මහමැතිවරණයත් සමග ඇතැම් ප්‍රදේශවල ජනයාට නව ස්වයං රැකියා මාර්ගද උත්පාදනය වී ඇතැයි දැනගන්නට ඇත.
දකුණු පළාතේය. අතමිට දිගහැර වියදම් කිරීමට හැකි අපේක්ෂකයින් තෝරාගෙන ඔවුන්ට සහාය දීමට කොන්ත්‍රාත් පදනම මත ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වූ සංවිධානාත්මක කණ්ඩායමක් ගෙයින් ගෙයට යමින් අත් පත්‍රිකා බෙදීමට ඉදිරිපත්වී අපේක්ෂකයන්ගෙන් මුදල් ඇතුළු ලාබ ප්‍රයෝජන වරප්‍රසාද ලබාගැනීමට සමත්ව ඇත.
අපේක්ෂකයින්ගෙන් රුපියල් 25,000ක පමණ මුදලකට කොන්ත්‍රාත් ලබාගෙන ඊට අමතරව කෑම බීමද ලබාගත් මෙම පිරිස ඒ අයුරින් අපේක්ෂකයින් 10 දෙනකුගේ පමණ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට දායකවී වරප්‍රසාද ලබාගෙන ඇතැයි කියති.
පසුව කළ සොයාබැලීම්වලදී එසේ අපේක්ෂකයින් රැසකගේ ඡන්ද පත්‍රිකා එකවර ගෙනගොස් බෙදාදී ඇතැයිද එසේ ගොඩගැසුණු පත්‍රිකා රැසක් තම හිතවතුන්ගේ නිවෙස්වල ඇතැයි අපේක්ෂකයින්ට දැනගන්නට ලැබී ඇතැයිද කියති.
මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත වෙමින් දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන තුළම එවැනි කණ්ඩායම් බිහිවී ඇතැයිද සොයාගෙන ඇත. ගාල්ල, කරන්දෙණිය, ඇල්පිටිය ඇතුළු ප්‍රදේශවල වැඩිවශයෙන් දැකිය හැකිය.
ඡන්ද කාලයේ විවිධ පොරොන්දු දී ජයග්‍රහණයෙන් පසුව දකින්නවත් නොලැබෙන ඇතැම් ඡන්ද අපේක්ෂකයින් සිටින නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පිරිස අතමිට සරුකරගෙන ඇති අතර මේ ගැන කිසිවකුට කියන්නට නොහැකිව ලජ්ජාවට පත්වී සිටින අපේක්ෂකයන් ගැන දකුණු පළාතම දන්නා බවත් එය ප්‍රසිද්ධ රහසක් වී ඇති බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙතන හොඳක් මිසක් බොරුවක් වංචාවක් කරලා නැහැනේ. අපි අහල තියෙනවා සමහර දියුණු රටවල මේ ක්‍රමයට අත්පත්‍රිකා ආයතන වලට බාරදීලා ඒ හරහා නිවෙස් වලට යවන ක්‍රම. මේවට ඉතින් ලොකු මුදලක් ගෙවලාතමයි සිද්ධවෙන්නේ. ලංකාවේ තරුණයෝ දැන් හරිම දැනුවත්.අනික මේ ක්‍රමයට අනවශ්‍ය ගැටුම් ඇතිවෙන්නෙත් නැහැනේ මොකද? හැම අපේක්ෂකයෙක්ගේම පත්‍රිකා බෙදන්නේ එක කණ්ඩායමක් නිසා.මීළඟ ඡන්දෙදි අනිත් හැම පළාතකටම මේක ව්‍යාප්ත කර ගත්තොත් නියමයි (නි)
ඌරගේ මාළු උගේ පිටේ තියලම කපනවා කියන්නේ ඕවට තමා. අපේ රටේ ඉන්න ගොඩක් ජන්ද දායකයන්ට වඩා මේ මිනිස්සුන්ට මොලේ තියනවා. අපේ අනිත් මිනිස්සු ටිකටත් මේ ඉතුරු දවස් ටිකෙවත් මේ වගේ මොලේ පැදේවා කියල ප්‍රර්ථනා කරමු.(ම)
අපිටත් බැරිද? (නි)
මොළේ තිබෙන මිනිස්සු. (නි)
දේශපාලනය නමැති මහා රැකියාවේ අතුරු අදායම් මාර්ග (නදී)