලනි මුළාවෙන් මිදී සැබෑවෙන් නෙත් විවර කර බලාපියව්. අපට සේවය කරන්න පාලනය ඉල්ලා අපට ස්වාමි වරු වී වද දෙන දේශපාලනඥයින් දෙස.(නදී)
දේශප්‍රිය Tuesday, 04 August 2015 12:11 PM
ඒ. ජී. විමලසේන සහෝදරයාගේ කතාවට මමත් එකඟයි. (නි)