මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට මාරු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
බස්නාහිර පළාත් ඡන්යේ සියලු අපේක්ෂකයන්ගේ නීති විරෝධී කටවුට් පොස්ටර් ආදී ප්‍රචාරක දැන්වීම් පෙර දින රාත්‍රියේ ඉවත් කළ බවත්, ප්‍රබල දේශපාලනඥයකුගේ ඡන්ද පෝස්ටර ද ඒ අතර වූ බවත් ඔහුගේ බලපෑම මත ස්ථානාධිපති මාරු කරන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රජයේ නිලධාරීන් මාරු නොකරන නමුත් අවශ්‍යතා මත මැතිවරණ කොමසාරිස්ගේ අනුමැතිය මත එවැනි මාරු කිරීම් කළ හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.
එවැනි මාරු කිරීම් ගැන මහජනයාගෙන් පැමිණිලි ලැබෙතොත් ඒ ගැන ද මැතිවරණ කොමසාරිස් විභාග කරනු ඇතැයි ද දැනගන්නට ඇත.
ලුඩොවයික් මහතා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කර මාස තුනක් පමණ වන අතර කෙටි කාලයක් ඇතුළත කසිප්පු ආදී වැටලීම් රාශියක් සිදු කර ප්‍රදේශයේ නීතිය හා සාමය රැකීමට පියවර ගත් බව බොහෝ වැසියෝ කියති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිට මේ වන තෙක් මාරුවක් ලබා දී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පණිවිඩය නිවෙරදි නම් මේක පී ආර් ගේ වැඩක්. ලුඩවයිඩ් ගේ වැරදි දේවල් තියනවා නමුත් ඒවා පුද්ගලික දේවල්. රාජකාරියේදී මොහු තාත්තටවත් වැරදි වලදී නිදහස දුන්නේ නැ. හොද නිලදාරියෙක්.(නදී)
සොනාලි...ඔබගේ "යතාර්ථය" නිවැරදි යතාර්ථය නොවේ. රටේ සිහි නුවනින් ජීවතවෙන ඕනෑම කෙනෙක් නිවැරදි යතාර්ථය පැහැදිලිව වටහාගෙන ජීවත්වෙනවා. ලංකාවෙ කිසිම පාලක පක්‍ෂයක් සාධාරනව මැතිවරණ පවත්වන්නෙ නෑ.... පුලුවන් නම් පාර්ලිමේන්තුවෙ රහස් ඡන්දයක් තියල බලන්න.(නදී)
ලුඩොවයික් මහතා ඉතා හොඳ නිලධාරියෙක්. මෙතුමා ආචාරශීලී කාරුනික දක්ෂ පුද්ගලයෙක්. මෙවැනි නිලධාරීන් ලංකාව වැනි විනයක් නොමැති රටවලට වටින්නේ නැහැ. (නදී)
මා දන්නා පරිදි ඔබ නම් ටිකක් අවංක නිලධාරියෙක්.(නදී)
ප්‍රධාන පොලිස් පරික්ෂක ලුඩවයිට් මහතා ලංකාවට අවශ්‍ය ඉතා දක්ෂ අවංක නිලදාරියෙක්. (නදී)
මේවට තමයි කියන්නේ බල්ලා රට ගියා රට බල්ලට ගියා කියලා. අපේ රටේ දේශ පාලනය කරන අය පහල සිට ඉහලට කරන්නේ නිතිය ක්‍රියාත්මක කරන අයට බලපෑම් කරනෙක විතරයි. මේ විදියට රටට පොලිසිය අවශ්‍ය නැහැ. ඒකත් ඔය පළාත් සභාවට දුන්නනම් ඉවරයි. දැනුත් ඒකේ වෙනසක් නැහැනේ.(නදී)
