වයඹ පළාත් සභා ඡන්දයේ මධ්‍යස්ථානයක් වූ පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහල් ශාලාවක තිබී ලකුණු කළ ඡන්ද පත්‍රිකා අඩංගු ගෝනි දෙකක් අද සොයා ගැනීමත් සමග පරාජිත අපේක්ෂකයන් ද සිය ගණනක් මහජනයා ද එහි රැස්වීමත් සමග එහි කළබලයක් ඇති විය.
එහි පැමිණි පුත්තලම දිසාපති හා තේරීම් භාර නිලධරයා වූ කිංස්ලි ප්‍රණාන්දු මහතා සහ සහකාර මැතිවරණ නිලධාරී සුමිත් චන්දන මහතා පැවසුවේ ඡන්ද ගණන් කිරීමෙන් පසුව මළු වලට ඇසිරූ ඡන්ද පත්‍රිකාවලින් ගෝනි දෙකක් රැගෙන යෑමට අමතක වී ඇති බවයි.
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ප්‍රණාන්දු මහතා එහ ස්ථානයට පැමිණ සිටියහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද, එක්සත් ජාතික පක්ෂයේ ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පරාජිත අපේක්ෂකයෝ එහි පැමිණ සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ.
(ඡායාරූප කැෆේ)
(ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ)
(ඡායාරූප එච් චන්දන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරිගේ මනාප ගොඩට ප්‍රශ්නයක් වෙයිද? (නි)
කිවුවා නේද අසවල්තුමා වැරදුනොත් ගෙදර යනවා කියලා. (නි)
කලබල වෙන්න එපා මිනිසුනේ ඔය දෙක වෙනුවට වෙන දෙකක් එකතු කරන්න ඇති (අ)
චන්ද ගනන්කරන්නේ චන්ද මද්‍යස්ථානේද අනේ මාළු (අ)
අපේක්ෂකයන් පරාජය කරන්න කරපු ජිල්මාර්ට් එකක් වගේ (නි)
මෙවැනි අවස්ථාවක නොසැළකිලිමත්කම පිළිගන්න බැහැ. ඒ එක්කම කිව යුතුයි, හැම කෙනාටම මේ වගේ හැසිරෙන්න දෙන්න බැහැ.වරදක් ඇත, එය වැදගත් ක්‍රමයකට විසදන්න ඒ කාර්ය බාර අයට ඉඩදෙන්න. (නි)
ඊළග ඡන්දෙට පරිස්සම් කරලා අරගෙන තියාගත්තා නම් හරි (නි)
චන්ද ගණන් කරන මධ්‍යස්ථානයක කීදෙනෙක් ඉන්නවද ? එක්කෙනෙකුටවත් නොපෙනුණු එකනේ පුදුමය. (නි)
ගණන් කළා කියලා අත්සන් කරලත් තියෙනවනේ. ඉතින් තව මොනවද තර්ක කරන්නේ. සමහරවිට විපක්ෂෙ ඡන්දෙ ගණන් කරපු කෙනෙක් හිතලම මේක තියලා ගියා වෙන්න පුළුවන්. (නි)
මේක ලංකාව හන්දා ගණන් ගන්න එපා. (ස)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
කනගාටුයි කියන්න. පැන්ෂන් එකවත් නැතුව ගෙදර යන්න වෙයිද මන්දා .?
