මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත.
සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපතිගේ රුව රැගත් කටවුට් මාතර ගොඩගම අධිවේගී මාර්ග පිවිසුම් දොරටුවේ ටිකට් කවුන්ටරය අසල සවි කිරීම ඇරැඹිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් යෑම සපුරා තහනම්ය.
මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත.
සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපතිගේ රුව රැගත් කටවුට් මාතර ගොඩගම අධිවේගී මාර්ග පිවිසුම් දොරටුවේ ටිකට් කවුන්ටරය අසල සවි කිරීම ඇරැඹිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් යෑම සපුරා තහනම්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු වැඩි වෙනවා මේවා නිසා (දී)
දේවාලේ කපුවට බැරි නම් කාටද පුළුවන්. හැම කණුවකම ගහන්නයි තියෙන්නේ. මහජන මුදල් වුනත්, ණය වුනත්, මේ පාරවල් හැදුවේ රනිල් ද, මහින්ද ද ? පාරේ යන මිනිහ දැනගන්න ඕනේ පාර බලාගෙන යන්න. බෝඩ් බලාගෙන පාරේ වාහන එලවන්න පුලුවන්ද? ඊ ලගට අහයි එහෙනම් පාරේ බෝඩ් ගැහුවේ මොකද කියල. එක බලන අයට බලාගන්න විතරයි. අකමැති අය අහක බලාගෙන යන්න.(ස)
අයියෝ සල්ලි ! (දී)
"මාතර කොට්ටාව අධිවේගී මාර්ගය ද ඡන්ද ප්‍රචාරයට යොදා ගෙන ඇත." "දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් යෑම සපුරා තහනම්ය." නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ. අදිවේගී මාර්ග හැදුවට, අදිවේගී කියන තේරුම දන්නේ නැ. (ස)
දේශපාලන මතයක ඉද නොවෙයි මේවා කියන්නේ මේවා සාධාරණද, මේ පාරේ මේවා එල්ලන්නේ යන මිනිස්සුන්ට පේන්න, අනතුරු උනාම වග කියන්නේ කවුද අපිම වග කියා ගන්න ඕනෙද (දී)
දැන් ඉස්සරහට අනතුරුත් වැඩිවෙයි මේ දිහා බලන් යන්න ගියාම.(හේ)
බන්දුල, සුපුන් අට වැනිදායින් පස්සේ බලමු (දිල්)
ජනවාරි වෙනකන් පමණයි කකුළුවා වතුරේ නටන්නේ ....ඔහේ නටපුදෙන්.(හේ)
කසුන්, ඔබ හරියට හරි (නි)
අනේ මන්ද මටනම් කියන්න තියෙන්නේ ලැජ්ජයි, වැඩේ කැතයි.(හේ)
මම නම් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඔය බොරුවට පෝස්ටර් ගහන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. ඔබතුමා ජනතාවගේ හදවතේ රඳවා තිබෙන ප්‍රතිරූපය හොඳටම ඇති. ජය වේවා!!!! (නි)
මැතිවරණ නීති වල් වැදිලා.(හේ)
ඔය පාර හැදුවෙ එයා, ඉතින් මොකෝ පින්තූරෙ එල්ල ගත්තම. රිය අනතුරු හැම තැනම සිදුවෙනව. අනික අපිට මොකෝ අනතුරු සිදු වුණාට. වැඩිම වුනොත් මැරෙයි. (අ)
මෙහෙමත් හරක් ඉන්න රටක්. (නදී)
පොස්ටේර් වලට කටටුට් වලට ඡන්දෙ දෙන මිනිස්සු දැන් හරි අඩුයි. (ස)
මේ පාරවල් හදල තියෙන්නේ කගේ හරි පුද්ගලික ස්ල්ල්ලිවලින්ද නැතිනම් ගිනිපොලියට ණයට අරන්ද ? මේවල යන්න ගෙවන්නත් ඕනෙලු නේද ? (ස)
ඔන්න ඔය නිසා තමයි විධායක බලය සිමා කළ යුත්තේ. මෙය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක්. පයින් යන්න තහනම් පාරේ කොහොමද පොස්ටර් ගහන්නේ. නිතීය බලයට යට වුනාම ජනතාවට නීතිය අතට ගන්න වෙනවා. ඒ තත්වයට ජනතාව පත්කරන්නේ පාලකයො. (ස)
