ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේදී ඇරඹීමට පෙර චිරාගත පොල්තෙල් පහන දල්වන ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට ඇරයුම් කරමින් නිවේදකයා ඇගේ නම කියද්දී හූ හඬ පැතිර ගියේය.
රැස්වීම පැය තුනක් පමණ පැවතියේය. රැස්වීම අවසානයේ කුමාරතුංග මහත්මිය නික්ම යද්දීත් යළි හූ හඬ පැතිර ගියේය.
ඇය එළියට එද්දී ඇය වටකරගත් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී පිරිසක් ඇයට තදබල ලෙස දොස් නැගූහ.
‘අපේ නියම නායකයා මහින්ද රාජපක්ෂ ඔබ යන යන තැන ඔහුට බනිනවා. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවා. කඩනවා. විශ්‍රාම ගියා නම් පක්ෂය වනසන් නැතිව ගෙදරට වෙලා ඉන්න‘ යනුවෙන් ඔවුහු කියන්නට වූහ.
ඒ කිසිවකටත් කුමාරතුංග මහත්මිය පිළිතුරු නුදුන්නාය. ඇගේ ආරක්ෂකයෝ ඇය ඉවත් කරගත්හ. ඇය ඉවත්ව ගිය පසු ඇයට බැන වැදුණු පිරිසට විරුද්ධව අදහස් දැක්වූ නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රහාරයකට ලක්විය. පිරිසක් ඔහුට බැන වැදී පහර දුන්හ. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා එම කලබලය සංසිඳවීය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහත්වරු පමණක් බල මණ්ඩලය ඇමතූහ.
ඉදිරි මැතිවරණයේදී සමගියෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ජනපති හා මහලේකම් අවධාරණය කළහ. ඒ දෙදෙනා මහින්ද රාජපක්ෂ මහතා ගැන කිසිත් නොකී නමුත් ඔවුනට පසුව කථා කළ මහ ඇමැති ජයසේකර පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂගේ සහාය අනිවාර්යයෙන්ම ගත යුතු බවයි.
සභාවෙන් ඊට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. මුළු සභාවම අත්පොළසන් දෙමින් ඔහුගේ කථාව අනුමත කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, පී.බී.ඒකනායක හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රබල ලෙස හඬ නැගූහ. දෙදහසකට ආසන්න පිරිසක් මේ රැස්වීමට පැමිණ සිටියහ.
දයාසිරි ජයසේකර හා ජයරත්න හේරත් මන්ත්‍රීවරයා හෙලිකොප්ටර් යානය ළඟට ගොස් ජනපති පිළිගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ තිබෙන්නේ දේශපාලන පක්ෂ දෙකයි. එකක් කම්බා හොරුන් ප්‍රමුඛ මෝඩයින්ගේ පක්ෂය.. අනික තමයි විනයගරුක මිනිසුන් ප්‍රමුඛ බුද්ධිමතුන්ගේ පක්ෂය.. මේ පක්ෂ දෙකට නායකත්වය දෙන නායකයින් ගැන මොලේ කලඳක් හෝ තියන අය දන්නවා. (ස)