ඔය වගේ දේවල් සාමාන්‍යෙයන් වෙනවා නේ. හැම ඡන්දයකම අවුලක් නැහැ. කොච්චර ගැන්නත් වැඩක් නැහැ. දයාසිරිව අල්ලන්න ලැබෙන්නේ නැහැ.(නදී)
එක්කෙනෙක් පටන් ගත්තා "මට දැන් මතක නැහැ" කියලා කියන්න. දැන් හැමෝම කරනවා. අමතක වීම නිදහසට කරුණක් නොවේ. (නි)
මෝඩ අදහස් ඉදිරිපත් කර කාලය නාස්ති නොකරන්න. (නදී)
ඉන්දික, අත්සන් කරලා තියෙන කෙනා පෞද්ගලිකව අඳුනනවද? හොඳටම විශ්වාසද මේ අත්සන ඒ අවස්ථාවේ ඡන්ද ගණන් කිරීමට භාරව හිටපු නිලධාරියෙක්ගේ කියලා? (ස)
අර ඒ දවස් වල හිටපු මහතා නම් ඔහොම සාක්කි ඉතුරු කරේ නැහැ.(නදී)
ගණන් කලාට පසුව මොන කෙහෙල් මලකටද ඕවා.(නදී)
නඩුත් අමුදුරුවගේ බඩුත් හාමුදුරුවන්ගේ කවදාවත් මේ රටේ නියම ජනමතයක් දැනගැනීම හීනයක්. ඔය තරම් අමතක වෙන්නේ මිනිස්සු ගණන් කරපු නිසා. හිතා ගන්න පුළුවන් කොච්චර සාදාරන ප්‍රතිපලද කියලා.(නදී)
ඡන්ද ගණන් කිරීමෙන් පසුව නිසා අවුලක් නැහැ. ජන්ද ගණන් කිරීමට පෙර මේවා තියෙන්න ඕනේ ප්ලාස්ටික් විනිවිද පෙනෙන පෙට්ටි වලනේ. මේ ලිපි අපද්‍රව්‍ය නිසි පරිදි මැතිවරණ දෙපාර්තුමේන්තුව විසින් ගිනිතබා විනාශ කරන්න ඕනේ හරියට විභාග දෙපාර්තුමේන්තුව උත්තර පත්තර අපද්‍රව්‍ය ගිනි තියෙනවා වගේ.(නදී)
රකිත්, ඔයා පිළිගන්නේ ඔයා අඳුරන අය අත්සන් කරපුවා විතරද ?? (ස)
ඇතටම මෙම සිදුවීමට නොයෙක් අය විවිධ අදහස් ප්‍රකාශ කරනවා.කොහොම උනත් ඇත්ත එළි වෙනකන් අපි ඉවසන්න වෙනවා ,කාටවත් අසාධාරනයක් වෙලා නැති වෙන්නත් පුළුවන්නේ. (ස)
රෑ නිදි මරල උදේ නිදි මරගාතෙ දාල යන්න ඇති.(නදී)
බබලානේ මල්ලටද ඡන්දය දැම්මේ බැලට් බොක්ෂ් එකට නෙමෙයිද?(නදී)
රාළහාමි නහය වහගෙන ඉන්නේ වැඩේ ගඳ හින්දා වෙන්න ඇති. (නි)
නැහැ ඉන්දික. මේ අත්සන දැන් මට ඔබ ඉදිරිපිට ගැසිය හැක. අපේ රටේ සමහර මහත්වරු කරන බොහෝ දේවල් මා ඇස් පනාපිට දැක ඇත. ඔබ නොදැක ඇතැයි මා නොසිතමි. ඒ නිසා යමක් දුටු පමණින් විශ්වාස නොකරනු මැනවි. මන්ද මේ ආසියාවේ ආශ්චර්යය නිසා. හැම දෙයක්ම ඉතාමත් ආශ්චර්යජනකයි. (නි)