ආණ්ඩුව මේ තරමටම මෛත්‍රී ට බයවෙලාද දැන්. ඕකට තමයි කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියල. බොරුවෙන් අසාදාරන කමින් හැම දාම ජිවත් වෙන්න බැහැ. ආණ්ඩුවේ හැම කෙනෙක්ම යැපෙන්නේ ජනතාවගේ මුදල් වලින්. එ්ක හරිම බයානකයි. (ස)
අපරාදෙ අපේ සල්ලි. (ස)
මේවා අනුමත කරන්න පුළුවන් දේවල් නොවෙයි (දී)
අනේ දෙවියනේ අපේ රටට මේ කරන දේ. (ස)
පයින් යන්න තහනම් මනුස්සයින්ට පමණි ......ට අධිවේගී මාර්ගය තහනම් නැහැ. (ස)
බැරිද ඔය පෝස්ටර් කටවුට් වෙනුවට වීදුරු කන්නාඩි හයි කරන්න. එතකොට ඔය හැම කෙනෙක්ටම තම තමන් කරන දේවල්, කියන දේවල් වල බරපතලකම පෙනෙයිනෙ. ලජ්ජ බයකුත් එක්කම (දී)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
ජනතාවට තමයි ඉන්න බැරි වෙන්නේ (දී)
ලෝකේ කොහේවත් අධිවේගී මාර්ගවල දැන්වීම් දාලා නැහැ. එක අනතුරු වලට ප්‍රධානම හේතුවක් (ස)
මම නම් ඔකුත් කියන්නේ නැහැ (දී)
මම මොකුත් දැක්කේ නැහැ (දී)
කටවුට් එල්ලන්නෙත් ඔකේ වැඩ කරන අයම නේද.? ඒ අයව රාජකාරි කාලය තුල ඕවා කරන්න පුලුවන්ද.? (ර)
මේ නීති විරෝධී වැඩ වලට එරෙහිව කටයුතු කරන්න කවුරුත් නැද්ද (දී)
මේ වගේ වැඩනම් අනුමත කරන්න බැහැ. (දී)
මේවා නීතියට අනුකුලද (දී)
මම නම් කියන්නේ මේකේ ඕනෑදෙයක් කරන්න පුළුවන්. මොකද මේක අධිවේගී මාර්ග පිවිසුම නිසා. අනෙක් අතට මේක හදපු ජනාධිපතිතුමාගේ ෆොටෝ නැතුව වෙන කගේ ඒවා අපි දාන්නද? (නි)
චන්දය උණුසුම් (දී)
මාර්ග සලකුණු ඇති තැන් වලත් සමහර පුවරු සවි කරලා (දී)
මේවා මමනම් කීයටවත් අනුමත කරන්නේ නැහැ (දී)
ජනමතයට කාටත් හිස නමන්න වෙනවා. අවංක කමට තැන ලැබෙයි. (ර)
මේවා ගහන්නේ පිවිසුම් මාර්ගයේ. පුළුවන් දෙයක් කරන්න. මම නම් කියන්නේ තව ගහන්න කියලා (නි)
අපේ ජනාධිපති තුමාගේ පෝස්ටර් කොහේ ගැහුවම මොකෝ. අධිවේගී මාර්ගයක් මහලොකු තැනක්ද? අපිට පුලවන්නම් අපි හඳෙත් ගහනවා. (ර)
මේ ඉන්නේ රජයේ සේවකයෝ නේද ? පඩි ගන්නේ මහ ජනතාවගේ මුදල් වලින් මේ වැඩ කරන්නද රටට ගිය කලක්. (ස)
ගොඩගම හුවමාරුව දැකලවත් නැති මිනිස්සු කියන කතා ඕවා. රටට නිදහස ලබා දුන්නේ මේ මනුස්සයා, අදිවේගී මාර්ග හැදෙව්වේ මේ මනුස්සයා, ඉතින් ඇයි එයාගේ ෆොටෝ ඒ පාරේ ගහන්න බැරි.? (ර)
අට වෙනිදාගෙන් පස්සේ බලමුකෝ (දිල්)
මෙන්න මේවා තමා මිනිසුන්ට එපා වෙන දේවල්.අද ලංකාවේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් (දිල්)
මෙතුමාට මේ සඳහා අයිතියක් ඇත. (ස)
මේ කට්ටිය ගහන් නැතිව ඉන්න හොඳේ, ඔක්කොමලගේ ෆයිල් මා ලඟ තියනවා. (ස)
එතකොට පාර හදල තියෙන්නේ කටවුට් ගහන්නද ? අපි හිතුවා ජනතාවට පොදු පහසුකමක් වශයෙන් කියල. (ස)
සවිඥානිකයෝ සියල්ල උපේක්ෂාවෙන් මේ දෙස බලා මෛත්‍රී සහගත තීරණයක් ගනිත්වා.......!!! (අ)
ඡන්ද ප්‍රතිඵල දැනටමත් තීරණය කරලා වගෙයි පෙනෙන්නේ. (ර)
ඔය අනුමත කරන්නේ නෑ කියන මහත්තුරු මෙතරම් ඉක්මනට ජනාධිපති තුමා පාර හදල දීපු එක අනුමත කරනවද?....(අ).
