සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ගාමිණී සිල්වා මහතා වෙනුවෙන් කැස්බෑවේ ත්‍රිරෝද රථවල ස්ටිකරයක් ඡන්ද නීතියට පටහැනි හෙයින් එම ස්ටිකර අලවා ඇති ත්‍රීරෝද රියදුරන්ට එරෙහි නඩු පවරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළියන්දල පොලිසියට නියෝග කළේය.
ගමට සවියක්-නිවසට එළියක් යනුවෙන් ත්‍රීරෝද රියවල අලවා තිබූ එම ස්ටිකරය පොලිසියෙන් ගලවද්දී ගාමිණී සිල්වා මහතා ඊට විරුද්ධ විය.
පොලිසිය එම කාරණය ඉන්පසු මැතිවරණ කොමසාරිස්ට යොමු කළේය.
දැනටම ත්‍රිරෝද රිය දෙකකින් එම ස්ටිකර ගලවා ඇතැයි පොලිසිය කියයි.
ස්ටිකර නොගලවන ත්‍රීරෝද රියවලට එරෙහිව නඩු පවරන බව ද පොලිසිය කියයි.
මෙහිදී ඡන්ද අපේක්ෂකයාට එරෙහි කිසි පියවරක් නොගන්නා බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණට මෙම නීතිය නැද්ද (අ)
හොද වැඩේ මල්ල උස්සගෙන ......යනවාට. (අ)
පුද්ගලික වාහනයක තම හිතවතෙකුට සහායක් ලෙසින් පොඩි ස්ටිකර් එකක්වත් අලවාගෙන යන්න මුලික හිමිකමක් පුද්ගලයෙකුට නැද්ද?(අ)