ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උලංඝණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය හා වෘත්තීය සමිති අද විශේෂ හමුවක් පැවැත්වීය.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෝ රැසක් ඊට එක්වූහ. වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ගැටළුවලට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පිළිතුරු දුන්නේය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා -
‘සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දුන් පත්වීම් රැසක් පසුගිය දා අවලංගු කළා. නමුත් ආණ්ඩුව තවම වෙන වෙන පත්වීම් දෙනවා. සමූඛ පරීක්ෂණ පවත්වනවා. යතුරු පැදි ආදිය බෙදනවා. ඒ විදියට පත්වීම් අවලංගු කරන්න පුළුවන්? විවිධ වරප්‍රසාද දෙන්න පුළුවන්ද?‘
වරාය ජාතික සේවක සංගමයේ උදේනි කළුතන්ත්‍රි -
‘ජනාධිපතිවරණ වැඩ සඳහා වරාය සේවකයන් රැසක් යොදාගෙන තියෙනවා. රාජකාරි වෙලාවේ නිල ඇඳුම ඇඳගෙන සමහර සේවකයන් ජනාධිපතිවරණ වැඩ කරනවා. ඔවුන්ට මසකට අතිකාල පැය 900ක් දීලා. වැඩ කරන සේවකයන්ට පොඩි ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ. ජනාධිපතිවරණයට වැඩියෙන් වියදම් කරන්නේ වරායෙන් වෙන්න ඇති.‘
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -
‘ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලයි තියෙන්නේ. දැන් මේ අපි කතා කරන අවස්ථාව වෙනකොටත් පවත්වීම් දෙන්න අධ්‍යාපන අමාත්‍යංශයේ සමූඛ පරීක්ෂණ පවත්වනවා. ලංකාවේ සියලු කලාප කාර්යාලවල ප්‍රධානීන් කැඳවා කන්න බොන්න දුන්නා. විවිධ පිරිස් ගෙන්වා හැමදාම සංග්‍රහ කරනවා. මැතිවරණය ප්‍රකාශ කළ දවසේ සිට නාමයෝජනා බාර දෙන තුරු ඡන්ද නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඒ සඳහා මැතිවරණ කොමසාරිස්ට තිබෙන බලතල මොනවද?‘
ලංකා බැංකු සේවක සංගමයේ කේසර -
‘බැංකු ක්ෂේත්‍රය අයිති මුදල් අමාත්‍යංශයට. මුදල් අමාත්‍යවරයා වන්නේත් ජනාධිපතිවරයා. මුදල් අමාත්‍යංශය විවිධ ක්‍රම මගින් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වියදම් කරනවා. ‘
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා -
‘2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් කළේ කොහි සිටද කියා කිසිම කෙනෙක් දන්නේ නෑ. සරත් ෆොන්සේකාගේ නියෝජිතයා ලෙස මා සවස මැතිවරණ කාර්යාලයයට ගියා. නමුත් එහි කිසිම කෙනකු සිටියේ නෑ. මාධ්‍යවේදීන්, පොලිසිය, නිලධාරීන් මේ කිසිම කෙනක් හිටියේ නෑ. අද වනතුරු කිසිම කෙනෙක් දන්නේ නෑ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කළේ කොහි සිටද කියා. එවැනි දේවල් මෙවර වෙන්න තියන්න එපා.‘
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා -
‘1978 ජනාධිපති මැතිවරණ පනත ඡන්දය ලබා ගැනීමට රජයේ මුදල් පමණක් නොවේ පෞද්ගලිකවම හෝ මුදල් වියදම් කිරීම නීති විරෝධීයි. සංග්‍රහ පවත්වන්න බැහැ.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස නීතීඥවරුන් සහ සිවිල් සංවිධාන අපෙන් ඉල්ලීමක් කළා.
අපි කිසිම දේශපාලන පක්ෂයකට වැඩ කරන්නේ නෑ. අපි නිර්පාක්ෂිකයි. මැතිවරණ නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ඕනෑම පක්ෂයක් අපේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන සලකා බැලිය හැකියි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති අපෙන් කළ අනුව මැතිවරණ නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අපි සක්‍රීය මැදිහත් වෙනවා. නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව අපි නඩු පවරනවා.
