ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඇතැම් තනතුරු දීමේදී මුදල් හුවමාරුවූ බවට චෝදනා ඇතැයි සභා නායක වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (21) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සත්‍ය විකෘති කරමින් සිටින බවයි.
පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් පැවැත්වෙන විරෝධතා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම වැළැක්වීමට ගත් ක්‍රියා මාර්ගයක් ලෙස තමන් සලකන බව ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්න මතු කළ නොහැකි බවත් එවැනි ප්‍රශ්න මතුකළ යුතු නම් එය කළ හැක්කේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පමණක් බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
අල්ලස් කොමිසමට ඇඟිලි ගැසීමට කථානායකට, ජනපතිට හෝ අගමැතිට බලයක් නැති බවද හේ අවධාරණය කළේය.
කිසිවකුටත් අල්ලස් කොමිසමට ඇඟිලි ගැසිය නොහැකිනම් එහි සභාපති පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ දරන්නේ කුමන මතයක්දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ‘කිසිවකුටත් එහෙම කරන්න බැහැ කවුරුන් කළත් එය නුසුදුසු ක්‍රියාමාර්ගයක්. අප ඊට විරෝධය දක්වනවා‘ යැයි පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රකිත් මේ, එහෙනම් ගිය ආණ්ඩුවෙන් සරත් ෆොන්සේකාට දුන්නෙත් දේශපාලන පත්වීමක් තමයි, එයාට වඩා සුදුසු අය හිටිය ඒකට, දේශපාලන පත්වීමකින් හරි වැඩක් කරවගන්න ඕන නම් ඒවා දෙන්න වෙනවා! (ස)
කොහොමත් මේ ලක්ෂ්මන් කිරිඇල්ල කියන්නේ කටට බ්රේක් නැති කෙනෙක්, කිසිම බුද්ධිමත් දෙයක් කියවෙන්නේ නැති කටක් එයාට තියෙන්නෙත්! (ස)
කටේ මසුරන් දාන්න ඕනේ. දෙපත්තෙම ලේකම්ලත් විකුණුනානේ. (ස)
මුදලට දෙමාපියන් පවා පාවාදෙන කලක තනතුරු ගැන කවර කතාද? (නි)
ලංකාවේ සිටින විකටයන්ගෙන් කෙනෙක් !!!!!!!!!!!ඕන මෝඩයෙකුට සල්ලි නයට අරගෙන යුද්ද කරන්න පුළුවන්නේ !!!!!!!!???? යුද්ද නොමැති රට ඕනෑම මෝඩයෙකුට කන්න පුළුවන්නේ .(ස)
අපි දන්නවා මේ ගොල්ලගෙ කෙරුම්. සහ කියුම්. අපිට අමතක නෑ කොටින්ගේ පරාජය දැක දැක රණ විරුවන්ට මේ ගොල්ලෝ සමච්චල් කරමින් කියපු කතා. මෙයත් කිව්වා නේද යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන් හමුදාපති බූරුවෙක් කියාල. (ස)
යුද්දේ ඉවර නැහැලු තවම තියෙනවලු ඉතින් හමුදාවට කියනවකො , මුදල් හුවමාරු උනාලු ඉතින් අල්ලස් කොමිසමට කියනවකො, සර්ව අසුබවාදීන්ගෙන් රටට වැඩක් නැහැ (බ)
