‘අද අපි පාර්ලිමේන්තු මැතිවරණයක් අභිමුවේ. හැමෝම එක එක විධියට තමන්ගේ ප‍්‍රචාරක ක‍්‍රියාවලිය පවත්වාගෙන යනවා. කවුරු මොණවා කිව්වත් ලක්ෂ ගණනින් සල්ලි කුට්ට් තමයි මේව අතර තියෙන්නේ. හරියට සුපිරි තරු තෝරන තරඟයක් වගේ. කටවුට් දාලා, ඇඞ්වර්ටයිසින් ෆර්ම් වලට කියලා ලස්සන ෆොටෝ ගහලා, සින්දු හදලා, ඇත්තටම හරිම විනොදජනක විධියට තමයි වැඬේ යන්නේ. ජනතා පැතුම, ජනතාවගේ මිතුරා, රජුන් තැනූ පරපුරෙන් මැති සබයට, වගේ එක එක ආකාරයේ කියුම් තමයි හැම පැත්තෙන්ම අපට පේන්න තියෙන්නේ.‘ යි පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රිමක් අපේක්ෂක සුජිත් කුරුවිට මහතා කෑගල්ලේ දී කීවේය
‘මේ අස්සේ අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට සමාජයට ගේනවා සටන් පාඨයක්, එදා පවුල් - මෙදා හවුල් - රටම අවුල් - සැබෑ වෙනසක් - වමේ බලයක් කියලා. අපි කියනවා මේ රටේ ජනතාවට ඔය විකාර වලට අහුවෙන්න එපා කියලා. ඒ අස්සේ දැන් ටික ටික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළියට දානවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඉදිරියේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එලියට දැමීමට නියමිතයි. බොහෝ විට කියවලා බැලූවට පස්සේ මේ හැම කෙනාම මෙවර අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ අංශ ගැන තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල හරි ලස්සන කතා ලියලා තියෙනවා. ඒවාගේ සාහිත්‍ය හොඳයි. කියවගෙන යන්න ආසයි. හරියට කවි වගේ. සුන්දරයි.
ඒ නමුත් මේ එකකවත් නෑ. අධ්‍යාපනය හා සෞඛ්‍ය ප‍්‍රාග්ධන වුවමණාවන්ගෙන් වෙන් කරනවා කියලා. ඔච්චර වැල් වටරම් ඕන නෑ. මහත්තයෝ අපි අහන්නේ කියන්න. අධ්‍යාපනයට සෞඛ්‍යට මිනිස්සුන්ට ගෙවන්න වෙන එක නවත්තනවද කියලා.
මේක තමයි මේ රටේ මින්ස්සුන්ට තියෙන ප‍්‍රශ්නෙ. ඒ නිසා වටේ යන්නැතිව සබ්ජෙක්ට් එකට එන්න කියලා අපි මේ සියලූ පක්ෂ වලට අභියෝග කරනවා. අපි දන්නවා. ඒ අභියෝගයට මෙයාල සූදානම් නෑ කියලා. ඒ නිසයි අපි මේ රටේ ජනතාවට කියන්නේ වෙනසක් නෑ. සැබෑ වෙනසක් වෙනුවන් කාගෙවත් බලයක් නෙවෙයි ජනතා බලයක් ගොඩනගමු කියලා.‘
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඡන්දෙ හරියට සුපිරි තරු තෝරන තරගයක් වගෙයි‘
සුනිල්-රාජගිරිය Friday, 24 July 2015 07:24 AM
රටක් පාලනය කරන්න දේශපාලන පරිණතභාවය මෙන්ම ඉතා පුළුල් අත්දැකීම් සම්භාරයක් තිබිය යුතුයි. (ම)
පුබුදු Friday, 24 July 2015 07:29 AM
ජයවේවා (බ)
විජයබාහු Friday, 24 July 2015 07:31 AM
අනේ අපි නම් නෑ ජවිපෙට.. එ්ක අමු බොරුවක්. මිනිස්සු රවට්ටන එක තමා කරන්නේ (බ)
ගුණසේකර Friday, 24 July 2015 08:03 AM
දැනට ජවිපෙට දෙමු හොද නැතිනම් ඔබල තෝර ගන්නම් එක්සත් ජාතික පක්ෂය සහ පොදු පෙරමුණ වැඩිකල් පවතින එකක් නැහැ. (බ)
දුමින්ද Friday, 24 July 2015 08:16 AM
ජනතා තීන්දුව සාපේක්ෂව පමණක් නිවැරදිය (බ)
විමල් Friday, 24 July 2015 08:47 AM
පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාගත ලාංකීය අරගලය වෙනුවෙන් දමන්නා වූ පදනම ශක්තිමත් කරමු !! (බ)
තුසිත Friday, 24 July 2015 09:00 AM
මෙන්න ජපුර විශ්ව විද්‍යාලය විනාශ කරපු තවත් චරිතයක්.ඉන්නකන් අනිත් සිසුන්ට නිදහසේ ඉන්න දුන්නේ නෑ මේ පුද්ගලයා. මිරිහාන පොලිසියේ අයිපී තුවාල වුන දවසේ මෙයා අනිත් සහෝදර සිසුන් දාල පාර දිගේ දුවපු විදිහ අද වගේ මතක තියෙනවා. (බ)
සරත් Friday, 24 July 2015 06:57 AM
සැබැ වෙනසක් වෙනුවෙන් ජවිපේ. දිනවමු (ම)
රංජන සිල්වා Friday, 24 July 2015 07:07 AM
ඔව්. මෙවර අපිත් සැබවින්ම වෙනස් වී ජවිපෙට තමා. (බ)
රුවන් Friday, 24 July 2015 07:12 AM
පුළුවන් නම් එක මන්ත්‍රී වරයෙක් පාර්ලිමේන්තු යවල පෙන්නන්න. ඔබේ නායකයෙකු වන සේනාධීර වුනත් දන්නවා බෙන්තර ගෝනගලදී එයට තියෙන ප්‍රතිචර. (බ)