අග‍්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් ඇතුළුව මැතිවරණ කටයුතු සඳහා නිල වාහන යොදා ගන්නා අපේක්‍ෂකයින් එම එක් වාහනයක් සඳහා මසකට රුපියල් ලක්‍ෂයක් රජයට ගෙවිය යුතු බව ඇමැති මණ්ඩලය තීරණය කරයි .
ඒ අනුව අග‍්‍රාමාත්‍ය, කථානායක, විපක්‍ෂනායක, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය කථානායකවරයා, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තනතුරට හිමි වරප‍්‍රසාදයක් ලෙස ලැබෙන වාහන සිය අපේක්‍ෂකත්වය ප‍්‍රවර්ධනය සඳහා යොදාගන්නේ නම් මෙම ගාස්තුව සිය අමාත්‍යාංශයට ගෙවිය යුතු බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. ශ්‍රි ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වු මුල් වතාව මෙය වේ.
එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා නිල වාහන යොදා ගැනීමේ දී ඉන්ධන වියදම් ද ඔවුන් සිය පෞද්ගලික මුදලින් දැරිය යුතු බව අමාත්‍යවරයා කීවේය.
මැතිවරණ සඳහා ගුවන්යානා සහ හෙලිකොප්ටර් භාවිතා කරන්නේ නම් ඒ සඳහා වන වියදමද ඔවුන් පෞද්ගලිකව දැරිය යුතු අතර නිල වාහන සඳහා ගෙවිය යුතු ගාස්තු සිය අමාත්‍යාංශයට හෝ පළාත් සභාවටත් ගුවන්යානා සහ හෙලිකොප්ටර් සඳහා වන ගාස්තු අදාළ ආයතනයන්ටත් ගෙවිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
නිල වාහන භාවිතය පිළිබඳ සොයා බලා මෙම ගාස්තු අයකර ගැනීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බව ද ඇමතිවරයා කීවේය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තමන්ට රජයෙන් ලැබී ඇති නිල වාහන භාවිතා කරන අපේක්‍ෂකයින් සඳහා අමාත්‍යාංශවලට ගාස්තුවක් ගෙවිය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවකදී ඇතිවූ එකඟත්වය පරිදි අයකළ යුතු ගාස්තු පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය කළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා කළ යෝජනාවට අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.
හිටපු ජනාධිපතිවරයාටත් මෙම තීරණය වලංගුදැයි මෙහි දී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙම කැබිනට් තීරණය එතුමාට අදාළ නොවන බවයි.
ඒ පිළිබඳව මීළඟ කැබිනට් හමුවේදී මතුකිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත කලින් ජනාධිපති පස්සේ ගියා.දැන් රනිල් පැත්තේ, මුන්ට ඡන්දෙ දෙන හරක් ඉන්නවද ? අකුල් හෙලන ,පාවාදෙන කෙනෙක් . රජයේ සල්ලිවලින් ගමන් යමින් රජයේ මුදල් කාබාසිනියා කරම්න් කියවන හැටි .ප්‍රතිපත්තියක් නැති දේශපාළුවන් සමග යන්න අද (ස) ඉන්න මිනිස්සු සුදානම් නැත .
නියමයි. ඔය විදිහට දිගටම රටේ වෙනවා දකින්න අපි හරිම කැමතියි (නි)
අන්න හොද වැඩක්.(හේ)
ඔය සමහර කට්ටිය දැන් ඉන්න නිවාස වල ලයිට් බිල් වතුර බිල් එහෙම හරියට ගෙවන්නේ නෑ කියල පසු ගිය දිනවල ආරංචි තිබුනේ. පොඩි මිනිස්සු තමයි ආණ්ඩුවට ණය නැත්තේ. ඩිපොසිට් එකක් තියන්න කියල නොකිව්වොත් ඉතින් වැඩේ හබක් තමයි. (ස)
මොකද මෙම තීරණය හිටපු ජනාධිපතිට වලංගු නොවන්නේ , ඔහුත් මන්ත්‍රී අපේක්ෂයෙකු නම් , නිතිය කාටත් පොදු වන්නට ඕනේ , එහෙම නැතිනම් මහින්දට මේ කට්ටිය බයවන බවක් පෙන්නේ , (ස)
හිටපු ජනාධිපතිවරයාටත් මෙම තීරණය වලංගුයි . ඔහුද ඡන්ද අපේක්ෂකයකු මිසක් දැන් හිටපු ජනාධිපති නොවේ.. නීතිය කටත් පොදු විය යුතුය (ස)
යහපාලනය අඩිතාලම මෙහම තමයි වියයුත්තේ , හිටපු ජනපති දැන් මන්තිරිකමට අපේක්ෂයෙක් නිසා දැනට දරණ නිලයට පමණයි මහජන මුදල් දිය යුතු. (ස)
බොහොම හොඳ වැඩක්... (ස)
අර මහින්දට කඩේ යන අයට මේ විදිහ තීරණ ගැන අගයල ලියන්න බැරිද. මොන එකා හරි වැරදි වැඩ කරනවානම් වැරදි ප්‍රතික්ෂේප කරන්න ඕනි නිවැරදි දේ කරනවානම් අගය කරන්න ඕනි රට නිවැරදි මාර්ගයට ගන්න. මහින්ද වැරදි කරන්න පටන් ගත් අවස්ථාවේම ඔහුව රජට අන්දනවා වෙනුවට ඒවාට විරුද්ද බව පෙන්නුවනන් මේ විනාශය සිදුවෙන්නේ නැහැ. (ස)
මහින්ද මහතාට ඔය නීතිය අදාළ නැද්ද? (නි)
එත් ඉතින් මෙයාල මේං කියල සල්ලි දෙයිද ? ඕක නිකන්ම වචන ටිකක් වෙයිද කියලයි මට සැක (ස)
" නිල වාහන භාවිතය පිළිබඳ සොයා බලා මෙම ගාස්තු අයකර ගැනීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බව ද ඇමතිවරයා කීවේය." නියම විහිළුව...අමාත්‍යාංශ ලේකම්ල එහෙම කියනවද...(ස)
මොන බොරුවක්ද? එක ඇමති කෙනෙක් කොචර වාහන පාවිචි කරනවද.. අඩුමගානේ නිල නිවාස වලින් අයින් වෙනවා කිව්වනම් පිළිගන්න තිබුන... මේ ගොල්ලෝ වාහන 10 පාවිචිකරලා එකකට ගෙවයි.. මේවට මිනිස්සුත් රැවටෙන එක නේ පුදුමේ... (අ)
රණසිංහගේ අදහසට මාත් එකගයි. දෙන්නන් කාසි වලට වැඩ කරලා සල්ලි ගන්න පස්සෙන් යන්න වෙයි, පසුගිය ජනාධිපතිවරණය කාලේ හෙලිකොප්ටර් වලට ගිය විශාල මුදලක් තව ම ගෙවල නැහැ කියල පුවත් පත් වල පලවී තිබුනා (අ)