මෙයාලට මොකාද මේවට අවසර දෙන්නේ (නදී)
ලංකාවට වෙච්ච දෙයක්.(හේ)
වැඩ කරල තියනවා නම් මොකටද ඔහොම දගලන්නේ. මට පේන්නේ ටික්කො තමා බෝර්ඩ් එල්ලන්නේ. (නදී)
මේවා හදල තියෙන්නේ මොනාටද කියල දැන් තේරෙනවා. රටක නීතියක හැටි. (නදී)
දැම්මම ඔහොම නම් ? (නදී)
ඕව දැක්කම කතිර ගහන්න ඉන්න මෝඩයොත් ගහන්නේ නැහැ. (නදී)
කටටුට් පෝස්ටර් දැක්ක කියල මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙන්නේ නැහැ. මේවා එල්ලන්න යන මිනිස්සු එක්කෝ අනතුරු වලින් මැරෙනවා එක්කෝ ගහගෙන මැරෙනවා. දිනුවත් පැරදුනත් මේ මිනිස්සුන්ට හම්බ වෙන දෙයක් නැහැ. (නදී)
මේවා හයි කරන්නේ කව්ද කියල දැක්කද? මේ මාර්ග සංවර්දන අධිකාරියේ වැඩට ගත්ත සේවකයින්. මොවුන්ට මෙසේ කෙලින්ම දේශපාලනයේ යෙදිය හැකිද? රජයේ වැටුප් ගන්න ඔවුන් කඩේ යන්නේ කෙසේද? ලෝකේ පිළිගත් සම්ප්‍රදාය නම් කිසිම අධි වේගී මාර්ගයක ප්‍රදර්ශන පුවරු සවි නොකිරිමි. නීතිය නැති රටක අපිට මෙයට වැඩි දෙයක් බලා පොරොත්තු විය නොහැක. රට පුරාවටම අසීමිත ලෙස කටවුට් ගසමින් සිටි. මේ කාගේ මුදල්ද. කෝටි ප්‍රකෝටි ගණනින් නිකරුනේ මේ වියදම් කරන්නේ මහජනතාගේ මුදල්ය. (නදී)
පිළිවෙළට ඔක්කොම පිරිස ගහන්න. ජනවාරි වෙනතුරු අපිට බලන්න පුළුවන්. (නි)
කමක් නැහැ. ඕවා ඉතින් ඔහොම තමයි (නි)
ඉහත ඡයාරූපවල තිබෙන අවනීතියට අපි කතිරෙන් උත්තර දීලා නීති ගරුක සමාජයක් හෙට දවසේ බිහි කරමු. (නදී)
එක අතකට මේකත් නියම වැඩක් තමයි. කිසිම කම්මැලිකමක් නැතුව කරන්න පුළුවන් වැඩක් (නි)
අවුලක් නෑ යුද්දේ දිනන්නේ. ඉතින් ඕනේ දෙයක් කරපුදෙන් (නදී)
මම දන්නා විදියට මේ හයි වේ එකට ඇතුල්වෙන තැන. හයි වේ එක ඇතුලේ ගහලා තියෙනවා නම්, ඒක ලොකු අවදානම් වැඩක් (නදී)
විනයක් නීතියක්, නැති රටක්, ඉදිරි දරු පරපුර ගැන දුකයි (නදී)
කසුන්, ඉඳල ඉඳලා බත් ටිකකුත් කෑවොත් නරකද. තණකොළ විතරක් කල මදි. (නදී)
ජනතා මුදල් කාබාසිනියා කරනවා. (ස)
රජයේ සේවකයන්ව, නිල ඇදුමෙන්ම, ඡන්ද ප්‍රචාරණ වැඩට යොදා ගැනීම. (නදී)