හරි හරි ..සත්යෝ,සත්‍යපාල මහත්තයෝ,අජිත් මහත්තයෝ..ඔයාලගේ හිතේ අමාරුව නොතේරෙනවා නෙමෙයි.අපි නොදන්නා මිනිස්සු නෙමෙයිනේ.එසැන පුවත් වල අදහස් දාන බහුතරයගේ මතය රටේ මිනිස්සුන්ගේ මතය නෙමෙයි කියලා අපි කිව්වනේ... ඡන්ද පෙට්ටි ගේන එක ඡන්ද ගණන් කරන එක සැම පක්ෂයක්ම නිරීක්ෂණය කරනවනේ..කොහෙන්වත් දෝසක් ඇවිත් නැහැනේ..ගණන් කරපු ඡන්ද ඉවත් කරන පිළිවෙලක් ඇතිනේ..ඒක කරන්නේ මැතිවරණ නිලධාරීන්..එතැනදී වුනු නොසැලකිලිමත්කමක් කියලා මේක පැහැදිල්යි මොලයක් තියෙන එවුන්ට නම්..තුත්තිරි ගහෙත් එල්ලිලා පරාජයේ ලැජ්ජාව වහ ගන්න හදන පුත්තලම් බුරුවො සද්දේ දැම්මට කවුද අප්පා ඕව ගණන් ගන්නේ.. (ස)
රකිත්, තව ටිකක් කල්පනා කරන්න. මේවා ගණන් කරන්ට ඉස්සර පත්‍රිකා නම් මෙහෙම මුල්ලක තියල යනවද. අහු නොවෙන්ටනේ හොරයක් කරන්නේ. මෙය ගණන් කරපුව. කලබල නොවී ඉම්මු.(අ)
ඔය ඉන්න මූනු ටික නම් ගෝනි දහයක් අමතක වුනත් ෂුවර් එකටම පරදිනවා.(නදී)
ඔහොම තමයි ඉතින් දිනන්නෙ..... (ස)
දැන් තියන ඡන්ද 1980-90 කාලේ තියපු ඡන්ද එක්ක බැලුවම 100% හොඳයි. මොකද ඒ දවස් වල අපේ තාත්තලා ඡන්ද වැඩ වලට ගිහිල්ල වෙච්ච දේවල් අපිට කියලැ තියෙනවනේ. අනිත් එක මේ ගණන් කරන ඒවා ආණ්ඩු පක්ෂේ අය විතරක් කරන වැඩක් නෙවේ. හැම පක්ෂේකම අය ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා ඇත්ත තත්ත්වේ. ඒකනේ ඒවාට ගිය අය මේ වගේ මෝඩ කතා කියන්නේ නැත්තේ. (ස)
සුබ අනාගතයක් මෝඩ ඡන්ද දායකයන්ට.(නදී)
පේනවා නේද වංචාව? (නි)
රකිත්, ඇත්තටම මෙහෙ වෙන දේවල් ආශ්චර්යය ජනකයි. බලන්න අලියට සීනුවට වෙච්ච දේවල්. ආශ්චර්යය ජනකයි නේද !!! (ස)
මැකෝ ගේ අමාරුව දැන් සනීප වෙයි. ඇයි එයා කියන්නේ ඉතා සාධාරණ ඡන්දයක් කියලානේ. (නදී)
කව්ද අර මේස උඩ නැගල දගලන චන්ඩි ....මේක අත් වරදීමක්නේ අනිත් එක ගණන් කරල ඉවර උණු ඒව නේද...අනිත් එක පැරදිලා තියෙන්නේ පරාද වෙන්න ඕනම කට්ටියනේද ..(නදී)
පද්මිණි, මුල්ලක යමක් තියන්නේ අහු වෙන්නද? අහු නොවෙන්නද? (ස)
හා හා එංගලන්තේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)
මිනිසුනේ මේවා ගණන් කරලා අවසන් වෙලා ගෝනි වලට දාපුවා.මේකට මෙච්චර උඩ පනින්න ඕනෑ නැහැ.කොහොමත් පුත්තලමේ ඉන්නේ අර කියන කට්ටියනේ. (නි)
