IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්ද අල්ලස් පොලිසිය මුදාහරියි

ඌවේ ඡන්ද දායකයන්ට බෙදීමට සඳහා සන්ධාන ආධාරකරුවන් පිරිසක් විසින් හල්දුම්මුල්ලට ගෙන ආ හාල්, සීනි,පිටි ඇතුළු වියලි ආහාර අඩංගු ට්‍රැක්ටරයක් පොලිසිය මුදාහැර ඇතැයි කැපේ සංවිධානය කියයි.

ප්‍රදේශාවසීන් පිරිසක් මෙම ආධාර පොලිසියට බාරදුන් නමුත් පොලිසිය එවා නිදහස් කර ඇතැයි එම සංවිධානය පවසයි.



අදහස් (0)

ඡන්ද අල්ලස් පොලිසිය මුදාහරියි

ගාමිණී Saturday, 06 September 2014 12:46 PM

ඔය බෙද්න්නේ ඔබලාගෙන් ගසා කන මුදලින් ගත් බඩු මුට්ටු. ඕවා අරගෙන අනිත් පැත්තට කතිරේ ගසා යහ පාලනයට මග පාදමු. (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 06 September 2014 01:26 PM

දැන් මේ ගෙනාපු අය සංදානේ ආදාර කරුවෝ කියලා නළලේ කොටලා තියනවද ? බඩුමුට්ටු වල අල්ලස් සදහා කියල සදහන් කරලා තියනවද? අනෙක ඕවා ගත්ත මිනිහ කොහාටද ඡන්දෙ දාන්නේ කියල කවුද දන්නේ. වෙන වැඩ නැතුවට දුප්පතාගේ බඩට ගහන්නයි මේ හදන්නේ. (නදී)

:       0       0

චමත් ඉතාලිය Saturday, 06 September 2014 03:22 PM

ටෙනිසන්,ඉරිදා හවසට ගහන්න ගෙනාව බාගේ අදම ගහලා වගෙයි පෙන්නේ ..... මොන පක්ෂේ අය වුණත් ඕවා අල්ලස් .... පොලිසියේ කොන්ද කඩලා තියෙන්නේ ... ඒ නිසා එ් අයට බැනලා වැඩක් නෑ (අ)...

:       0       0

සාලිය Saturday, 06 September 2014 04:47 PM

දන්සල් අරන් අනිත් පැත්තට කතිරේ ගහන එක නෙවි කෙරෙන්ඩ ඕනේ. මේවා මෙහෙම බෙදන එක වැරදි බව දැනගන්ඩ ඕනේ. මේවා අපේ බදු මුදල්. මේ මුදල් යොදවලා වැදගත් වැඩ කොටසක් බලය තියනකොට කරානම් මෙහෙම මිනිසුන්ට පිනට කන්ඩ වෙන්නේ නැත. අනිත් පැත්තට කතිරේ ගැහැව්වත් උනුත් ඊළඟ පාර කරන්නේ මේකම තමා.(නදී)

:       0       0

දිල්ෂාන් Tuesday, 09 September 2014 12:02 PM

අපරාදේ නේද බඩු ගණන් කාලේ! (නි)

:       0       0

සත්‍යයා Sunday, 07 September 2014 01:09 AM

මම නම් කියන්නේ මේ උග්‍ර වූ ජීවන වියදම් ප්‍රශ්නයට දීර්ඝකාලීන පිළියමක් වශයෙන් අගහිඟකම් ඇති පළාත්වල හැම මාසයකම මැතිවරණ තියන්න කියලයි. (නි)

:       0       0

ටෙනිසන් Sunday, 07 September 2014 03:47 AM

චමත් ඉතාලිය, මම හිතන්නේ ඔයා කතාකරන්නේ බෝතලේම ඉවරකරලා. ඔය ජහ ජරාව බොන්න තරම් මගේ ඔලුව නරක් වෙලා නැහැ (නි)

:       0       0

සේන Saturday, 06 September 2014 09:36 AM

දෙන දේ ගත්තාට ඇති වැරැද්දක් නැහැ, නමුත් ඡන්දය නිවරදිව භාවිතා කරන එකනේ ඇත්තේ. (නදී)

:       0       0

මහසෙන් Saturday, 06 September 2014 09:49 AM

සන්දානයට ජයවේවා. ඔන්න එච්චරයි අපිට ඕනේ. (නදී)

:       0       0

කුමාර් Saturday, 06 September 2014 09:49 AM

කට්ටිය මුට්ටිය අල්ලලනවා. මෙදා ඡන්දදායකයා මුට්ටිකාරයින්වත් එලවා දමයි. (නදී)

:       0       0

සෑම් Saturday, 06 September 2014 10:01 AM

මේක නම් මේ මිනිසුන්ගේ නොදැනුවත්කම. ඕනෑම අපේක්ෂකයෙක් නොමිලේ දෙන දෙයක් ස්තුති පුර්වකව බාර අරන් චන්දෙ දවසට තමන් කැමති කෙනෙකුට චන්දෙ දුන්නාම ඉවරයිනේ. මීට කලින් තිබු මැතිවරණයකදීත් මොබයිල් ෆෝන් ලක්ෂ ගානක් බෙදුවාට මනාප ලැබුනේ එයින් බාගයකටත් අඩුවෙන් කියලා පත්තරේ තිබුනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site