දකුණ, වයඹ හා මධ්‍යම යන පළාත් තුනෙහි අද (13) නාම යෝජනා බාරදීමෙන් පසු ඡන්ද නීති කඩමින් පෙළපාළි යාම වැනි දේ කළ අය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා නීතිපතිට ඉදිරිපත් කරන ලෙස පොලිස්පති එම්.කේ.ඉලංගකෝන් මහතා දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
නීති කඩකළ අය සම්බන්ධව ලබන සඳුදා වනවිට විමර්ශන වාර්තාවක් නීතිපතිට ලබාදීමට එම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පෙළපාලි යන්නෝ බොහොමයක් රැකියා විරහිත පුද්ගලයින්. ඒ අය බලාපොරොත්තු වන්නේ කාටහරි උදව් කරලා පක්ෂපාතී බව පෙන්නා රැකියාවක් ලබාගන්න. ඒක සාධාරණයි. කිසිම ආණ්ඩුවක් තමුන්ට උදව් නොකළ අයට රැකියා දෙන්නේ නැහැ.සුදුසුකම් කොතෙක් තිබුනත් ගමේ සමිතියෙන් ලියුමක් නැත්නම් නම ලිස්ට් එකෙන් කැපෙනවා. විදේශයක ජීවත්වන මම මෙය අත්විඳ තිබෙනවා. (නි)
මෛත්‍රී ජනපති තුමාටත් අපේ නිර්භීත කොන්දක් තියෙන මැකෝ තුමාටත් අපගේ උපහාරය. ඇත්තෙන්ම අද හොරණ සන්සුන්.(නදී)