මේ ගහන්නේ අදිවේගී මාර්ගයෙන් පිට. අදිවේගී මාර්ගයට යන පිවිසුම් මර්ගයේ. ඒක මාතර ගොඩගම පිවිසුම් මර්ගෙට ආවම බලාගන්න පුළුවන්. මේවට වියදම් කරන්නේ රජයේ සල්ලි නෙවේ. මෙතන වැඩකරන සේවකයන්ගේ සල්ලි. මේ පාරට බැන බැන මේ පාරේ යන මහත්වරු කාටත් මේව පේනවා මෙතනින් යනකොට. අපිට ජීවත් වෙන්න රැකියාවක් දුන්න රැකියාවක් කරන්න රටක් ඉතුරු කරලා දුන්නු කෙනා වෙනුවෙන් අපි මේයිට වඩා දේවල් උනත් කරන්න ලැස්තියි. (ර)
ජනවාරියෙන් පසුව හඳට තමයි යන්න වෙන්නේ....මයිත්‍රී ට ජය වේවා. (ස)
ජනතාවට වැඩ කරලා තියෙනවනම් අැයී මේ මහා වියදමක් දරන්නේ ......මේ දිහා ජනතාවගේ බුද්ධිමත් අවධානය යොමු විය යුතුයි ...මේ එක රූපයකට වියදම ගණන් හදල බලන්න. (ස)
මෙතුමාට අයිතියක් නැත්නම් කාට ද තියෙන්න. පාර හැදුවෙ රනිල් ද නැත්නම් ප්‍රභාකරන් ද? (ස)
ඉන්දික, කසුන්, මේවා හැදුවේ ගෙදරින් ගෙනාපු සල්ලිවලින්ද ? (නදී)
උදේ සවස ඇසෙන සර්ව සාදාරන දේශපාලනය. (නදී)
අධිවේගී මාර්ගයේ පයින් යන එක වැරදි නේද.? (ර)
ගැහුවම මොකද වෙන්නේ පාර දිගේම. කාටවත් මොකද.? (ර)
කෝ ඡන්ද කොමසාරිස්? හෘද ශාක්ෂියට අනුව ගන්න පඩියට ඔහුගෙන් යුක්ති ගරුක සේවයක් ඉෂ්ට වෙනවාද. මා නම් ගිහින් බතල වවලා ජීවත් වෙනවා කොන්ද කෙලින් තියාගෙන. (නදී)
පොලිසිය නිදිද අනේ ? (දී)
පාරවල් හැදුවේ මෙතුමා උනත් ඒවාට මුදල් යට කලේ එතුමාගේ පුද්ගලික බුදලයකින් නෙමෙයිනේ. මාර්ගයේ පයින් යාම තහනම් නම් කොහොමද මේ කටවුට් ගහන්න අවසර ලැබුනේ. කොහෙන් කඩන් පාත් වෙච්ච නීතියක්ද මේක. මදැයි හා හා පුරා කියලා ජනතාවට දුන්න පුර්වාදර්ශේ තරම. (නදී)
මේවා ගහල තියෙන්නේ පිවිසුමේ පමණි. (නදී)
ඉන්දික, මාර්ග හැදුනේ ජනතාවගේ බදු මුදලින් මිස කාගේවත් පුද්ගලික ධනයකින්ද? ඔයතරම් ගැතිවෙන්න එපා කාටවත් (නි)
කවදාහරි දවසක කළ වැරැද්දේ බරපතළකම වැටහේවි (නි)
ඔය අපේ පාන් ගෙඩියට, පරිප්පු ටිකට, හාල් ටිකට, කිරිපිටි ටිකට ගහන බදු මුදල් මිසක් වෙන මොනවාද? (නි)
කවුරු කොහොම පාරවල් හැදුවත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ කිසිම දැන්වීමක් අධිවේගී මාර්ගයක එල්ලන්න. බොරැල්ල හන්දිය බැලුවත් හැමතැනම( මුළු රටේම මහා මාර්ග වල) පෝස්ටර්, කට අවුට් පිරිලා. මේවා ඔක්කොම මහා ජනතාවගේ සල්ලි. කාගෙවත් පුද්ගලික බුදලයක් නෙමෙයි. (නි)
