ආණමඩුව පහළගම ප්‍රජාශාලාවේ වසර 27ක් තිස්සේ පැවැති ඡන්ද මධ්‍යස්ථානය කිලෝ මීටර් දෙකක් ඈතින් පිහිටි තත්තෑව ප්‍රජාශාලාවට රැගෙන ගියේයැයි කියමින් පහළගම සහ කරබෑලන්ද ඡන්ද දායකයෝ 600ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.
පහළගම සහ කරබෑලන්දේ 1300 පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ. නමුත් අද ඡන්ද ප්‍රකාශ කළේ 540 දෙනකු පමණක් බව කරබෑලන්ද ඡන්ද මධ්‍යස්තානයේ ප්‍රකාශකයෙක් කීය.
පහළගම ප්‍රජාශාලාව අසලට ආ එම පිරිස ඡන්ද පත්‍රිකා ඉරා දමමින් සිය විරෝධය දැක් වූහ.
ඡන්ද නාමලේඛනය ගැසට් කරද්දි පැරණි මධ්‍යස්ථානය අලුත්වැඩියා කරමින් තිබූ නිසා නව මධ්‍යස්ථානය තෝරාගත් බව පුත්තලම තේරීම් බාර නිලධාරී ක්‍රිංස්ලි ප්‍රනාන්දු මහතා කියයි.
රුපියල් ලක්ෂ 47ක් වැයකර ප්‍රජාශාලාව අලුත්වැඩියා කර තිබියදී මෙම ඡන්ද මධ්‍යස්ථානය තෝරා නොගත්තේ ඇයි දැයි ගැමියෝ අසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද වර්ජනය කළ ගැමියන්ට උපහාරය. ඡන්දෙ දුන්නත් නැතත් පත් වෙන්නේ වැඩකට නැති අය නේද? (නි)
විරෝධය දක්වන්න තිබ්බේ කලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට. ඡන්දය දවසේ කරන එකේ තේරුමක් නැහැ නේද ? (නි)
ඡන්දය දෙන මද්‍යස්ථානය වෙනස් කළා කියලා විරෝධතා දක්වලා ඡන්දෙ නොදී සිටීම විහිළුවක්.තැන කොතන වුනත් ඡන්දය කියන එක ජනතාවට තමන්ගේ ජීවිතයට වටිනා දෙයක් නම් වැදගත් දෙයක් නම් කොතැනට හරි ගිහිල්ල දෙන්න ඕනෑ. ඡන්දයෙන් සත පහක වැදගත් කමක් නැහැ කියලා තමයි මේ සිද්ධියෙන් ඔප්පු වෙන්නේ... (නි)
දුන්නත් නැතත් ඔහෙලට නම් වැඩක් වෙන්නේ නැහැ. ඉතිහාසය මතක් කරගන්න (නි)
ඒකෙන් පෙනෙන්නේ ගැමියෝ නිදහස බුක්ති විඳිනවා කියලා ,..එයාලට දැන් යන පාලනය මාරු කරන්න තරම් ප්‍රශ්නයක් නැහැ කියලා නිදසුනක් තමයි මේ (නි)
බුදු අම්මෝ .. ඕක හදන්න ලක්ෂ 47 ක් ගියාද ? මට නම් ලක්ෂ 20 ක් වත් ගිය බවක් පෙනෙන්නේ නැ..(අ)
බුදු අම්මෝ ප්‍රජා ශාලාවකට ලක්ෂ 47ක්! අපේ පැත්තේ පාසලකට වත් එච්චර දෙන්නේ නෑ. (නදී)
අනේ! මුහුණු වල සතුටයි, සිරියාවයි පිරිලා ඉතිරෙනවා. හරියට මොන්ටිසෝරි ළමයි ට්කක් සෙල්ලම් කරන්න සෙල්ලම් පිට්ටනියට දැම්ම වගේ. (දී)
මෝඩ මිනිස්සු .....(අ)
ඔහොම යන් ඔහොම යන් හෙන ගහනවා මේ කරන අපරාද වලට ඡන්දඅයිතිය නැති කෙරීම බලවත් අපරාදයකි (අ)
අපේ මිනිස්සුත් දැන් පොඩි දෙයකටත් උද්ඝෝෂණය කරන්න පුරුදු වෙලා.හරිම ආඩම්බරයි. (නි)
අපේ ඇයො නුවමනා දේවල් වලට කෑ ගහනවා, මේ රට ගිහින් දුක් විදින ගැහැණු වෙනුවෙන් මේ වගේ හඩක් නගපල්ලකෝ, ගැනු රට යවල පර්ලිමෙන්ට් කට්ටිය සැප ගන්නවා, අපේ ඇයො මෙහෙ අප දුක් විදිනවා මෙදපෙරදිග යන ගැනු හැමදාම දුකේ, ලංකාවේ ගේක වැඩට ගියානම් මොකද (අ)
මෙන්න නියම කට්ටියක්.හැමෝම බලාගන්න.වැඩක් කරගන්න මිනිසුනේ තමන්ගේ. ලැජ්ජාවක් කියලා එකක් නැද්ද.? (නි)
ඡන්ද අයිතිය ඉතා වැදගත් වටිනා අයිතිවාසිකම්. එය පාවිච්චි නොකර සිටීම බලවත් අපරාධයක්.එහෙත් තෝරලා යවන්න තරම් අය ඡන්දය ඉල්ලා නැත්නම් මෙහෙම හොඳයි. (නි)