අද සවස හමා ගිය දැඩි සුළඟකින් මොණරාගල මැදගම නිවාස 51කට හානි සිදුවී ඇතැයි ගැමියෝ කියති.
මිනිත්තු පහක් පමණ සැඩ සුළඟ පැවැතිණි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ හා දකුණට විටින් විට වැසි ඇතිවෙන බවත්, සවස්වරුවේ උෟව සහ නැගෙනහිරට ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එවැනි වැසි සමඟ තද සුළං හා අකුණු ඇතිවිය හැකි බව ද, සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් තමයි ඡන්ද සටනේ ඉන්න දේශපාලකයින්ගේ පරිත්‍යාගශීලීත්වය පෙන්නන්න හොඳම අවස්තාව.(දිල්)
හොඳ වෙලාවට සුළිසුළඟ කඩා පාත් වුනේ. මේ නිවාස හිමියන් 51 දෙනාට දැන් අපේ ත්‍යාග ශීලී දේශපාලන මනාප ලාභීන් දස දහසින් බැඳී පියලි පරිත්‍යාග කරාවි. දෙගොල්ලනටම ජය වේවා!!! (අ)
ආණ්ඩුවට පුළුවන් අාපදා අමාත්‍යංශයෙන් එක ගෙයකට රුපියල් ලක්ෂ 50 බැගින් වෙන්කොට හෙටම් ගෙවල් හැදීමේ වැඩ පටන්ගන්ඩ. (නදී)
ඔන්න වැඩි චන්ද ලබාගන්න හොද අවස්තාවක්. (නදී)
අපේක්ෂකයෝ පොරකනවා ඇති අසරණයන්ට උදව් කරන්න. චන්දදායකිනි මෙන්න වෙලාව , හැමදාම නැත හැම තැනම නැත (නදී)
හරිම වාසනාවන්ත කලෙක සුලි සුලග හැමුවේ . නොමිලේම ගේ අලුත්වේ (අ)
වහින එක හොඳයි, සුළි සුලන් එපා, මොනරාගල ජනතාවට ජයවේවා. (අ)
සේරම කුණු කන්දල් ගහගෙන යාවි. (නදී)
කිසි දෙයකට බය වෙන්න එපා. තිබුනට වඩා හොඳ ගෙවල් හැමෝටම ලැබෙනවා සිකුරුයි. අපේක්ෂකයෝ ඔක්කොම නත්තල් සීයලා වගේ එනවා (නදී)
මසුරන් කොමන්ට් එකක් තමා සත්‍යයා ගහල තිබෙන්නේ. (අ)
ඒකත් ඡන්ද අපේක්ෂයින්ගේ වාසියක් එකක් බවට පෙරළාගෙන ඇති. හිතවත් ඡන්දදායකයිනි, උපරිම ඵල නෙළාගන්න පුළුවන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. (නි)
දැන් ඕකට සහන සළසනකොටත් මොනවා කියයිද දන්නෙ නැහැ. .තව පිරිසක් කියාවි සුලි සුළඟත් ආණ්ඩුවේ වැඩක් කියලා. (නි)
දුෂ්කර පළාත්වල වාසය කරන අසරණයින්ට සුළි සුලන් හොඳට පුරුදුයි. නමුත් දේශපාලන (චණ්ඩ) මාරුත තමයි ඒ මිනිසුන්ට විඳ දරා ගන්න බැරි. (නදී)
වැඩි මනාපයක් ගන්න හොඳ අවස්ථාවක් (නදී)