අල්ලස් පනත යටතේ ගැනෙන් සංග්‍රහ, අල්ලස් දීම් ආදිය ගැන අල්ලස් කොමිසම කටයුතු කරන්නේ නැති නම් අපි පෞද්ගලිකව ඒ ගැන නඩු පවරා නීතිපතිගේ අනුමැතිය ඇතිව නඩු ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් පියවරක් නොගන්නවා කියන්නේ වක්‍රව ඔවුන්ට උදව් කරනවා කියන එකයි. අපි හිතනවා මැතිවරණ කොමසාරිස් එසේ නොකරයි කියා.‘
ඡායාරූපය ඉෂාන් සංජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඉතින් කියන්න දෙයක් නෑ.(හේ)
වෙන දේ බලන් ඉන්නයි අපිට තියෙන්නේ.(හේ)
කවුරු කොහොම කිව්වත් අන්තිමට පොදු ජනතාවට ඉතුරු වෙන්නේ කලකිරීම විතරයි ..(හේ)
මොන පාටින් මොන පුද්ගලයා ඇවිත් නීති කඩනවා නම් එක රටේ පසුගාමී බව පෙන්නුම් කෙරීමක් එකට කව්රු හරි ආවඩනවානම් මානසික රෝගියෙක් (අ)
නීති කඩන අයත් නැති නම් මාමලා ඔක්කොමලට නඩුත් නෑ. උසාවිත් නෑ...කළු කෝට් එකෙන් වැඩකුත් නැහැ (නදී)
නන්දන පනාගොඩ මහත්මයා. ඔබ ඉන්නේ මිලානෝ වල. මමත් ඉන්නේ මිලානෝ වල. ඇත්තටම මොනතරම් හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටවල් වල තියෙනවද. මැතිවරණ වලදී පාක්ෂිකයන් ඇන කොටා ගන්නවද ? රටේ දනය දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරනවද ? ඇත්තටම අපේ රටවල් කවදා මේ තත්වයට එයිද? මම ප්‍රර්ථනා කරනවා මෛත්‍රී මහත්තයවත් මේ යන ජඩ දේශපාලනය වෙනස් කරයි කියලා. ඒ වගේම අපේ පුරවැසිබවත් නැවත අපට ලැබෙයිද කියල ඉල්ලනවා. මෛත්‍රී ඔබට ජයවේවා (නදී)
එක තමයි කියන්නේ ඇත්ත කවද හරි හෙළිවේවි. නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා කිව්ව වගේ, 2010 ජනාධිපතිවරනයේදී ජෙනරාල් ෆොන්සේකාට වෙච්ච දේ මෙදා පාර වෙන්නේ ඉඩ තියන්න හොඳ නැහැ. මෛත්‍රිපාල මහතාට දේශපාලනයේ බොහෝ අත්දැකීම් තියෙන නිසා එහෙම වෙන්න බැරිවේවි. මේ දවස්වල හිටපු අගවිනුසුරු සරත් සිල්වා එතුමාගෙන් සිදුවූ වැරැද්ද සහ ඇමති ඇස් බී දිසානායක එයා කරපු සෙල්ලමත් කියනවා වගේ. කවදා හරි හිටපු මැතිවරණ කොමසාරිස්තුමත් ඇත්ත කියාවි. (නදී)
ඡන්ද නීති එදත් කැඩුවා, අදත් කඩනවා, ඕවා හෙටත් කඩයි. පක්ෂ වල නායකයින් ඇප කැප වෙලා ඡන්ද නීති පිළිපදින අන්දමින් තම තමන්ගේ ඡන්ද ව්‍යාපාර ගෙන යන තුරු ඔය තත්වේ ඔහොමමයි. (නදී)
ඡන්ද ලබා ගන්නවට වඩා ලැබෙන ඡන්දය රැක ගැනීමයි වැදගත්. (ස)
ඉඳහිට කරන දෙයක් මිස හිතාමතා කරන්නේ නැහැ. මේවා මෙහෙම ලොකුවට ගණන් ගන්න එපා. (නි)
කඩන්න ඉතින් නීති තියෙන්න එපායැ (නදී)
නටන්න බැරි මිනිහ පොලව ඇදය කියල කිවලු. (ර)
රට බේරාගෙන දෙපයින් නැගිට යන්න සැළසුවාට දෙන ප්‍රතිඋත්තරය (නි)