සමීර හොරකම් කරපුවා දවසෙන් දෙකෙන් අල්ලන්න බැරි නිසා තමයි දින 100 ක් දුන්නෙ කෝ ඉතින් තව දින 1000 ක් දුන්නත් ඔච්චරම තමයි (ස)
මහින්ද අපේ පණ වගේ. (ස)
පැරදුන කෙනා මොකටද දැන්? රට හදන්නට මේ ගොල්ලෝ දඟලන්නේ නැහැ. සූරාගෙන කාපුවා රැකගන්න විදියක් දැන් හොයන්නේ! (නි)
මහින්ද මොකටද දැන් අපිට? සදාචාරසම්පන්න රටක් දැන් ඇත්තේ. මේ යන විදිය හොඳයි. (නි)
දේශපාලනය කරන්න ඉවසීම තියෙන්න ඕනෑ. මුදලට වහල් වුණොත් වෙන්නේ ඔය ටික. (නි)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
චානක ලොස් ඇන්ජලිස්, ඇමරිකාවෙ ඉන්න අයට නම් චන්ද්‍රිකා නෙමෙයි ප්‍රභාකරන් ආවත් මොකද? උඩවලවට කොටි පැනලා අපේ ගමත් මායිම් ගමක් වෙලා පොලිසියත් එක්ක ගමේ මුර සංචාරයේ ගිය එකෙක් මම. ටී 56 ලෝඩ් කරගෙන අපේ පස්සෙන් ගිය අහිංසක පොලිස් රාළහාමි කෙනෙක් කියපු වචන ටික විතරක් කියන්නම්. මොළය කළඳක් හරි තියෙනවා නම් ඉතිරිය හිතාගන්න. "මල්ලි, අපි යන්නෙ පාරෙ. උන් ඉන්නෙ කැලේ. අපි යන්නෙ බිල්ලට. මට පුංචි ළමයි දෙන්නෙකුත් ඉන්නවා මල්ලි" (නි)
සමහරු හිතන්නේ මහින්ද කියන්නේ ලංකාවයි කියලා. නැහැ මහින්ද කියන්නේ තවත් එක පරාජිත දේශපාලකයෙක් පමණයි. මහින්ද නැතිවුණා කියලා, ලංකාව නැතිවෙන්නේ නැහැ. (නි)
චන්ද්‍රිකා කියන්නේ පරාජය නොවී නම්බුපිටින් ගෙදර ගිය නායිකාවක්. (නි)
යහපාලනයක් තුළ විරුද්ධවාදීන් මර්දනය කිරීමට මේතරම් බොරුව යොදාගත් කාලයක් නැහැ. දේශපාලනයේ නිරත හැමදෙනාම කරන්නේ දේශපාලනයෙන් හම්බකරන එක. නැත්නම් මොන දේකටද ගහමාරාගෙන බලයට එන්න වලිකන්නෙ. පහුගිය අවුරුදු 40 ක දේශපාලන ඉතිහාසය මට හොඳට මතකයි. ඒ අතරෙ හිටියේ පිරිසිදු නායකයින් තුන්දෙනයි. ඩඩ්ලි, දහනායක සහ ඩීබී විජේතුංග යන තිදෙනා පමණයි.අනිත් සියළුම පාලකයින් සිය ගෝලබාලයින්ද සමඟ පරම්පරා ගණනකට හරිහම්බ කරගත්තා. හැබැයි ඒවා ඔප්පුකරන්න කාටවත්ම බැහැ. ඒ නිසා කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. දැන්වත් දකින හීනවලින් මිදී ඇස් හැර බලන්න! (නි)
එතකොට ඇයි ඔය තවත් සමහරු තාම යන්නේ නැතුව ඉන්නේ.කී පාරක් පරාජය වුණාද? මම ඉන්නේ පිටරට. දැන් අවරුදු 10ක් තිස්සේ.මටත් ඕනෑ මහින්ද මහත්තයා නැවත එන්න.මට තිබෙන වාසියකට නෙමෙයි.රටට තිබෙන ආදරේට (නි)
රටේ ඉතුරුවෙලා තියෙන ටිකත් නැතිකරන්න නම් එපා (නි)
සමහර අයට නම් මහින්ද නැතුවම බැහැ (නි)
අපේ රටවත් අපිවත් පැරදුනේ නැහැ. පැරදුනේ මහින්දයි, මන්ත්‍රී ටිකයි, ඇමතිලායි. මාළිගා වගේ ගෙවල් වල තවම වැඩ අවසන් නැහැ. (නි)
පසුගිය රජය කළේ දේශපාලනයක් නොවේ (නි)