මේ සිද්ධියේ පුර්ණ වගකීම ගණන් කිරීමේ මධ්‍යස්ථානය භාරව සිටි සහකාර තේරීම් භාර නිලධාරියා විසින් භාර ගත යුතුයි. රාජකාරිය සිතා මතා පැහැර හැර ඇති බවට කෙනෙකුට උපකල්පනය කළ හැක. (නි)
ඉන්දික, අන්න ඔබට වලිගෙ පෑගිලා. අලියෙක්, සීනුවක් ගැන මා කතා කළේ නැහැ. මා අලියාටවත්, සීනුවටවත්, බුලත් කොලේටවත්, හංසයාටවත් කඩේ යන කෙනෙක් නෙමෙයි. හුදෙක්ම රටවැසියෙක් පමණයි. (නි)
පද්මිණි, ඔබ ගෙදර යමක් හංගන්නේ ගේ මැද සාලේද? නැත්නම් මුල්ලෙද? (ස)
ගණන් කලාට පස්සේ ඡන්ද පත්‍රිකා ගෝනි වලට තමයි දාන්නේ. මේවයේ මොකක්ද තියෙන වටිනාකම. කට්ටිය කොමෙන්ට්ස් දාලා තියෙන්නේ මුළු මැතිවරණ ප්‍රතිපලයම ගෝනි දෙක ඇතුලේ තියෙනවා වගේ. අනේ පව් ..සත්‍යගේ බිදුණු සිහින ගෝනි දෙකක් තුල සිරවී ඇත. අනේ අම්මප සත්යෝ කව්ද හැබැටම ඔය නම දැම්මේ..අම්ම තාත්තනම් වෙන්න බැහැ..වයඹ ඡන්ද පත්‍රිකා උතුරු මුදෙන් මතු වුනා කිව්වනම් ඔන්න සත්‍ය ඇත්තක් කිව්වා වෙනවා..(නදී)
ඕක ආසියාවේ ආශ්චර්ය වෙන්න ඕන...(නදී)
මේකත් ජාත්‍යයන්තර කුමන්ත්‍රනයක් ද? (නි)
මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතුය. (නි)
ඉන්දික, අලියට, සීනුවට වෙච්ච දේවල් ඔබට ආශ්චර්යයක් වුනාට මට නම් එහෙම නැහැ. මොකද කලින්ම ඔවුන්ට වෙන දේ ගැන මා දැනගෙන හිටියා. (ස)
අනේ මන්දා මොනවද කියලා මේවා (නි)
නිදහස් හා සාධාරන මැතිවරන කොහොමද තියන්නේ ඉතින්? (නි)
ඔය ගැනලා තියෙන්නේ අපුරුවට. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඡන්දෙත් වටිනාකමක් නැහැ. ඒකත් කුණු ගොඩේ. ඔන්න රටට ගිය කල (නි)
1980-90 කාලයේ විතරක් නෙමෙයි, නිදහස ලබපු දා ඉඳලා අද දක්වා පැවැත්වූ කිසිම මැතිවරණයක් සාධාරණව පවත්වා නැහැ කියලා මම කියනවා. මෙම ප්‍රකාශය ඕනෑම අවස්ථාවක සනාථ කිරීමට මා සුදානම්. මෙම ප්‍රකාශය මා කරන්නේ කිසිදු පක්ෂ භේදයකින් තොරවයි. (නි)
කමල් සහ සෙනෙවි කියන දේ හරි. මේවා ගැනල ඉවරයි. දැන් මෙතන තියෙන්නේ ගෝනිවල දාල (ගිනි තැබීම සඳහා) ආපහු කච්චේරියට බාර දෙන්න තිබුණු නිකම් කඩදාසි ගොඩක් විතරයි. ඡන්ද ස්ථානාධිපතිට නොසැලකිල්ල නිසා හෝ අමතක වීමකින් දාල යන්න ඇති. මේකේ අදහස් දාන සමහර අය ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ගැන අවබෝධයක් නැති නිසා කෙන්ද කන්ද කරගෙන.(නදී)