සම්පත් වන්නි ආරච්චි, ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්ය කියපු ගොනා පෙනෙයිද රට රැක දුන් වීරයෙකුට අපහාස කරන්න යමපාලනේ රාජ්‍ය බලය යොදා ගැනීම සාධාරණීකරණය කරන්න ගොන් තර්ක ගෙනෙන හැටි! කොහොම වුණත් ගොන්නුන්ගේ මේ නොපනත් කම් වලට නියම උත්තරේ දෙන්න අපිත් බලාගෙන ඉන්නේ මහ ඡන්දේ එනකම් තමයි. (ස)
මෝහන් කියන්නා වගේ පොදු අපේක්ෂකයාව ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එලියට අරගෙන තියෙන්නේ පොදු අපේක්ෂකකම අල්ලසක් හැටියට දෙමිනුයි. යුඑන්පියේ කට්ටිය එයාට උදව් කරලා තියෙන්නේ ජයග්‍රහණය කළාම ව්‍යවස්ථාවටත් පටහැනිව පික්පොකට් ආණ්ඩුවක් පිහිටුවලා අගමැතිකමත් අනෙකුත් ඇමැතිකමුත් එයාලට අල්ලසක් ලෙස ලබා ගැනීමේ අපේක්ෂවෙනුයි. අගමැතිගේ ගජ යාලුවෙකුගේ භාර්යාවට අල්ලස් කොමසරිස්කම දීල තියෙන්නේ එයාට කියලා ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරවාගැනීමේ අදහසිනුයි.. අනේ මන්ද මේ යහ පාලන අල්ලස්තන්තරේ කතා මැද කතා මැද තවත් කතා ඇතිව පන්චතන්තරේටත් වඩා දිගට ඇදෙනවා වගෙයි! (ස)
රකිත්, හිටපු හමුදාපතිට දඬුවම් ලැබුනේ ඔහු ඇමෙරිකානු ආණ්ඩුවේ උපදෙස් මත සුදු කොඩි කතාව කියා රටට ද්‍රෝහී වුනු නිසයි. හිටපු අගවිනිසුරුවරිය ගෙදර යැව්වේ විධිමත් ලෙස අනුගමනය කළ සම්මත ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමෙන් මිසක් පැය 24න් නොවෙයි, දැන් ඇය සර්ව නිර්දෝෂී සේ සැලකුවත් ඇයට සාධාරණ සැකයෙන් තොරව සනාථ කෙරුණු වත්කම් හෙළි නොකිරීමේ චෝදනා තිබුණු බවත් එපමණක් නොව තම කංලත්‍රයාට එරෙහි නඩුවක් උසාවියේ විභාග වෙද්දීත් එනම් ඇයගේ භූමිකාවන්හි වගකීම් වල පරස්පරභාවයක් තිබෙද්දිත් මෙය අධිකරණයේ ගෞරවය රකිමින් තමන් විසින් ම ඉල්ලා අස්විය යුතු තත්ත්වයක් ව තිබියදීත් ඇය අස් නොවී ධුරයේ රැඳී සිටියේ ඇය දැරූ තනතුරේ ගෞරවය ද කෙලෙසමිනුයි. එමෙන් ම ගිය රජය ඇය ගෙදර යැවුවේ ව්‍යාවස්ථානුකූල ක්‍රියාමාර්ගයක් අනුව කටයුතු කිරීමෙන් වුනත් මේ රජය මොහාන් පිරිස් අගවිනිසුරු ගෙදර යැව්වේ කවර නීතියකට සදාචාරයකට එකඟව දැයි මඳක් සිතා බලන්න. හැරත් හිටපු අගවිනිසුරුවරියගේ ඇතැම් නඩු තීන්දු වලින් පෙනී යන්නේ ඇය අපක්ෂපාති නොවී දෙමල බෙදුම්වාදයට ආවඩන බවයි. (බ)
සිවු පාවුන්ගේ ඡන්ද අරන් රජය පින්පොකෙට් ගසා නටන සෙල්ලම ,තොත්ත බබාලා. (ස)
ඒකනේ පිවිතුරු යහපාල, ඕනෑ කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු අය දැන් අසරණවෙලා ඉන්නා හැටියෙන්ම බොහෝ දේ ඔප්පුවෙනවා. (නි)
නියම කතාව මහත්තයෝ (නි)
ඕවා ඉතින් හැමදාම හැමතැනම වෙන ඒවනේ (නි)
ඔබගේ කතාව අපිත් පිළිගන්නවා (නි)
ඡන්ද කාලෙදි නම් ඉතින් මොනවා වෙන්න බැරිද? (නි)