දාන්න සුපුන් මල්ලි දෑතින්ම දහයක්...ලෝකෙට ණය වෙලා හදන මේ පාරවල් මොකටද කිය කියා අධිවේගෙන්ම ගමන යන මේ කුහකයින්ට පේන්න, මේ පාර හදල දුන්නේ මෙතුමා කියල පේන්න ඇතුල් වෙන එලියට යන තැන්වල විතරක් නෙමෙයි අධිවේගේ මාර්ගේත් මෙතුමාගේ කටවුට් දෙක තුනක් ගහල තියන්න ඕන විදව විදව ඔය පාරේ යන්න එන්න..(අ)
මට නම් කියන්නේ කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි (නි)
මිනිස්සුන්ට වෙන කරදර ගැන හිතුවද (දී)
ඉන්දික, පාර හදන්න වියදම් කළේ කාගේ සල්ලිද? (නි)
බලන්නකෝ නිකන් යන එන යට දකින්න ලැබෙන ප්‍රපාතවත් පෞර්ෂය.දැක්කම බඩ පිරෙනවා..ඉරිසියාවේ පැලෙන කට්ටිය කොහොමත් ඉරිසියාවේ පැලෙනවා.ඔතන රනිල්ගේ හරි මෛත්‍රීගේ හරි පින්තුර ගැහුවනම් තියෙන වෙනස හිතන්නකෝ...නාටු මි හරක් නැතුව සිංහ රාජයෙක්ගේ හස්ති රාජයෙක්ගේ පින්තුරයක් කවුරු කොතන ගැහුවත් අපිටනම් ප්‍රශ්නයක් නැහැ...(අ)
බලන්නකෝ නිකන් යන එන අයට දකින්න ලැබෙන ප්‍රතාපවත් පවුරුශය.දැක්කම බඩ පිරෙනවා..ඉරිසියාවේ පැලෙන කට්ටිය කොහොමත් ඉරිසියාවේ පැලෙනවා.ඔතන රනිල්ගේ හරි මෛත්‍රීෙග් හරි පින්තුර ගැහුවනම් තියෙන වෙනස හිතන්නකෝ...නාටු මි හරක් නැතුව සිංහ රාජයෙක්ගේ හස්ති රාජයෙක්ගේ පින්තුරයක් කවුරු කොතන ගැහුවත් අපිටනම් ප්‍රශ්නයක් නැහැ...(ස)
බන්දුල පෙරේරා කියල වැඩක් නැහැ . කොච්චර බඩ පිරුනද කියන්නේ එක පාරටම මගේ හිතත් පිරුණ. (ස)
මේ මනුස්සය පාර හදපු නිසානේ මෙහෙමවත් ගමනක් යන්නේ. ඒවා වැඩ කරන කොල්ලෙක් ට හරි මතක තියෙන එක ලොකු දෙයක්.. (ස)
හැදුවේ මහින්ද , හැමෝම දැන් යනවා. එතුමාට පුලුවන් පින්තූර එල්ලන්න. නැතුව මෛත්‍රී පාල පින්තූර එල්ලන්නද ? (ස)
ඔහේ නටපුදෙන්.....(ස)
අපේක්ෂකයෝ සියල්ලන්ටම සුභපැතුම් (දී)
ඉන්දික ඔයාගේ කතාව හරියට දරුවා මගේ හින්ද මට දරුවාව අපයෝජනය කරන්න පුළුවන් වගේ කතාවක් නේ. කැතයි හොඳේ අන්තිම කැතයි වැඩේ හොඳේ (දී)
ලංකාවට මොකද වෙන්නේ කියා මට නම් හිතා ගන්න බැරුව තමයි ඉන්නේ (දී)
තව ටික දවසයිනේ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ යුතුයි දැන්ම.(හේ)
බන්දුල පෙරේරා උන්නැහේ, තව ටික දවසකින් ඔබතුමාගේ කේෂර සිංහරාජයාට මොකද වෙන්නේ ? (නදී)
මේවා වැරදිද හරිද කියලා ජනවාරි 8 ජනතාව තීරණය කරයි (දී)
