
යොහාන් භාසුර
කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්‍රකාශ සහමුලින්ම ප්‍රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
‘පාස්කු දින’ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මානව හිමිකම් කඩකළ සහ ‘පාස්කු දින’ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය නොදෙන ලෙස පමණක් ප්‍රකාශ කළ බවත් ‘පාස්කු දින’ ප්‍රහාරයේ සත්‍ය පිළිබඳව විමර්ශන කරන්නේ යැයි සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය පමණක් මේ දක්වා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයෙන් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කරති.
වෙනත් දේශපාලන පක්‍ෂ ද එවැනි වැඩ සටහන් ඉදිරිපත් කළ හැකි මෙන්ම පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ, විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන ලෙස එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද පවසන කොළඹ අගරදගුරුතුමා එවැනි විසඳුමක් දෙන ඕනෑම පක්‍ෂයකට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට සියලුම පුරවැසියන් දිරිමත් කරන බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු ඇඳගෙන කලු ඇවිදින් මුසා කියයි උමතු ලෙසින් ඩොලර් රසට වෙලා වහල් දුක විකුණයි සුදන වෙසින්
හා හා මෙයා බබා. මෙයා දිය යටින් ගින්දර ගෙනියන කෙනෙක්.
පරණ වෙන කොට වයර් මාරුවෙන එක සාමාන්‍ය දෙයක්. කරන්න තියෙන්නේ අළුත් එකක් ගන්න එකයි..
එයාටද පිස්සු... මටද පිස්සු කියලා හිතන ගමන් ඉන්නේ...!
කෙන්ද කන්ද කරලා කියන, ජනතාව අන්දවන, ටොම් පච ගහන බලලෝභී දූෂිත දේශපාලුවන් දියවන්නාවේ ඉන්නේ... ගෝඨාභය ආරක්ෂාවට වගකියන නායකයෙක්, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලයි පොරොන්දු වුනේ...
එතකොට දැන් කාවවත් ප්‍රොමෝට් කරන්නැද්ද?
පහුවෙලා ඡන්දෙටත් යාඥා කරන්න හිතාගෙන ඉන්නවද?
ඇති හුකුම් ගේ ඔලුව වැදිලා .ඔය ඉස්සෙලම මීගමුවේ ධීවරයන්ගෙයි ලෙල්ලම දීලා එන්නකෝ මාධ්‍ය ඉස්සරහට