පසුගිය සිකුරාදා කොටහේනේදී මුදල් ඇමැති රවී කරුණානායක මහතාට ආධාර පිණිස පැවැත්වූ ඡන්ද රැස්වීමේදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි ස්ටේට්ස් පාරේ පදිංචි බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත් බවත් (36) ඔහු යුද හමුදාවේ සේවය නොකළ අයකු බවත් ඔහු ව්‍යාපාරිකයකු බවත් පොලිසිය කියයි.
ජාතික රෝහලේ සිටින තුවාලකරුවන් පස් දෙනා අතර හමුදාවෙන් පැන ගිය පුද්ගලයකු නොමැති බව රෝහල් ආරංචි පවසයි.
ඡන්දයේ පළමු බිල්ල කහවත්තෙන්ද, දෙවැන්න කොටහේනේන්ද, තුන් වැන්න රඹෑවෙන් ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණ එකා "ආමි සම්පත්" නෙමෙයිද ? (බ)
මෙය අන්තර් පාතාල ගැටුමක් වගෙයි මට නම් හිතෙන්නේ.පාතාල සම්බන්ධකම් ඇති දේශපාලකයන්ට විරුද්ධව දැඩි පියවර ගන්න ආදර්ශමත් වෙන්න.මෙම අපරාධ අඩුකරගන්න පුළුවන් වෙනවා. (නි)
තව බිලි කියක් යාවිද දන්නෑ (ම)
මොකද මේ පොලිසිය කියන්නේ ඔහු යුධ හමුදාවේ සේවය නොකළ අයෙක් කියලා? දැන් කවුද කිවුවේ ඔහු එහෙම කළා කියලා? (නි)