මේක ලංකාව, දැනට නිතිය නැති රටක්නේ. අනාගතයෙදිවත් නීතිගරුක රටක් වේවා කියා ප්‍රර්ථනා කරනවා. (නදී)
දේශපාලකයෝ කියනේ මහජන නියෝජිතයෝ. දේශපාලකයන්ට අවශ්‍ය පරිදි ඉන්නවා කියන්නේ මහජන මතයට ගරුකරන එකයි. දේශපාලඥයාගේ කීම නාහන කෙනා මහජන මතයට පිටුපාන්නෙක්. ජනසම්මතවාදයට පටහැනිව කටයුතු කරන්නෙක්. දේශපාලකයා මොනවද කියන්නේ ඒක කරන එකයි මහජනතාවගේ පරම පැතුම. එය වටහා නොගත් නිලධාරීන් තුලින් මෙවැනි වැරදි සිද්ධ වෙනවා. ඉතින් ඒ අයට දඬුවම් ලැබිය යුතුයි. දීපල්ලකෝ උත්තර.(නදී)
මමත් මෙතුමාව දන්නවා, කොන්ද කෙලින් තියෙන නිලදාරියෙක්, රට වටේ පොලිස් ස්ථාන 60 ක සේවය කරලා දැන් මාරු කරන්න තැනක් නෑ. කලින් වැල්ලම්පිටිය පොලිසියේත් වැඩ කලත් ආයිත් එන එක නම් සතුටුයි... හැබැයි කි දවසක් ඉන්න දෙයිද දන්නේ නැහැ.(නදී)
මෙතුමා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිය විගසම කලේ දේශපාලන බලවතාගේ පින්තුරය ගලවා දැමීමයි. පොලිස් ස්ථාන 60 කට මාරුවීම් ලබා මිනුවන්ගොඩට පැමිණිය මොහොතේ ඔහුගේ පුද්ගලික බෑගය මේසය උඩ තබාගෙන සිටියේ ඊළගට ඕනෙම පොලිස් ස්ථානයකට යන්න ලෑස්ති පිටයි. (නදී)
මංගල ඔබ හරියටම හරි. කල්පනා කරන්න මොළ නැති එක තමා ප්‍රශ්නේ. (නදී)
පගාවක් ගහල පන්දමක් අල්ලාගෙන ඉන්නේ නැතුව රට හදන්න ගියාම ඔහොම වෙනවා.(නදී)
මෙයට දී ඇති ප්‍රතිචාර වලින් පැහැදිලිවෙනවා ජනතාව පොලිස් විරෝධී මානසිකයකින් නොඉන්නා බව. මේක සුභ ලකුණක්. දුෂිත දේශපාලඥයන්ට සේවය කරන්න ගිහිල්ල ජනතාවට හතුරුවූ පොලිස් නිලධාරීන් හැරෙන්න බොහෝ නිලධාරීන් අවංකවම සේවය කරන්න උත්සාහ කරනවා. මෙවැනි නිලධාරීන් රැකගන්න ජනතාවට යුතුකමක් තියෙනවා.(නදී)
තරුණ පොලිස් නිළධාරීන් ආදර්ශයට ගතයුතු මහත්මයෙක්. නීතිය නම් නීතිය කොල්ලාටත් එකයි බල්ලාටත් එකයි. ජෝන් කොතලාවල මහත්තයා වගේ තමයි, ස්ථානමාරු තඹයකට මායිම් නොකර රාජකාරිය අකුරට කරන නිළධාරියෙක්. කොහේ දැම්මත් පොලීසියකට මිසක් තැපැල් කන්තෝරුවකට යවන්න පුළුවන් කමක් නැහැනේ. (නදී)
තව මාස තුනකින් යාපනයට මාරු කරනවා. එකට හේතුව කසිප්පු අල්ලපු නිසා.(නදී)
චන්දෙන් පස්සේ මොනවා වෙයිද කාට කොහොම කියන්න පුලුවන්ද (දී)
මංගල වෙන අවංක පක්ෂයක් හදන්න හොඳ මිනිස්සු එක් වෙන්නේ නැත්තේ ඇයි? දැන් තියෙන ඔක්කොම මහා අනතුරු. රටේ අවාසනාවද මිනිස්සු සමගි නැත්තේ ? එහෙම නැත්නම් කෑමවල විස නිසා මොළ විකුර්ති වෙලාද? එහෙම වෙනවා කියලා යු ටියුබ් එකේ තිබුනා. (නදී)
