(රේඛා තරංගනී ෆොන්සේකා)

උගසට තැබූ  ජංගම දුරකතනයක් බේරා ගැනීමට ගිය දෙදරුපියකුට  පහරදී මරා දමා ඔහුගේ මාමන්ඩියගේ හිසට තුවාල සිදුකළ මව සහ පුතුන්  තිදෙනකු සැකපිට (24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අදාළ සැකකරුවන් නීතිඥ අනුරාධ රණසිංහ මහත්මියගේ මාර්ගයෙන් අඟුලාන පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

පහරකකෑමට ලක්වු මරණ කරුගේ මාමණ්ඩිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කොට සිටි බව පොලිසිය පැවසීය.

සැකකාට මව ළඟ  උගසට තබා රුපියල් හාරදහසක් ලබා ගෙන ඇති ඡංගම දුකරතනයක් බේරා ගැනීමට යෑමේදී මෙම ආරවුල සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

හාරදහසකට උගස්ටගසට තැබූ ජංගම දුරකථනය බේරා ගැනීමට නම් රුපියල් 8000 ක් අවශ්‍ය බව ඝාතනයට සම්බන්ධ මව  මරණකරුට ප්‍රකාශ කොට ඇති  ඊටද කැමති වී ජංගම දුරකථනය උගසින් බේරා ගැනීමට යෑමේදී එය වෙනත් අයකුට විකුණා ඇතැයි අවසානයේ සැකකාරිය පවසා ඇත.

ඒ අනුව ඇති වු බහින් බස්වීම වීම දුරදිග යෑමෙන් මෙම සැක්කරුවන්  දෙදරුපියාගේ හිසට මුගුරුවලින් දැඩි ප්‍රහාර එල්ල කොට ඇතැයි පොලිසිය පැවසීය.

පහර කෑමට ලක් වු මරණකරු ලුනාව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති.