IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඡන්දේ අස්සේ පත්වීමට සමූපේ කට්ටිය විරුද්ධයි

(නිමල් ජයරත්න)

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොළොන්නරුව සමුපකාර සංවර්ධන තනතුරේ රාජකාරී ආවරණය සදහා දේශපාලන මැදිහත්වීම මත නිලධාරියකු පත් කිරීමට තමන් දැඩි විරෝධය පළ කරන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිතිවල සභාපතිවරු හා අධ්‍යක්ෂවරු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඊයේ (12) සඳහන් කළහ.

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේදී ඊයේ (12) මෙම සාකච්ඡාව පැවැත්විණ.

පොළොන්නරු දිස්ත්‍රික් සමුපකාර දිස්ත්‍රික් මණ්ඩලයේ සභාපති උපුල් අලහකෝන් මහතා මෙසේ කීවේය.

පොළොන්නරුව දිස්ත්‍රික් සමුපකාර සහකාර කොමසාරිස් ධුරයේ කටයුතු කළ සහකාර සමුපකාර කොමසාරිස්වරයා විශ්‍රාම යාමෙන් පසු 12 වැනිදා සිට එම තනතුරේ වැඩ බැලීම සදහා වැඩ බලන සභාපතිවරයකු නීති විරෝධී ලෙස මෙම පත් කිරිම කරලා තියෙන්නෙ. මේක සම්පූර්ණයෙන් දේශපාලන මැදිහත්වීම මත සිදු කළ පත්වීමක්.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති කාලයක්. ඒ නිසා මේ පත් කිරීම සම්පූර්ණයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් විදිහටයි අපි දකින්නෙ. ඊටත් වඩා මේ තනතුරේ වැඩ බැලීම සදහා මීට වඩා සුදුසුකම් තිබෙන නිලධාරීන් 04 දෙනකු ඉදිද්දී තමයි දේශපාලන මැදිහත්වීම මත පත් කරල තියෙන්නෙ.

ජනාධිපතිවරණයක් ගැසට් කරල තියෙන වෙලාවක අපි මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් වගේම පොළොන්නරුව සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා මේ පත්කිරීම වහා අවලංගු කරන්න කියලා.

 



අදහස් (1)

ඡන්දේ අස්සේ පත්වීමට සමූපේ කට්ටිය විරුද්ධයි

Wasantha Tuesday, 13 August 2024 10:30 AM

සුදුසුකම් තියෙන 4 දෙනෙක් සිටිද්දී දේශපාලන හිතවත් කමට පත්වීමක් දීලා කියන උගතුන් 2019 දී ගෝඨාභය ජනාධිපති හැටියට පත්කර ගන්න උපරිමයෙන් දායකත්වය දුන්නෙ ඔහුට හොදින්ම සුදුසුකම් තියෙනවා කියලා තමයි. ඒ වෙලාවෙ නුසුදුසුයි කියලා ඔය උගතුන් රනිල්ට විරුද්ධව කටයුතු කලා .ඒ ඔය කට්ටියම සුදුසුකම් තියෙනවා කියපු ගෝඨාභය කරගන්න බැරුව පලායද්දී ඔහේලට නුසුදුසුයි කියන දැන් ඔය පත්කලා වගේ කෙනෙක් කියලා හිතාගෙන හිටපු රනිල්ට ජනාධිපති තනතුර අරගෙන කරන්න වුනා .ඒ නිසා අපි නොදන්නා දූෂණය හා වංචාව පිරුනු සමුපකාරයට දූෂණයෙන් තොරව කටයුතු කරන කෙනෙක් පත්කිරීම වරදක් නැහැ. වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියලා වැඩක් නැහැ

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site