කිසි සේත්ම අනුමත කරන්න බැහැ මොකද මේවායින් මාර්ග අනතුරු වෙන්න පුළුවන් (දී)
පර හදපු කෙනාගේ කටවුට් ගහන්නේ නැතිව පාරට විරුද්ධ වුණ මිනිස්සුන්ගේ ඒවා ගහන්නද කියන්නේ?(දිල්)
බන්දුල පෙරේරා සමග එක බානට බඳින්න පුළුවන් සුදුසු කෙනෙක් හොය හොයා හිටියේ ගොඩක් කල් ඉඳල සුපුන් මල්ලි. දැන් ඉතින් ඒ ප්‍රශ්නෙත් යන්තම් ඉවරයි. (නදී)
මයිත්‍රීට ජය වේවා... (ස)
ඔව් ඔව් ඉන්දික මහත්තයෝ ජනාධිපති තුමාගේ සල්ලි වලින්මනේ ඔය අධිවේගී මාර්ගය හැදුවේ ඒ හින්ද ඒක එතුමාට පමණයි අයිති. ඔය කටවුට් පෝස්ටර් ගහන්නෙත් එතුමාගේ සල්ලි වලින්නේ එක හින්ද අපට ප්‍රශ්නයක් නැහැ. එහෙම නේද?(අ)
අම්මපා ඡන්දෙ දීල ලැජ්ජාවේ සතුටේ බෑ... !!! (ස)
නිතිය අතට අරගෙන නේද ?(හේ)
මේ පාර තමයි ඔය ඔක්කොම වෙනස් වෙන්නේ (නි)
කසුන්ට ජයවේවා! (නි)
මේවට මොනවා කියන්නද කියලා මට නම් හිතාගන්න බැහැ (නි)
මේ අධිවේගී මාර්ගයෙන් පිටවුණාට පස්සේ තියන පාර නම් ප්‍රශ්නයක් නැහැ (නි)
දේශපාලනයේදී ජනතාව බුද්ධිමත් විය යුතුයි.(හේ)
ඕවා බලාගෙන යන්න වේග සීමාව අඩු කරයිද?(හේ)
අවසාන ප්‍රතිඵලය කුමක් වේද?(හේ)
මේවා කාට නම් කියන්නද (දී)
වැඩක් නෑ මේ ගැන කතා කරලා.(හේ)
අඩිවේගී මාර්ග නීතිය මේ ඇම්බට්ටයන්ට බලපාන්නේ නැද්ද?කෝ අර එලව එලව දඩකොල ලියන අඩිවේගී පොලිසිය. (නදී)
කසුන් හරි.(දී)
තව කොයි තරම් පාරවල් තියෙනවද පෝස්ටර් ගහන්න (දී)
අපරාදේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි! (නි)
මේකෙන් අධිවේගී මාර්ගයට නව එළියක් එනවා (නි)
අල, පරිප්පු ... වලට ගහන බදුවලින් අපිම තමයි ඕවා ගෙවන්නේ . (හේ)
මම නම් කියන්නේ මේක කළාට කමක් නැහැ (නි)
තමන්ගේ ආත්මය පාවාදෙන්න එපා මිනිසුනේ (නි)
ඔන්න ඔය නිසා තමයි විධායක බලය සිමා කළ යුත්තේ. මෙය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක්. පයින් යන්න තහනම් පාරේ කොහොමද පොස්ටර් ගහන්නේ. නිතීය බලයට යට වුනාම ජනතාවට නීතිය අතට ගන්න වෙනවා. ඒ තත්වයට ජනතාව පත්කරන්නේ පාලකයො.(හේ)
ඔච්චර ප්‍රසිද්ද නම්, ඔච්චර බය නැත්නම් ඇයි අනේ හැම තැනම නොතැනම අදික මුදලක් වියදම් කරලා පෝස්ටර් අලවන්නේ (නදී)