හැමෝම දේශපාලන සෙල්ලමක් කරන්නේ. කවුරුවත් සද්බාවයෙන් වැඩකරන බවක් පෙනෙන්නේ නැහැ. මේ සෙල්ලම් නතර කරලා රටේ සංවර්ධනය කරන්න ඕනෑ. රට පස්සට යනවා. බලය ගත්තා නම් වැඩ කරන්න ඕනෑ. මොන රජයක් බලයේ හිටියත් ඒක වෙන්න ඕනෑ. මම විදේශයක ඉන්නේ. ඒක නිසා මම දන්නවා අපි කොච්චර පසුපසින්ද රටක් වශයෙන් ඉන්නේ කියලා. (නි)
මේ පොදු අපේක්ෂකයා වටා එක්වුණ පිරිස දිහා බැලූ විට කුමන්ත්‍රණය කෙතරම් සුක්ෂම ලෙස ගෙන යනවාද යන්න හොඳින් පැහැදිලි වෙනවා.විදේශ කුමන්ත්‍රණවල අතකොලු තමයි මේ පිරිස 2005 සිට මහින්ද ජනපතිතුමාට විරුද්ධව නොයෙක් උපක්‍රම යෙදුවා.මේ බලවේග කොටින්ට උදව් කළා.රට බෙදන්න කටයුතු කළා.මහින්ද මහත්මා මේ යට හිස නැමුවේ නැහැ.එනිසා මේ අය අදත් බොරු ප්‍රචාර කරගෙන යනවා.රනිල්ට සදාචාරයක් තිබුන නිසාද තමාට හිමි නැති අගමැතිකම ලබාගත්තේ.ඒකමඅල්ලසක් නොවේද? මෙයාලගේ අල්ලස් කොමිසමට හිතවතුන් පත්කරගෙන රට බේරාගත් නායකයාට මේ කරන අවලාද,බොරු චෝදනා හරිද?ඕනෑම ගොනෙකුට මෙය තේරුම් ගන්න පුළුවන්. (බ)
දේශපාලන අල්ලස් ගැන නම් කතාකරන්න එපා. (නි)
ඕනෑම කෙනෙක් දන්නවා එයා ගැන (නි)
හැමදාමත් බොරු කියලා ඒක වහගන්න තව දහයක් කියනවා.හැමදාමත් ඒක කරන්න බැරි බව දන්නේ නැහැ වාගෙයි. (නි)
මම මේ කල්පනා කලේ යුද්ධය දිනපු නායකයා, බටහිරට රටවල්වල් වලට නොබියව, එඩිතරව මුහුණදුන් නායකයා රටේ අල්ලස් කොමිසමට විතරක් ඇයි මෙච්චර බය? කිසි වරදක් කරලා නැත්නම් කාටවත් බිය විය යුතු නැත. එකපයින් යා යුතුය. එසේ යාමට බියවන අයට තමයි ඉහත සඳහන් සත්ත්ව විශේෂණ නාමය හිමිවිය යුත්තේ. (ස)
ලග පාතක හිටියනම් අනිනවා තියන දත් ටිකත් බඩට යන්න. සුද්ද සිංහලයන් වශයෙන් මොන වැරදි කරත් මහින්ද ජනාධිපතිතුමා නිසා අදටත් අපි සිංහලයන් වශයෙන් පාරේ බැහැල යනවා. මුන් හිටියනම් මෙලහකටත් ලංකාව ඉලන්කෙයි වෙලා ඉවරයි. එතුමා පිළිඅරන් තියනවා තමන් අතින් වැරදි වෙලා තියනවා ඉදිරියේදී එවැනි වැරදි නොවෙන්න වැඩ බලා ගන්න බව ප්‍රසිද්ධියේම. වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්. ඡන්දයක් තියපියව් අපි දන්නවා කරන්න ඕනේ දේ සිංහලයන් වශයෙන්. ගුවන් හමුදාව පාලනය කරන පලාලි ගුවන් තොටුපලත් ඩයස්පෝරාවට විකුනන්න දැන් තීරණය කරලා ඉවරයි. (ස)
යහපාලනයේ සියලු දේ මහජනතාව අනුමත කළා.මහජනතාව අනුමත කළ දේ අල්ලස් නොවේ. (නි)
ඕනෑම කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කට්ටියක් තමයි දැන් මෛත්‍රී මහත්තයාත් එක්ක රට පාලනය බාරගෙන ඉන්නේ. ඒකයි ඔක්කොටම මුල. (නි)