හදවතට එකගව කතා කරනවා නම්, ෆයිල් ගැන කියලා බියවද්දලා මුලින්ම ඡන්ද නිතිය උල්ලංඝනය කළේ කවුද? සාධාරණ ඡන්දයක් තියයිද ජිල්මාට් දමයිද කියලා තමයි අපිත් බලාගෙන ඉන්නේ?(හේ)
ඔය කවුරු මොනවා කිව්වත් මොන දේ යෝජනා කලත් ඇති පලක් නැහැ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා. අපේ රටේ කවද්ද නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්තුවේ හෝ පවත්වලා තියෙන්නේ. රටේ ප්‍රධාන පෙලේ ආයතන වලින්ම දුෂණය වංචාව සිද්ද වෙන බව මෙතුලින් මනාවට පැහැදිලි වෙනවා. (නදී)
එළිපිටම ඡන්ද නීති කඩනවා, පළාත් සභා මැතිවරනවලත් කැඩුවා, පත්තර වලත් යනවා, ඡායාරූපත් පළකරනවා. එ්ත් කිසිම පියවරක් අරන් නැහැනේ. මෛත්‍රී ජනාධිපති තුමා අවාම මුලින්ම ජනාධිපති බලතල ඉවත් කර අවුරුදු ගානක් පස්සට බලපාන පරිදි සියලු වරදිකාරයන්ව අලාගන්න. දැඩි දඬුවම් දෙන්න. (නදී)
ඡන්දෙ පරදින්නත් කලින් හේතු හොයනවා වගේ? ඔහොම යං (නදී)
මේ අයට දැන්නේ මේ සේරම දේවල් පෙනෙන්නේ. (නදී)
පොදු අපේක්ෂකයාට ආධාර කරන ප්‍රධානම පක්ෂය හැටියට එ.ජා.පක්ෂය ට ලොකු වගකීමක් තිබෙනවා මැතිවරණ දුෂණ වලින් තමන් ආධාර කරන අපේක්ෂකයාව ආරක්ෂා කර ගන්න. 2010 මැතිවරණයේදී පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහත්මයා ට විරුධව රජයේ මාධ්‍ය හරහා කළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන දැන දැනත් ඔවුන් කිසිදාක ඒ ගැන කට ඇරියේ නැහැ. ඒ වෙනුවට වසර 4 කට පසු කීවේ පොදු අපේක්ෂකයා පරදින බව කලින් සිට දැන සිටි බවයි. කොයි පිළෙන් සිදු උනත් සදාචාරයෙන් තොර දේශපාලන සටන් ශිෂ්ට සම්පන්න ජනතාවක් අනුමත කරන්නේ නැහැ. (නදී)
නන්දන, දවස් දහයෙන් රනිල්ට චන්ද්‍රිකාට බලේ දෙනවා , ඊට පස්සේ මෙයා ධර්ම ප්‍රචාරේ යනවලු නෝනත් එක්ක? අර දෙන්නගේ පාලනේ අපිට මතකනේ? ඒත් තරුණ ළමයින්ට කියල දෙන්න අනතුර. .. හොයල බලන්න වෙන දේ? මහින්දගේ සැලැස්මක් මෛත්‍රී එවපු එක , චම්පික පරදවන එකයි හැමෝගෙම ඕනෙකම.? මුස්ලිම් මන්ත්‍රීන් අයින් වෙන්න කියන එකත් .. එයාල බෝනස් දීල ආපහු ගන්නේ. සිංහල මෝඩයෝ චන්දෙ දුන්නට පස්සේ . (ස)
මේ ගැන කියන්න දෙයක් නැහැ.(හේ)
දවසේ හොඳම විහිළුව- නීතිඥ සංගමය නිර්පාක්ෂිකලු? (ස)