මහින්ද මහත්තයා නිසා තමයි අද අපිට නිදහස් රටක් තිබෙන්නේ (නි)
රට එක්සේසත් කළ නායකයා අමතක කළහැකි නොවේ! (නි)
ජනතාවට වැරදි නිවැරදි කර ගැන්මට අවස්ථාවක් ලබාදෙන්න. (බ)
තරහ අවසර ජනයාට අධිපති තුමනි ....හෙලිකොප්ටර් එකෙන් යන්නේ නෑ කියූව නේද ? (බ)
යථාර්ථය තේරුම් නොගතහොත් අපේ ලස්සන ලංකාවට බුදු සරණයි! (නි)
මහින්ද මහත්තය නැතුව ඡන්දෙකට ගියොත් යූ.එන්.පී.ය අනිවාර්යයෙන්ම දිනනවා (නි)
චානක ,ලොස් ඇන්ජලිස් වල සිට කාටද ආවඩන්නේ? (නි)
මහින්ද නැතිවුණොත් අපි අනතුරේ. අපි කොහොමහරි මහින්ද නැවත මුදල් ඇමති කරමු (නි)
ජනතා කැමැත්තක් නැතුව කොහොමද කරන්නේ? (නි)
අපිටත් මහින්ද තමයි ඕනෑ (නි)
අනිවාර්යයෙන්ම එය එසේ වියයුතුයි (නි)
මහින්ද නැතුව රටේ සංවර්ධනයක් නැත. (නි)
අද රටට අවශ්‍ය වන්නේ හොරුන් ගලවා ගන්නා නායකයන් නොව ජනතා අභිලාෂයන් ඉටුකරගැනීමට නායකයෙකි. (ර)
අනේ මගේ කට! (නි)
දින 100 තුළ අඩුගානේ අපරාධ කීපයක්හරි ඔප්පුවෙනවා. එතකොට හොරුන්ව බලයට ගෙන්වන දඟලන අය දෙපැත්තම වහගනියි.විදේශ කුමන්ත්‍රණ ගැන කියන අය ඇයි දන්නේ නැහැ සහෝදරයන්ට පිටරට පුරවැසිකම ගන්න කැමති.දරුවන් ඉගෙනගන්න පිටරට යවන්නේ? අපිට ඕනෑ ලෝකයම පිළිගත් නායකයන් (නි)
දයාසිරි කියන්නේ තනි වචනයේ එක ප්‍රතිපත්තියක ඉන්න කෙළින් මිනිහෙක්. මොනවාහරි කිව්වොත් ගලේ කෙටූ අකුර වගේ තමයි. (නි)
ඕක චන්ද්‍රිකාට වගේම මහින්දටත් පොදුයි කියල කියන්ඩ එකෙක් හිටියෙම නැද්ද (ස)
ශ්රී ලංකා නිදහස් පක්ෂය කොතරම් බංකලොත් වෙලාද ,එක ඡන්දයයි පැරදුණේ පක්ෂය විනාශ වෙලා. 69 වයස මහින්ද සීය මෙරුනොත් කට්ටියම ගෙදර තමි යන්න වෙන්නේ. (ස)
මහින්ද නැති ඡන්දයක් අපිට එපා (නි)
දයාසිරි මොනවාහරි කිව්වොත් ගලේ කෙටූ අකුර වගේ තමයි කියන්නේ ඇත්තමද? (නි)
ඒක අද ලංකාවේ ඉන්න ඕන එකෙක් දන්නවා. මහින්ද නැතුව ඡන්ද දිනන්නත් බැහැ, රට පවත්වාගන යන්නත් බැහැ (ස)
19 සම්මත වුණාට පස්සේ ඔය ඔක්කොම නැටුම් අවසානයි (නි)
සිංහල මිනිසුනේ, අපේ දේවල් බාලකරලා කතාකරන්න එපා හොඳේ. (නි)
අනේ අපි නම් අහයි ඔය කතා දැන්.... (නි)
චානක, ඔයාට ලොස් ඇන්ජලිස් වලට ඕනෑ නම් එයාලව ගන්න. අපිට මෙහෙට ඕනෑ මහින්ද වගේ කෙනෙක් (නි)
සිරිසේන මහත්තයා හෙලිකොප්ටර පාවිච්චි කළාටකමක් නැද්ද ? (නදී)
පසුගිය අවුරුදු 10 ය හොරකම් මැරකම් කෙරුවේ නැහැ කියා කියන්න පුලුවන්ද ? (නදී)
මේ රටට මහින්ද මහතා අත්‍යවශ්‍ය කෙනෙක් (නි)
මට නම් පේන්නේ මහින්ද මේ ඔක්කොමගේ ෆයිල් ගෙදර ගෙනත් පෙන්න පෙන්න බය කරනවා වගේ.(නදී)
