පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සාධාරණ ඡන්දයක් පවත්වන්නැයි බලකරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් උද්ඝෝෂණයක් කළහ.
‘එක්සත් රාජධානියේ මෛත්‍රීට සහාය‘ නම් කණ්ඩායම මෙය සංවිධානය කර තිබුණි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ පොලිස්පති වෙත සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින සංදේශයක් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත ලබාදුන්හ.
මැතිවරණ කොමසාරිස් වෙත ඉදිරිපත් කෙරුණ ලිපියෙන් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය කිසිදු වංචාවකින් හෝ දුෂණයකින් තොරව පවත්වන ලෙසට ඉල්ලා සිටින බව බුද්ධි වීරසිංහ පැවසීය.
එම ලිපියේ පිටපත් පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා වෙත සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙතද යැවෙන බව ඔහු පැවසුවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර නෙමෙයි ගියවරත් වංචා දූෂණ තිබුනෙ නැහැ (නි)
අපිත් එකඟ වෙනවා. සුභ පැතුම් (නදී)
මොනවත් නැතුවට වැඩිය පොඩ්ඩක් හරි තියෙනවා නම් හොඳයි නේ. එ්ක නිසා මේවා විවේචනය කර කර ඉන්නේ නැතුව 8 වෙනිදට රට බේරා ගන්න තීරණය ගන්න. කුඩු කාරයෝ, පගා කාරයෝ එලවලා දාමු. (නදී)
මේ හැමෝම ගැන අපි නම් හොඳට දන්නවා (නි)
සෙනඟ නම් සූ ගාලා... (නි)
කට්ටිය දැන්මම බයවෙලා වගේ. (ර)
සෙනග මදි නේද? විස්සකටත් අඩුයි. හැබෑටම කවුද මේ කස්ටිය. දැකලත් නැහැ, දන්නෙත් නැහැ. කොහේද මෙච්චර කල් හැංගිලා හිටියේ? (නදී)
සංවිධායකයෝ ලන්ඩන් වල කවුරුත් පිළිගන්නේ නැති, නාදුනන පිරිසක් නිසා සෙනග අඩුයි. අවංක, ජනප්‍රිය සැබෑ ක්‍රියා කාරිකයෙකු සංවිධානය කළා නම් ලන්ඩන් වල පාරවල් වහන්න වෙන්නේ. (නදී)
මුස්ලිම් ඡන්ද ටික මහින්දට නොලැබීමට දර්ගා නගරයට කල අපරාදයම ඇති. (නදී)
එහෙ ඉඳලා උද්ඝෝෂණ කළාට වැඩක් තියෙනවද? (නි)
මේ වගේ අය රජකාලෙත් හිටියාලු. (නි)