ස්ටැන්ලි මහත්තයෝ, ඔය අදහස දාපු ගහලයා කවුද කියලා ඔබතුමත් දන්නවා මාත් දන්නවා. (නදී)
කව්රුත් දගලන්නේ මහා ජනතාවට සේවය කරන්න. තව තවත් කතිර ගහලා හැමෝවම පත් කරන්න ඕනා. අපේ රටට ඔබින්නේ හමුදා පාලනයක්. (නදී)
ජරා දේශපාලනය (නදී)
මේ පාරවල් හැදුවේ පුද්ගලික සල්ලි වලින්ද? මේ පෝස්ටර් ගහන්න යන සල්ලිත් අපේ සල්ලිමයි. කව්රු කලත් මේවා වැරදි වැඩ. මේවට කඩේ යන මිනිස්සු ඉන්නකන් තමයි මේ දේවලුත් වෙන්නේ. මෝඩ මිනිස්සු. (නදී)
රටේ ගොඩක් දුක් විදින ජනතාව එදා වේල පිරිමසා ගන්න විදිහක් නැතිව අනන්ත දුක් විදිනවා. ගොඩක් ගෙවල් වල දරුවන්ට ආසාවකට කිරි උගුරක් බොන්න නැහැ. මේ පාර වෙනසක් කරමු (නදී)
කසුන්, අධි වේගී මාර්ගවල පින්තුර එල්ලන්නේ මොන රටේද.? (ර)
මේවා අනුමත කරන අයත් ඉන්න බව පෙනෙනවා අදහස් දැක්කහම. (නි)
මේ අදිවේග මාර්ග පිවිසුම් මාර්ගය. මේකේ පයින් යාම තහනම් නැහැ. (ර)
මේක පිවිසුම් කවුන්ටරය අසලද ගහල තියෙන්නේ අධිවේගී මාර්ගය ඇතුළෙද? පිවිසුම් මාර්ගය අසල නම් එතන කව්රුවත් අධිවේගයෙන් යන්නේ නැහැ. අනික ඔය පෝස්ටර් ගැහිල්ල නීති විරෝධී වුනාට ප්‍රාදේශීය සභා ඡන්දෙ ඉඳන් ඉහලට ආණ්ඩු පක්ෂ විපක්ෂ හැම කෙනාම ගහනවනේ (නදී)
මමත් කැමතියි වෙනසක් කරන්න. එ්ත් අපි ගහන කතිරමද ගණන් කරලා ප්‍රකාශ කරන්නේ. (නදී)
අදිවේගී මාර්ගයේ පයින් යන්න බැහැ කියල ඕන එකෙක් දන්නවා. ඒත් දෙයක් දුටු පමනින්ම ඒ ගැන අදහස් දක්වද්දි ඒ දේ හරියටම හරිද කියල මේකෙ අදහස් දක්වපු නෝන මහත්තුරු දන්නවද කියන එක ප්‍රශ්නයක්. මෙන්න මේකයි ඇත්ත, ඔය කටවුට් ගහල තියෙන්නෙ අදිවේගී මාර්ගයෙන් පිටත, අකුරැස්ස මාතර පාරේ ඉඳල ගොඩගම අන්තර් හුවමාරුවට එන්න තියන පිවිසුම් මාර්ගයේ දෙපසයි. එම ප්‍රදේශය තුල පයින් යන්න බෑ කියල නිතියක් නෑ. අනික මේවට වියදම් කරල තියෙන්නෙ සේවකයන්ගෙ මුදල්. ඉතින් එතනත් ගැටලුවක් නෑ. අදිවේගී මාර්ග වැඩක් නෑ කියල බනින අයම තමයි වැඩි හරියක්ම මාර්ගය භාවිතා කරන්නේ. අපිට ඒ ගැන හොඳට අත්දැකීම් තියනවා. එයාලට තමයි වේදනාව මේකෙ ඉන්න අය ජනාධිපතිතුමාට සහයෝගය දක්වන එක ගැන. ඇතුලෙ ගහල තියන එක කටවුට් එකක් හරි තියනවා නම් අන්න එතනයි ගැටලුව. දන්න තරමින් නම් එහෙම එක කටවුට් එකක්වත් නෑ. (නදී)