අගෝස්තු 17 මැතිවරණ දින සහ ඊට පසු දින ඡන්ද නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නීතීඥ අජිත් පතිරණ මහතා අද පැවසීය.
මෙවර මහමැතිවරණය ඉතාම සාමකාමි සාධාරණ මැතිවරණයක් බවත් පාර්ලිමෙන්තුවට තෝරා ගත යුත්තේ කවර පුද්ගලයින්ද යන්න ගැන මහජනතාව දැනටමත් තීරණය කර ඇති බවත් ඔහු පැවසීය. ස්වාධීන සංගමයක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය තෝරා ගතයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් බලපෑම් නොකරන බවද හෙතෙම කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන දේවල් මේ සිරි ලංකාවේ කරන්න පුලුවන්ද? ඡන්ද දිනයේත් සුපිරි වාහන මඟින් මනාප අංක බෙදන හැටි බලාගන්න ඡන්දය දීමේ මධ්‍යස්ථාන වලට ආසන්නයෙන් සිටින්න. (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
දැන් මේ මහත්වරු ක්‍රියාකරන හැටි අපි බලා ඉන්නවා (නි)