ගාල්ලේ කරාපිටියේ රජයේ ඉඩමක සෑදීමට ගිය හෙල්මුත්කෝල් මාතෘ හා ළමා රෝහලේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකැරිණි. මේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැමිණෙන බව කලින් දන්වා තිබුණ ද ඔවුන් දෙදෙනාම පැමිණියේ නැත. රජයේ මුල්ගල්තැබීම්, විවෘතකිරීම් හා ව්‍යාපෘති ඇරඹීම්වලට අපේක්ෂකයන් සහභාගීවීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ චක්‍රෙල්ඛයක දැක්වේ. ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ අපේක්ෂකයන් මෙවැනි උත්සවවලට සහභාගී වීම වරදක් බවයි. එබැවින් ඔවුන් සහභාගී කරනොගන්නා ලෙස සංවිධායකයන්ට දැනුම් දුන් බවත් කොමසාරිස්වරයා කීවේය. අපේක්ෂකයන්ට කතා නොදෙන්නැයි රජයේ නිලධාරීන්ට උපදෙස් දී තිබූ බවත් එම අවස්ථාවේ කතාකිරීමට අවස්ථාවක් දී නැතැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.
එම උත්සවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට උත්සවය පැවැත්වෙන භූමියට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත. පොලිසිය කීවේ මාධ්‍යයට ඇතුළුවන්නට ඉඩ නොදෙන්නැයි මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයක් තිබෙන බවයි. ඒ ගැන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසූ විට කිවේ උත්සවයට ප්‍රචාරයක් ලබාදීමෙන් එක් පාර්ශවයකට වාසියක් සිදුවීමට ඉඩ ඇති බැවින් එවැනි උපදෙසක් දුන් බවයි.
මැතිවරණය පැවැත්වෙන කාලයේ දී පුද්ගලයන් 25 දෙනකුට වැඩි සංඛ්‍යාවක් සමග ගමන් කිරීම මැතිවරණ නීතියට අනුව වරදකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිය ආධාරකරුවන් පිරිසක් සමග උත්සව භූමියේ සිට එළියට පැමිණෙද්දී ඔහුගේ ආධාරකරුවෝ ජයවේවා කියමින් කෑ ගැසූහ. මෙය කෙටි පෙළපාලියක සිරි ගත්තේය. වෛද්‍ය පතිරණ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක විජේපාල හෙට්ටිආරච්චි මහතාත් උත්සව භූමියෙන් එළියට පැමිණ මාධ්‍යයට අදහස් දැක්වූහ.
රෝහල ඉදිකිරීමට ජර්මනියේ චාන්සලර් හෙල්මුත් කොල් මහතා 2005 වර්ෂයේ දි රුපියල් කෝටි 3600 ට වැඩි මුදලක් හෙල්මුත් කෝල් පදනමේ පරිත්‍යාගයක් ලෙස එවකට පැවති රජයට ලබාදුන්නේය. ඉදිකිරීම් ආරම්භ කර එය අඩිතාලමට පමණක් සීමා වූ පසු 2012 අගෝස්තුවේ දී ජර්මන් බැංකුවකින් ණයක් ලෙස රුපියල් කෝටි 600 ක මුදලක් ලැබිණි. එසේ වුව ද යළි වැඩ ආරම්භ කිරීම පසුගිය රජය කාලයේ සිදුවූයේ නැත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ආඳාට යන්න ඇරලා වලිගය අල්ලාගෙන දඟලනවා වගේ වැඩක්නේ කරන්නේ දෙගොල්ලෝම...! හිටපු අයයි, එන්න ඉන්න අයයි හැමෝම දැන්නම් එකයි. අනේ කාලේ වනේ වාසේ! වෙන මොනවා කියන්නද? විශේෂ ස්තුතිය ලංකාදීපයට! (නි)