මේ පැරදුන කෙනා ආයෙත් ගෙන්වන්න දඟලන්නේ මොන වගේ කට්ටියක්ද කියලා රටවැසියන් හොඳින් දන්නවා (නි)
අපි බොරුවට කෑගහනවා. හොරකම් කළ අය ආපසු එන්න දඟලනවා මැති ඇමතිකම් ගන්න.අපි ක්‍රියාවෙන් පෙන්නමු අපි උගත් මිනිස්සු, අපිට පාට වැඩක් නැහැ, අපිට ඕනෑ අපේ රට ආරක්ෂා කරගන්න කියලා. අගමැතිව රැකගනිමු. ජනදිපත් සදහටම රැකගනිමු. මහින්දට සමුදෙමු (නි)
රටේ අගමැති ජන අධිපති රටේ සංකේතය "මහින්ද" (ර)
දයාසිරිත් එහෙට පනිනවා. මෙහාට පනිනවා. දන්නා සින්දුවක් කියාගෙන හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. (නි)
තව සමහරු පිට පිට කීප වතාවක්ම පැරදුන එක කට්ටියට අමතක එකනේ පුදුමේ (නි)
වික්‍රම, මහින්දා මහතා පැරදුනා නොවේ, පරාජය කෙරුවා. ඒ ජාත්‍යන්තර හා දේශීය බලවේග විසින්. ඒ ගැන දැන් කතා කිරීම වැඩක් නැහැ. පැරදුනේ මහින්ද නොවේ පැරදුනේ ලංකාවයි. අපේ ජාතියයි. මහින්ද දේශපාලනයට ගෙන ආ යුත්තේ ඔහුගේ යහපතට නොවේ, රටේ යහපතටයි. මහින්ද පැරදුනේ හෝ පරාදය කළේ එක් වතාවක් පමණි. (නි)
මහින්ද වගේ කෙනෙක් නැවත කුමටද? (නි)
අනේ මහත්තයෝ! (නි)
එයා එකපාරක් මහින්දගේ දන්සලට සින්දු කියපු හැටි අපේ සළුවඩන නිලමෙලාට අමතකවෙලා වගෙයි (නි)
කට්ටියක් කියනවා මහින්ද පැරදුන නිසා ගෙදර ඉන්නලු,ඒ කට්ටියට අමතකයි 29 වතාවක් පැරදිලා සුළුතරයක් ඉන්න කෙනෙක් අගමැතිකම කරනවා කියල,රට යන්නේ කොහෙටද කියල පොලවේ පය ගහල ඉන්න අපිට පේනවා (ස)
චමිත් මහතා දන්නවද ජේ ආර් මහතා ජනාධිපති වුණ වයස? මහින්ද මහතාව දේශපාලනයට අවශ්‍ය මේ රටේ දැන් උද්ගත වෙමින් පවතින ප්‍රශ්න නිසා හා ඒවාට මුහුණදීමට අවශ්‍ය නිසා. පසුකාලීනව රටේ අවශ්‍යතාවයන් අනුව ජනතා නායකයෙක් තෝරාගත හැක (නි)
කොහොමත් සමහරුන්ට එයාවම තමයි ඕනෑ. (නි)
චමිත්, මහින්ද මහතාට දැන්ම එහෙම කරන්න බැහැ. ඒත් ඔයා වගේ ගැඩවිල්ලු නම් 69 වෙන්න කලින්ම නැතිවෙනවා (නි)
හොරුන්ට, තක්කඩියන්ට, මැරයින්ට මේ පවතින යහපාලන වාතාවරණය තුළ පැවැත්මකුත් නැහැ. ඒ ගැන හිතලා දුකට සමහරු තප්පුලනවා. ඒකට ඉතින් අපි මොකද කරන්නේ? (නි)
ඔය අයට ඕනෑ වුණාට,අපිට නම් කොහොමත්ම එපා. (නි)
තව ටික කාලයක් ගියොත් මහින්ද මහතාගේ වටිනාකම තව හොඳින් තේරේවි. හොරකම් කළා කියනවා, තවම එකක්වත් අල්ලාගන්න බැරිවුණානේ. වෙන වැරදි තිබුනා. ඒත් මහින්ද තරම් මේ කවුරුවත් වැඩකළාද? (නි)
දයා වීරසිංහ, එහෙනම් මිටපස්සේ ඔබතුමාගේ තිරික්කලයෙන් පුලුවන්ද රටේ හැමතැනම යන්න? (නි)