මේක උඩුගම්පොළ බලවතාගේ වැඩක් නේද? (නදී)
මීට වඩා හොඳින් කොන්ද කෙලින් තියාගෙන වැඩ කල ප්‍රියන්ත ජයකොඩි මහත්තයා දැන් හැමෝටම අමතකයි වගේ නේද ? එතුමත් රට දාල පනත් බේරාගෙන ඔස්ට්‍රලියාවට පැනගත්තා. අපේ මෝඩ දුර්ජන දෙසපාලුවන්ට පින්සිද්ද වෙන්න.(නදී)
මේවට වග කියන්ඩ ඕනේ ගෝනි බිල්ලෝ.(නදී)
දැන් කෝ ඔය අපක්ෂ පාතිපොලිස් ලොක්කෝ, මොනවා උනත් තවත් පොලීසියකට මිසක් පොස්ට් ඔෆිසියකට දාන්න බැහැ. (අ)
ලුඩවයිට් මහත්තයා කුඩුවයිට් කෙනෙක් වෙලා හිරේ යාවි වගේ? කේන්ද්‍රය බලවාගත්තොත් කෝකටත් හොදයි මහත්තයෝ?(නදී)
දේශපාලුවන්ට පන්දම අල්ලන්නේ නැතිව සේවය කරන නිලදාරින්ව රැක දෙන්න යි අද කියන්න වෙලා තියෙන්නේ. (නදී)
දෙවියනි ඔබ කොහිද? ....ජනපති ඔබ කොහිද? (නදී)
මා හොදින් හදුනන මගේ 45 වියැති ජීවිත කාලය තුල හමුවූ හොදම අපක්ෂපාති නීතිය හා යුක්තිය පිළිබද මනා අවබෝදයක් හා හොඳ කොන්දක් තිබෙන නිලදාරියෙක් . මෙතුමාව "හොද කොන්දක්" තිබීම හේතුවෙන් මීට මාස කීපයකට ප්‍රථම කටුනායකින් මිනුවන්ගොඩට මාරුකලා. අහන්න මිනුවන්ගොඩ ජනතාවගෙන් ඔහු මේ මාස කිහිපයට කල සේවාව. කාලකන්නි දේශපාලුවන් මෙතුමාගේ මවිලයක් තරම්වත් නොවටී. නීති පොත්වල වගන්ති මෙතුමාට කටපාඩම්. ඔබතුමා පොලිස් දෙපර්තුමෙන්තුවටම ආදර්ශයක්. (අ)
මේ මහතා පොලිසියේ ඉතා නීතිගරුක නිලදාරියෙක් .මෙවන් නිලදාරීන් රැකගැනීම ඉහල නිලදාරීන්ගේ වගකීමක් . (දී)
මමත් මෙතුමාව දන්නවා, කොන්ද කෙලින් තියෙන නිලදාරියෙක් වටේම කසිප්පු, හොර කන්, හෙල්මට් නැති බයික් දිගටම ඇල්ලුවා. මෙය මාරුවීම් වලට ලැස්ති කෙනෙක් රට වටේ පොලිස් ස්ථාන 60 ක සේවය කරලා දැන් මාරු කරන්න තැනක් නෑ. අපි බලමු මොකෝ වෙන්නේ කියල. (නදී)
අක්ෂි. ඔබට මම පිළිතුරක් දෙන්නම්. "හොඳ අවංක මිනිස්සු එකතුවෙලා අලුත් පක්ෂයක් හදාගන්න බැරි ඇයි" කියලයි ඔබ මංගලගෙන් අහන්නේ නේද? ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම රටක දේශපාලන පක්ෂයක් බිහිවෙන්නේ කාගේවත් උවමනාවකට නොවෙයි. එහෙම පුද්ගලික උවමනාවට හදාගත්තු පක්ෂ සියල්ලම පාහේ අද ආගිය අතකවත් නැහැ. නැත්නම් කාගේ හෝ ලොකු පක්ෂයක සෙවන යටතේ වැනෙනවා. රටකට දේශපාලන පක්‍ෂයක් බිහි වෙන්නේ ඒ රටේ ජනතාවගේ "පරම" පැතුම තුළිනුයි. ලංකාවෙන්ම උදාහරණයක් ගත්තොත් එකල එ.