මහ ජන්දය වෙනුවෙන් ඉකුත් දින කිහිපයේ භාණ්ඩ හා මුදල් බේදා දීමේ සිද්ධි කිහිපයක් උතුර , දකුණ හා නැගෙනහිර පළාත් වලින් වාර්තා වු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.
සමෘද්ධිලාභින්ට රුපියල් ලක්ෂය බැගින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විසින් බෙදාදීමේ සිද්ධියක් ද , රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකදී මහන මැෂින් සහ රුපියල් ලක්ෂය බැගින් බේදා දීමේ සිද්ධින් කිහිපයක් ද වාර්තා වී යැයි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය.
දෙමළ සන්ධානය වව්නියාවේදී පාපැදි ද කයිට්ස් හිදී පොත්පත් ද බේදා දිමේ සිද්ධි වාර්තා වී ඇති බවත් කී ඒ මහතා මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකෝ වෙන්නේ.මේ කාලේදී ලබාගන්න දෙයක් තමයි ඉතිරි වෙන්නේ.(ම)
මේ බෙදන සල්ලි හොරෙන් අච්චු ගහපු ඒවාද කියල වෙනම හොයා බලන්න! මැතිවරණ නීති කවුරුන් විසින් හෝ උල්ලංඝනය කර ඇත්නම් තරා තිරම නොබලා නාම යෝජනා අවලංගු කර දමන්න. මේ වාගේ තක්කඩින් අනාගත පාර්ලිමේන්තුවේ දකින්න ජනතාව කොහොමටත් කැමති නැහැ.(නදී)