මට නම් වෙනසක් වෙලා කියලා තේරෙන්නේ නැහැ. (නි)
මෙතන හදන්න සල්ලි දුන්නේ ජර්මනියෙන්.ඒක කෑවා. ගාල්ලට මොකුත්ම නොවුණ එකත් හරි. කලින් අවුරුදු දහයටම මේ වැඩෙත් හරි. මිනිසුනේ, හරි මිනිස්සු තෝරලා පාර්ලිමේන්තුවට යවමු (නි)
ඒ මුදල් ගිල්ලේ මේ අය නොවෙයි. කලින් සිටි කට්ටිය (නි)
ඡන්ද නීති අදාල එක පිරිසකට විතරද? ජනවාර 8 වෙනස කොයිබටද ? (නදී)
සල්ලි දෙන්නේ ජර්මනියෙන්. ලංකාවේ දේශපාලඥයෝනේ ළකුණු දාගන්නේ ඉතින් කොහොමද රට ගොඩනඟන්නේ. (නි)
සන්දාන රජයේ හිටපු සුව ඇමති තුමා මේ ගැන හොඳින් දන්නවා ඇති (නදී)
අජිත් ඔබේ අදහස හරි, නමුත් පසුගිය රජයේ කිසිම මැති ඇමති වරයෙකුට තම තනතුරට අදාළ කිසිම තීරණයක් ගැනීමට බලතල නොතිබූ බව ඔබට අමතකද? (නදී)
මේකට දුන් කොටි 4200 ම පසුගිය ආණ්ඩුවෙන් ගිලලා. පහුගිය සතියේ ජර්මනියේ සඟරාවක් ලිපියක් ලියලා තිබුනා. මේ පිළිබඳව ඔවුන් සාක්ෂි ඇතුවම ඔප්පු කරලා තිබුනා. මේ හොරකම තවදුරටත් මෙම පක්ෂයේ පුද්ගලයන්ට එම ස්ථානයේම ඉඳගෙන කරන්න දීලා ජයවේවා කියන මිනිස්සුත් ඉන්නවනේ? (නි)
මීට වැඩිය ලොකු දේවල් කඩුවෙල වෙනවා. ඒවා පේන්නේ නැද්ද ? (නදී)
මට වයස අවුරුදු 48යි.එක්සත් ජාතික පක්ෂය මතක්වෙද්දී ඇඟ වෙවුලනවා. (නි)
කවුරුහරි මට කියනවද මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ පටන්ගන්න අගමැතිතුමා මුල්ගල් තියනකොට මේ නීති කැඩුනේ නැද්ද කියලා. (නි)
ඒ කියන්නේ පසුගිය ආණ්ඩුව මේ කෝටි 4200ට මොකද කළේ? (නි)
කිසිම විදේශීය රජයක් හෝ ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයක් ව්‍යාපෘතියක් සඳහා ආධාර වශයෙන් දෙන මුදල් කිසිම රජයකට හෝ ආයතනයකට එකවර දෙන්නේ නැහැ. එම ව්‍යාපෘතියේ ප්‍රගතිය අනුව ඔවුන් මුදල් ප්‍රතිපූරණය කරනවා. ඒ නිසා සමහර චෝදනා ද්වේශයෙන් කරන ඒවා. එම ව්‍යාපෘතියෙන් පෞද්ගලික ආර්ථික වාසි නැති නිසා එය අත්හැර දමා තිබූ බවයි අපි නම් හිතන්නේ (නි)
මේකට හරිනම් ගේන්න ඕනෑ ඒ ජර්මන් ජාතිකයා. මම මෙච්චරකල් අපේ රටේ මෙහෙම නීති ඇති කියලාවත් හිතුවේ නැහැ. පහුගිය රජය අමු අමුවේ මැතිවරණ නීති කඩපු හැටි දැන් තමා තේරෙන්නේ. යහපාලනයට මම මගේ ඡන්දය මේ පාර දෙනවා. (නි)
කෝටි 4200 ගිලලා තව ජය වේවත් කියන්න එනවා. (නදී)
දෙවෙනි පාර සල්ලි ලැබෙනකොට, සෞඛ්‍ය ඇමති දැන් ඉන්න ජනාධිපති තුමා නේද ? ඉතින් තමුන්ගේ අමාත්‍යාංශයට ලැබුන සල්ලි වලට මොකද උනේ කියල එතුමා හොදින් දන්නවා ඇතිනේ ? (නදී)
ඡන්ද නීති කැඩුවානම් අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ? (නදී)
මෙච්චර අවුරුදු ගණනක් හදන්නෙ නැතුව තිබ්බා රමෙශ් පතිරන ලොක්ක දැක්කෙ නෑ...දැන් වෙන මිනිස්සු අරගල කරලා කොහොම හරි මෙක හදන්න පටන් ගත්තාම බොරුවට ඇවිත් ලොකු කම් කියවනවා...හරිම ලැජ්ජා සහගතයි මහත්තයො (අ)