බන්දුල මී ගොනෝ මේවා ගණන් කරලා ගෝනියට දැම්මා කියන්නේ කොහොමද?ගණන් නොකර ගෝනියට දාන්න බැරිද? මේ අහුවෙච්ච තැනක් වෙන්න බැරිද?. අනිත් ඒවත් මෙහෙමයි නොකියන්නේ කොහොමද? අනික මොන පක්ෂෙත් හොරු තක්කඩිත් ඉන්නවා. සාන්තුවරුම නැහැ. ඇරත් අපේ රට ගැන මොන කතාද? (ස)
මනාප අඩු වුණ කෙනෙකුගේ වැඩක් වෙන්න බැරිද ? (නි)
මීළඟ පාර කට්ටිය ඡන්දය දාලා පත්‍රිකාව අතේම අරන් යන්න පෙට්ටියට දාන්නෙ නැතුව එතකොට ප්‍රශ්නයක් නෑනේ. (ස)
පරිඝණක ජිල්මාර්ට් වලින් තොර මැතිවරණ ක්‍රමයක් ලක් වැසියන හට සදාකාලික සිහිනයක්දෝ ? විරුද්ධ පාක්ෂිකයිනි, මැතිවරණ නිලධාරීන්, දේශපාලන බලධාරීන් මේ ගෝනි දෙක අමතක කළ අයුරින්ම අපට "ආණ්ඩුවක්" තිබෙන බව ද අමතක කර දමන්න! (නි)
මෙතන හොරයක් වරදක් නෑ කියලා හිතන එක අහවල් පක්ෂයේ අයට හරි.හොරයක් වරදක් කියආ හිතන එක අනිත් පක්ෂවල අයට හරි.කවුරු කොහොම හිතුවත් මෙවැනි සිදුවීමක් බරපතල වරදක්.99% හොරයක් වියහැකි දෙයක්.නොවිය යුතුම දෙයක්.ඒ මොනවා උනත් බන්දුල පෙරේරා අයෙමත් උම්බෑ උම්බෑ කියන්න ගත්ත එකනම් මොලේ කළදක් නැති ගොන් වස්සෙක් බව කියාපෑමක්. (ස)
රකිත්, මේක කෙහෙල්කැනක් වගේ දෙයක් නෙවෙයිනේ. ඉතා බරපතල සිද්ධියක්. මුල්ලේ තියෙනකොට ගෙයි ,මැද තිබ්බට වඩා අවදානය වැඩියි. ඔයාගේ අදහස හරියන්නත් පුළුවන්. කොහොම වුනත් මේ අතපසුවීම මම සාධාරණිකරණය කරන්නේ නැහැ. (නි)
බලනකොට මැතිවරණ දෙපාර්තමේන්තුවත් විභාග දෙපාර්තමේන්තුවට දෙවෙනි නැහැ වගේ. (නි)
මේවා ඡන්ද ගණන් කරපු ඡන්ද පත්‍රිකා කියලා ඉතාම පැහැදිලියි. (නි)
ගෝනි දෙකක් පමණයිනේ. අනික් ගෝනි ගණන් කරලා ඡන්දෙ ප්‍රකාශ කරලත් අවසානයි (නි)
අදහස් වලින් පණ්ඩිත කතා දාලා වැඩක් නැහැ.රාජකාරිය හරිහැටි ඉටුකිරීමට එදා හිටිය කොමසාරිස්ට ඉඩදුන්නෙත් නැහැ,අද දීලත් නැහැ කියන එක සාමාන්‍යයෙන් කාටත් තේරෙන්න ඕනෑ.මානසික ආතතිය/අමතකවීම්/බලකිරීම් යනාදී කරුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක වගකිවයුතු නිලධාරීන්ට නිතර සිදුවේ නම්,මේවා සාධාරණ/අතපසුවීම් කියා බැහැර කරනවා නම්,විභාග දෙපාර්තමේන්තුවේ,අධ්‍යාපන අමාත්‍යංශයේ,වැරදිත් සාමාන්‍ය දෙයක් සේ සළකනවා නම්,ජනතාව ගැන කණගාටු විය යුතුයි!