ජනතාව ඡන්ද පොළ වර්ජනය කරලා තමා ඡන්ද අයිතිය දිනා ගත යුත්තේ. පළමුව ඔප්පු කරන්න ඕනා මේ මැතිවරණ ක්‍රමය ගැන විශ්වාශයක් නැහැ කියලා. අපිම දන්නවා නම් ඡන්දෙ දිනන්නේ වැඩියම සල්ලි විසි කරන සහ මැර බලය තියන කෙනා කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවට ගිහින් පක්ෂය මාරු කරනවා කියලා. අපි මොකටද එහෙම ඡන්දෙකට යන්නේ. අායෙත් එකම හොරු ටිකම වෙන නායකෙයෙක් එක්ක අපේ සම්පත් කනවා. ඇත්ත ජනතා අරගලයකින් තමා මේ තත්වය වෙනස් කරන්න ඕන. ඒ නිසා වමේ පොදු අපේක්ෂකයා කියන කතාව හොදින් අහන්න. එයා තරුණයෙක් උනාට හොඳට කියල දේවි. අපිට ඇත්තටම මොකද්ද ඕන කියලා. ඡන්දෙ නොදී කතාව අහන්න. ඡන්දෙ නොදී ඉන්න ප්‍රමාණයෙන් අපි තේරුම් ගන්නම් කොච්චර ප්‍රමාණයක් මේ ක්‍රමයට විරුද්දද කියලා. (නදී)
2014 වසරේ හොදම සහ යථාර්තවාදීම විහිලුව නීතීඥ සංගමය නිර්පක්ෂිකයි සහ උපුල් ජයසුරිය නිර්මාන්ශිකයි කියන එක..නියම කට්ටියනේ එකතු වෙලා ප්‍රශ්න අහන්නෙයි ඒවාට උත්තර දෙන්නෙයි..අනේ අපි නොදන්නා ලයිව්..තමන්ට පුලුවන්නම් ඔය මොකුත් නැහැ නැත්නම් ඉතින් එතන තමයි ලෝක විනාසේ තියෙන්නේ. (ස)
ආණ්ඩුව මොන නීති කඩකර ඡන්දය පැවැත්තුවත් මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගැනීම වැළැක්වීමට නොහැකි බව තමයි මට පෙන්නේ (ස)
අපිට බලන් ඉන්න තමයි තියෙන්නේ නීති රකින්න කවුරුත් නෑ.(හේ)
රටේ නීතියක් තියෙන්න ඕනේ.(හේ)
ඕක හැමදාම වෙන දෙයක්නේ.(හේ)
මම හිතුවේ නැහැ බන්දුල පෙරේරා මේ වගේ වේවි කියලා සුබ පතනවා ඔබගේ වෙනස් වීමට. (ර)
අගමැති උනානම් මෛත්‍රීපාල සිරිසේන මහතා යන්නත් නැහැ. (ර)
හපොයි චමින්ද ඔය ඡන්ද වර්ජන පරණයි. (ර)
වැරැද්ද වැරද්දක් විදියට දකින්නවත් සමහර මිනිස්සුන්ට මොලයක් නැති හැටි සමහර කොමෙන්ට්ස් දැක්කම පේනවනේ. (ර)
බම්බුව තමයි (බ)
මේක හොද පියවරක්. (ර)
නීතිඥ සංගමය නිර්පාක්ෂික තමයි. නීතිය මේ විදිහට කඩවීම ගැන ඔවුන් පමණක් නොව සිහිමොලේ ඇති ඕනෑම කෙනෙක් සසල වීම පුදුමයක්ද?(අ)
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ කිසිම අදහසක් නැති බව පසුගිය දින කිහිපය පුරා සිදුවූ සුදුවීම් වලින් පැහැදිලිවෙනවා,ඒ නිසා මෙරටේ ජිවත්වන පුරවැසියන් ලෙස අපිට, සිවිල් සංවිදාන වලට හා අනිකුත් දේශපාලන සංවිධාන වලට වගකීමක් හා යුතුකමක් තිබෙනවා නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනිසිටින්න හා මැදිහත්වෙන්න ඒ සදහා ශ්‍රී ලංකා නීතඥ සංගමය ආරම්භක පියවර තැබීම ගැන අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (අ)
එක ම කට්ටියම මේ එකතු වෙලා තියෙන්නේ. (අ)
නීතිඥ මහත්තුරු කියන්නේ සාධාරණේ වෙනුවෙන්ම පෙනී සිටින අපේ ඉෂ්ඨ දේවතාවොනේ. ඔහොම යන්. (අ)
ඒ කලේ අමතකද.. 8 වැනිදායින් පස්සේ මේවා අයින් කරනවා මහත්තයෝ.. (අ)
නිර්පාක්ෂික විතරක්නම් බැරිය එයාල නිර්මාංශික. නොකන මසක් නෑසල්ලි වලට. (අ)