අනික් කට්ටිය මෙතන කියල තියෙන්න වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්ට පොදු අපේක්ෂක කම දෙන්නම් කියල බාගනනේ ඡන්ද අල්ලස් සෙල්ලම පටන්ගත්තේ. කිරිඇල්ල මහත්මය නම් මරු. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියල ඔප්පු කරා. ඔබතුමාට මගේ ප්‍රණාමය හැම පැත්තෙන්ම පුද කරමි. (ස)
රකිත්, මට නම් මේ අදහස දැක්කම තේරුනා ඇයි අපේ රට බේරාගත් නායකයා අල්ලස් කොමිසමට බයවෙන්න ඕන ඇයි කියලා. බටහිර රටවල්වල සතුරන් මූනටම ඒ බව පෙන්වනවා. අල්ලස් කොමසාරිස් වෙලා ඉන්නේ දැන් අගමැතිගේ යාලුවෙක්ගෙ බිරිඳ නම්, ඒ තනතුරත් දුන්නේ මහබැංකු අධිපතිකම වගේ යාලු කමට නම්, මොනවගේ ගිනිගෙඩියක් සෙට් කරලාද කියල කවුද දන්නේ. (ස)
ඔව් ඉතින් පොදු අපේක්ෂකයා ගත්තේ එහෙමනේ.. (ත)
ජනාධිපති මහින්ද කොහෙවත් කියලා තිබ්බේ නැහැ අල්ලස් කොමිසම ඉදිරියට යන්න බයයි කියලා. වටේ ඉන්න කට්ටිය මේ තරම් මේකට විරුද්ධ වෙන්නේ මොකද . එකම හේතුව තමන්ට රැකවරණය හදා ගන්න නිසානේ..(ම)
රකිත්, කියන්නේ බටහිර රටවල් වලට බය නැති යුද්දේ දිනපු අපේ නායකයා ඔයාලගේ එක එක අය නීතියට පිටිං ගිහිං කියන කියන විදිහට ගහන ගහන පදේට නටන්න ඕනේ කියලද? නාල එන්නකො. (ස)
දැන් කතානායකට විරුද්දව දෝෂාභියෝගයක් ගේන්න වෙනවා (ත)
රාජා කියන කතාව නම් ඇත්තම තමයි. කෝකටත් පරෙස්සම හොඳයි තමයි. (නි)
රාජා, යාළුකම් වලට, නෑදෑ පරපුරට තනතුරු ලැබිලා තියෙන්නේ දැන් විතරද? ජනවාරි 8 ට කලින් තිබුනේ නැද්ද? එහෙනම් ඔබේ තර්කයෙන්ම, හිටපු අගවිනිසුරුවරියට, හමුදාපතිවරයාට සෙට් වුනේ ගිනි ගෙඩි නෙමෙයිද? ඒවා සාධාරණ ලෙස යුක්තිය ඉටුකිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගද? රජකම් කලත් කළකම් පලදෙන බව නොයෙක් වර අප කීවේ නැද්ද? (ස)
රෝහිත්, එතකොට දැන්ද නීතියට පිටින් දේවල් කරන්නේ? ඒ කාලේ හැමදෙයක්ම සිදුවුනේ නිත්‍යානුකූලවද? පැය 24න් රටේ අගවිනිසුරුවරිය ගෙදර යැව්වේ නීතියට අනුවද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සළකා බැලුවද? මමත් හොඳට නාලා, තෙම්පරාදු වෙලා තමයි ඉන්නේ.(ස)
යමපලනයේ අවසානයයි. (ත)
තවත් අල්ලස් නාට්‍යක මුහුරත් උළෙලක් .... (ර)
බොරු අහල අහල දැන් ඇතිවෙලා තියෙන්නේ. දින 100 යට අවුරුදු 10 ක බොරු ඇද බෑව එකක්වත් ඔප්පු කරගන්න බැහැ. අඩුගානේ මහා බැංකුව කොල්ල කාපු එකවත් ඔප්පු කර ගන්න බැරිවුණා (බ)
නීතිය කාටත් පොදුයි . පියා වැරදිනම් ළමයි හැදෙන්නේ කොහොමද ? මහින්ද මහත්තයෝ , නීතියට ගරු කරන්න (බ)
