ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ මහතා ඔහුගේ ඡන්ද ලකුණ වන බැට් පිත්ත අතහරින බවට කොළඹ පදනම් ආයතනයේදී අද පැවසීය.
ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී ඔහු කළ ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි.
ජනපතිවරණ අපේක්ෂකයකුට ඡන්දය ඉල්ලා සිටීමට හැකි නමුත් වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්ද කටයුතු කළ නොහැකිය.
තවත් ජනපති ධූර අපේක්ෂකයකු වන ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ලියනගේ මහතාද එහි සිටියේය. එය ඔහු කතා කළේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ඉල්ලපු අය ගියවරත් ඉල්ලා අස්වුණා.මෙවරත් එහෙම නොවී තියේද? (නි)
ගීගනගේ මහතා මෙය කරන්නේ අද ඊයේ සිට නොවේ. එය ඔහුගේ වෘත්තියයි. මෙයින් ඔහු 'ජනපති උපදේශකයකු' වීමේ වරප්‍රසාදය පමණක් බුක්ති විඳී.(නදී)
අව්ලක් නැහැ යුද්දේ දින්නනේ(නදී)
කෝ රටේ නීතිය? (නි)
මැතිවරණ නීතිය වෙනස් වෙන්න ඕනෑ. කිසියම් අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙකුට සහයෝගය දක්වනවා කියා ප්‍රසිද්ධියේ පවසා තිබේ නම් හෝ ජනාධිපතිවරණයෙන් ඉවත්වනවා නම්, එම අපේක්ෂකයා ලබාගන්න මනාප ගණන ඔහු සහයෝගය දක්වන අපේක්ෂකයාගෙන් අඩු කළයුතුය. (නි)
යමක් කරන්න කලින් ඒ පිළිබඳ දෙවරක් සිතා බලන්න (නි)
අපේ පැත්තට ඡන්ද වැඩිවෙයි එහෙනම්. (නි)