හොරකම් කරපුවා දවසෙන් දෙකෙන් අල්ලන්න බැහැ. මෙහෙම කෙනෙක් නැවත බලයට ගෙනෙන්න හදන්නේ ඇයි? (නි)
හොරුන් පරාජය කිරීමට අපි සැම පෙළගැසිය යුතුයි (නි)
ඉතිහාසය දිහා හොඳට බැලුවාම දැන් ඉන්න ආණ්ඩුව (ඒකත් මැතිවරණයක් නැතිව බලෙන් ගත්ත}අගමැති රනිල් එය ලබා ගත්තේ දිනලා නොවෙයිනේ.කී පාරක් පැරදුනාද?අනෙක රවී වගේ අය අතීතයේ කොපමණ හොරකම් කළාද?භාණ්ඩාගාර බිල්පත් මගඩිය කොහොමද?අතීතයේත් ,දැනටත් කරන කුමන්ත්‍රණ කොහොමද?මේ කරුණු හොඳට සලකා බැලූ විට මහින්ද මහත්මා ශ්‍රේෂ්ඨ නායකයෙක්. (බ)
මහින්දගේ පැරදීම 19-1 අනුපාතය. දැන් ඒක සමහරුන්ට අමතකවෙලා. මහින්ද තවම අවලංගු කාසියක් නොවේ. (නි)
අපිට ඕනෑ රටට සහ ජනතාවට සෙතක් වෙන්න. කාගෙවත් ලොකුකම්, පක්ෂ අපිට වැඩක් නැහැ (නි)
මේකේ මහින්ද ඕනෑ කිය කියා අදහස් දාන්නේ ඇත්තටම ස්වාධීන අදහස් තියෙන මිනිස්සු නෙමෙයි කියන එකයි මගේ හැඟීම. ඒකෙන් හරි ජනමතය පිළිඹිබු වෙන්නේ නැහැ. කොහොමටත් මේ තත්වය උඩ මහින්දට ශ්‍රී ලංකා එකෙන් ඉදිරියට එන්න ලැබෙන්නේ නැති බව ස්ථිරයි. වෙන පක්ෂයකින් තමයි ඉල්ලන්න වෙන්නේ. එතකොට ශ්‍රී ලංකා එකේ ඡන්ද දෙකට කැඩෙනවා. ඒකේ වාසිය යන්නේ යූ.එන්.පී. එකට. (නි)
අපිට පක්ෂ ලොකු නැහැ.අපිට ඕනෑ මහින්ද විතරයි.මොන පක්ෂෙන් මොන ලකුණෙන් ආවත් අපේ තේරීම මහින්ද (නි)
අපිට නම් එපා (නි)
චමිත් මහත්තය වගේ මේ රටේ ඉතිහාසය දන්නේ නැති මේ රටේ තිබුණු දේශපාලන වාතාවරණ ගැන ඒ කාල සිමා ගැන දන්නේ නැති බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයක් මේ රටේ තිබුන කියාලා දන්නේ නැති මුණු පොතේ නොදරුවෝ මහින්ද සීය මැරෙනකම් බලන් හිටියට එතුමා අපේ ආයුෂත් අරන් තව දිගු කාලයක් ජිවත් වේවි.. එතුමා 2009න් පස්සේ ඉතුරු කර දුන් ජිවිත ටිකම ඇති මේ රටට අනෙක් මොන දේ නැති වුනත් එතුමාට දිර්ගායු සැප සම්පත් විදින්න..ඒ වගේම ශ්‍රී ලංකා එකට මුකුත් වෙලා නැහැ..සියලු පාක්ෂිකයෝ මහින්ද මහත්තයත් එක්ක ඉන්නවා ඔය පාර්ලිමේන්තුවේ චිත්ත රෙදි කීපයක් ඇරෙන්න. (ස)
චන්ද්‍රිකා ආයිමත් ආවත් මොකද ඇය පරාද නොවී ගියේ .....මහින්ද තමයි පාඩුවේ ඉන්න ඕනේ ...මන්ද ඔහු පරාජය වුන කෙනෙක් ....අපිට හොරු එපා ......(ස)
මහින්ද මහතා කියන්නේ ලෝකයට ම නායකයෙක් ඉතාම හොඳ. නායකත්වයක් ඇති එඩිතර වීරයෙක්. කාගේවත් ගාව දණින් නොවැටෙන සැබෑම නායකයෙක්. (ස)
ඊයේ පෙරේද අර මොනර මන්දිරේටත් පහර දීලලු නේද? ඒ පැත්තේ රිංගුවා නම් කුක්කන්ට, සුප්පල විසිකරන කටු ටිකක් රස කරකර තව සුප්පන්න තිබුන. (ස)