මේ රාජකාරි සියල්ලම රටකට අත්‍යවශ්‍ය කරුණුයි.පැහැර හැරීම් කළ නොහැකි සත්‍ය සිදුවීම් මේවා.මංගල උත්සවයකදී මනාල යුවල අමතක විය නොහැක අමුත්තන් අමතකවිය හැක,නමුත් අපට මේ දේවල් ජනතාවට තේරුම් කරදෙන්න බැරිබව වැටහෙන්නේ මේ දාන අදහස් කියවන විට හමුවන ජනතාවගේ අදහස් ගැන සිතනකොටයි (නි)
මේ පිළිබදව අදාල අංශ පරීක්ෂණ කරලා වාර්තාවක් දෙන තුරු ඉවසලා හිටියා නම් නේද හොද? කලබල වෙලා කෑකෝ ගහලා මේවා ජාත්‍යන්තරයට ගියාම අපිටම තමා හොද නැත්තේ. ඉවසන්න. (නි)
ගෝනි දෙක නැවත ගැන්නොත් හොඳයි. පැරදුන කෙනාට හරිම අසාධාරනයක්. (නි)
ගණන් කරලා තියෙන්නේ විද්‍යාලයක. පත්‍රිකා තියෙන්නේ ගෝනිවල. පරාජිතයෝ සාධාරණයක් ඉල්ලයි. නිකන් මොකක්දෝ වගේ. (නි)
රනිල් මහත්තයා මොකද කියන්නේ (නි)
පැරදුණු අපේක්ෂකයින් හා බලාපොරොත්තු වූ තරම් ඡන්ද නොලැබූ අය තුත්තිරි ගහක එල්ලිලා වගේ.මෙම සියලුම ඡන්ද පත්‍රිකා ගණන් කරලා අවසන් වෙලා සැසදුම් වාර්ථාත් හදලා ඡන්ද ගණන් කිරීම සදහා බාරදී අවසන් ඒවා.ගබඩා රාජකාරී කරන්නවුන් මෙම ඡන්ද පත්‍රිකා අඩංගු ගෝණි රැගෙන යායුතුයි.ඒක සිදුවී නැහැ.මෙතන වංචාවක් නැහැ.ඡන්ද ප්‍රතිපලයට බලපෑමක් නැහැ. (නි)
හැම ඡන්දයකදිම කොහෙන් හරි ඡන්ද දුන් පත්‍රිකා හමු වෙනවා. නිදහසට කියන්න කාරනාත් තියෙනවා. මේ වැරදි වලට දඬුවම් ලබන අයත් නැහැ. (නි)
නිදහස ලැබීමෙන් පසු මේ දක්වා පැවති කිසිම මැතිවරණයක් 100%ක් සාධාරණව පවත්වා නැත. නමුත්, මෙම ගෝනි දෙක තිබුනේ අනිත් ගෝනිත් සමග නෙමෙයිද? ඇයි මේ දෙක විතරක් අමතක වුණේ? ගණන් කිරීමෙන් පසුව දැම්මද නැත්නම් ගණන් කරන්නත් අමතක වෙලා වරද වහගන්න පස්සේ ගෝනි දෙකට දැම්මද? දෙයියෝ තමයි දන්නේ. (නි)
මෙන්න, ඉල්ලපු දේ දුන්නා. දැන් බලමු වෙන දේවල් (නි)
විජේ,ඔහේගේ සියා හිටියා නම් ඔහේ වගේ මැටි කතාවක් කියන එකක් නැහැ (නි)
ගණන් කරලා ඉවර වුණාට පස්සෙලුනේ ගෝනිවල දාලා තියෙන්නේ. ඉතින් මොකටද කලබල වෙන්නේ. අනේද කියන්නේ? අපේ සීයා හිටියා නම් ඒකට හොද කතාවක් කියාවි. (නි)
නිකන් බොලද කතා කියන්න එපා. මෙහෙමද වගකිවයුතු රජයේ නිලදාරීන් වැඩ කරන්නේ? (නි)