බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නාමයෝජනා භාර දුන් දින සිට අද වන විට මැතිවරණ නීතී කඩ කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා 147 ක් වාර්ථා වී ඇතැයි ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.
මහජන දේපළ යොදා ගැනීම ,රජයේ සේවකයන් මාරු කිරීම් ,පත් කිරීම්, දේපල හානී , නීතී විරෝධී ඡන්ද ප්‍රචාරය ,පහරදීම්, වර්ජනය කිරීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ සිද්ධි 103 ක් ද දකුණේ සිද්ධි 34 ක් ද වාර්ථා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපටම ආවේනික විධියට අපේ වැඩ කරගන්න බව පාරම්බාන අපේ දේශපාලුවන් මැතිවරණ පැවැත්වීමත් ඔවුන්ට ඕනේ විධිහටම කරගන්න එකට මැතවරණ නීති කැඩුවාය කියා කීම අසාධාරණයි.(නදී)
දේශපාලුවන් පිටිපස්සෙන් රංචු ගැහෙන අවස්ථාවාදී කටු ලෙවකන සුනඛයන් ඉන්න තාක් කල් මේ රටේ සාධාරණ ඡන්ද තියන්න අමාරුයි.මේක පොදු ජනතාව විසින්ම ඇතිකර ගන්නා ලද තත්වයක්. අපේ රටේ පොදු ජනතාව ඉල්ලන් කන වරිගයක්. ජයවෙවා. හාල් නැතුව බත් කන්නම්. සීනි නැතුව තේ බොන්නම් කිව්වෙත් අපිනේ. ඔහොම යාන්! (අ)
චන්ද නීති නම් මොකද්ද අනේ. ඔයිට වැඩිය නීති කඩන රටක් මේක. එත් මොනවද වෙන්නේ.? කැෆේ එකටත් චන්දයක් තිබුණොත් විතරක් කියවන්න පුළුවන්. නැත්තං ගල් ටික්. (නදී)