(ඩී.ජී.සුගතපාල)
ජංගම දුර කතනයකින් කතා කර කර දුම්රිය මාරගයේ ගමන්ගත් තරුණියක දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාපලගම පරණතානායම්ගොඩ පදිංචි 28 හැවිරිදි තරණියකි.
මියගිය තරුණිය මාගාල්ලේ සිටින සහෝදරියකගේ නිවසට පැමිණ ජංගම දුර කතනයෙන් කතා කරමින් දුම්රිය මාරගයේ යමින් සිටියදි කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියේ හැපි බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මොබයිල් ෆෝන් කියන්නේ අතේ තියාගෙන ඉන්න "අත්-බෝම්බයකි"..! තැන නොදැන අවබාවිතා කරන අය නිතරම දකිනවා... ඉන්න කොතනද? යන්නේ කොහෙද? කියලා ඕකෙන් සංවාදයක් පටන් ගත්තාම දිව්‍ය ලෝකේ යන විදියට කතාව..! සමහර අයට ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නේ කියලත් අමතකයි. ඔය තරුණියගේ 28 අවුරුදු වයසටම තේරුනේ නැද්ද යන්නේ කොහේද කියලා... කණගාටුයි !! එදා කියමන 'වේගය මරු කැඳවයි' අද කියමන 'මොබයිල් ෆෝනය මරු කැඳවයි' ..!
ජිවිත පරදුවට තියලා සෙල්ෆි ගහන්නයි මේ වගේ අන්තරාධායක තැන් වල කියව කියවා යන්නයි ගියාම අන්තිමට මැරෙනවා තමයි.