ජා.පක්ෂය ගැන මහජනයා කලකිරුණු නිසයි ශ්‍රී.ලං.නි.පක්ෂය බිහි උනේ. එදා ජනතා කැමැත්තද මැතිවරණයේදී පෙන්නුම් කළා. ජවිප ය බිහිඋනේ එය ජනතා සිත් තුලට "එදා" ඇතුළු වූ නිසයි. විජයානන්ද දහනායක මහතා බිහිකළ පක්ෂය සුළු කාලෙකින් කඩා වැටුණා. ඒ නිසා අක්ෂි ඔබ දැන් තේරුම් ගන්න මේ රජයට එහා තවත් එකක් තෝරාගන්නට මිනිසුන්ට තවම උවමනාවක් ඇතිවෙලා නැහැ. ඒ වගේම මේ රජය එලවන්න විදේශ වලට උවමනා වෙලා තිබුණට අපේ රටේ ජනතාවගේ බහුතරයකට එහෙම උවමනාවක් නැහැ. මම රජයට පක්ෂව කිවා නොවෙයි. යතාර්ථය ඒකයි අක්ෂි . (නදී)
දැක්ක නේද නිතිය ක්‍රියාත්මක කරන්ඩ ගියාම වෙනදේ. මේකද රටේ නිතිය කියන්නේ...(නදී)
දේශපාලන එහියන්ට මිස ,කෙලින් වැඩ කරන නිලදාරින්ට ආස්චර්යයට මොකටද යනවා යි කියන මේ රටේ ඉඩක් නැත.දෙවියනි ඔබ කොහිද.(නදී)
මේ ලංකාව නේ..! (නදී)
ප්‍රධාන පොලිස් පරික්ෂක ලුඩවයිට් මහතා ලංකාවට අවශ්‍ය ඉතා දක්ෂ අවංක නිලදාරියෙක්. මෙවෙනි නිලදාරීන් ආරක්ෂා කිරීම සියලුම රටවැසියන්ගේ පරම යුතුකමක්.(නදී)
මෙතුමා නියම මහත්මයෙක්. කටුනායක සේවය කරන කාලේ එම ආසනයේ හිටපු "දේශපාලන බලුවතා" මෙයාව මාරු කළා. කොහාට මාරු කළත් ලංකාව ඇතුලේ නේ. මෙවන් උතුම් නිලදරුවන්ට පොදු ජනතාවගේ ආශීර්වාදය නිතැතින්ම ලැබෙනවා. අපට පෙනෙන හැටියට නම් ලුඩොවෛයිට් මහත්තයට වැල්ලම්පිටියෙත් කොපමණ කලක් ඉන්න ලැබෙයිද දන්නේ නැහැ. ඉහත කී මාරු කිරීමට සම්බන්ධ කාඩ දේශපාලකයින් ඉන්න රටේ පොදුජනතාවට දෙයියන්ගේම පිහිටයි.(නදී)
දැන් ඉතින් බලාගෙන ඉම්මු මැකෝ තුමා ගේ වැඩ. එතුමා කිවා කියල අපි පත්තරේ නම් දැක්කේ ඡන්ද නීතිය එතුමා නීතියට අනුකුලව තදින්ම ක්‍රියාත්මක කරනවා කියලා. දැන් බලාගන්න පුළුවනි එතුමා ඇත්තමද කිව්වේ කියලා.(නදී)
කෙටි කාලයක් තුළ එවැනි දේවල් කළ හොඳ නිලධාරියෙක්ව කොළඹ තදාසන්නයට අවශ්‍යව ඇති. කොළඹට ගන්න ගොඩක් පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලැබෙනවා කියල මම නම් අහල තියෙනවා. මොකද වෙන්නේ කියල බලා ඉන්න තමයි වෙන්නේ. (නදී)
මේකත් අර අසරණයාගේ වැඩක් නේද ? (නදී)
ඕක තමයි ලංකාවෙ නීතිය. මේ නීතිය වෙනස් කරන්න නම් ප්‍රධාන පක්ෂ වලට නැතිව වෙන පක්ෂයකට ඡන්දෙ දෙන්න. 1948 ඉදලම තට්ටු මාරැවනෙ කාලේ. මේ පාරවත් මොළේ කල්පනාකරන්න. (නදී)
දේසපාලුවන්ට පන්දම් අල්ලගෙන ඉන්නේ නැතුව වෙන වැඩ කරනවට හොද පාඩම් .(නදී)