නීතියට ගරු කිරීම එකක්. කවුරු මොනවා කීවත් මහින්දගෙන් ඔහු ජනාධිපති ධුරය දැරූ කාලයේ සිද්ධියක් සම්බන්ධව අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවීම පසුපස ඇත්තේ සැබවින්ම ඔහුට අපහාස කිරීම හා ඔහුගේ දේශපාලන ගමන් මගට අකුල් හෙලීමේ අවශ්‍යතාවයක් බව ඉතාමත් පැහැදිලියි.ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකිවා සේම ඕනෑම ගොනෙකුට අනුන්ට අපහාස කිරීමට රාජ්‍ය බලය යොදාගත හැකි බව මින් පැහැදිලි වෙනවා. (බ)
අපොයි ඔව්. මීට කලින් කිසිම වංචා දුෂණයක් නොවුන රටක් නේ මේක. අර මහජන බැංකුවේ අමුතු ජාතික හැඳුනුම් පත් අංකයකින් ගිණුමක් ඇරියේ කාගේ නෝනාද? (ස)
"ඕන කෙනකුට යුද්ධ කරන්න පුලුවන්". ඕන කෙනකුට මාධ්‍යයට මේ වගේ බොරු කියන්නත් පුලුවන්. (බ)
සුමුදු හේවා, හිටපු හමුදාපතිට එරෙහිව දුන් තීන්දුව පක්ෂපාතිව, දේශපාලන වාසි ලබාගැනීම සඳහා ගත් තීන්දුවක් බව එම තීන්දුවට එරෙහි වූ ස්වාධින විනිසුරුවරයෙක් පැවසුවා. එම තීන්දුවට පසු සමහරුන්ට තනතුරු සහ විදේශ සංචාර ලැබුණා. සුදු කොඩි කතාව හිටපු හමුදාපතිවරයා ප්‍රතික්ෂේප කළා. හිටපු අගවිනිසුරුවරිය නෙරපා හැරීමට පසුබිම වුනේ දිවි නැගුම පනතට එරෙහිව දුන් තීන්දුවයි. කිසිදු බෙදුම්වාදයක් ඊට හේතු වුනේ නැහැ. ඇය ඉවත් කිරීමට අනුගමනය කළ ක්‍රියා පටිපාටියට එරෙහිව කථානායකවරයාද සිය අප්‍රසාදය පළ කළා. ඇගේ කලත්‍රයා එම තනතුරට පත්කළේ හිටපු ජනාධිපතිවරයායි. හිටපු අගවිනිසුරුවරයා ජනවාරි 9 දා අරලිය ගහ මන්දිරයේ කුමක් කළේ දැයි පළමුව සොයා බැලිය යුතුය? (බ)
මෙයාල කට ඇරියොත් බොරු කියවන්නේ. වැඩිය ගනන්ගන්න දෙයක් නැ මෙතන (බ)
හරියට ආණ්ඩුවක් ගෙනියන්න බැරි බවනම් අපිට මේ දින 100ණ් හොදින්ම පැහැදිලි උනා මහත්තයෝ..ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න..ඔය පදවි තානාත්තර තව දින කීපයක් පමණයි..ඉතිහාසයේ 2002 -2004 දී වුනු අතට ගත් දේ කට දාගන්න බැරි වීම මෙදාපාරත් සිදුවෙන්නේ ඒ අකාරයටම තමයි මහත්තයෝ..ඊට වඩා ගොඩක් අඩු කාලෙකින්. (බ)
ඕනෑම කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් වුණාට ඕනෑම කෙනෙකුට ආණ්ඩුවක් ගෙනියන්න බැරි බව නම් අපිට හොඳින්ම පැහැදිලි වුණා (නි)
එහෙම බැලුවොත් පිනට අගමැති පත්කිරීමත් ව්‍යවස්ථා විරෝධීයි නේද ? (ස)
දැන් ඔක්කොමට පෙන්නේ මහා බැංකුවේ වංචාව විතරයි. 2005 ඉඳල කරපු වංචා,කොමිස් ගැන ඇයි කතා කරන්නේ නැත්තේ....එක පක්ෂයක් බදාගන එක පුද්ගලයෙක් බදාගන හිටියම හරියි. බලගෙන ඉන්න...රට ගැන හිතන්න.කුහක නොවී (බ)
වැඩිය කියවන්න දෙයක් නැහැ මහින්ද මහත්තයම දැන් පිළිඅරන් තියෙනවා වැරදි කරපු අයට දඩුවම් දුන්නේ නැහැ කියල.ඉතින් තව මොනවද කියවන්නේ.දින 100 වැඩ කරන්න දෙන්නේ නැතුව කකුලෙන් ඇද්දේ විපක්ෂයේ හොරු ටික තමයි (බ)