(ටී.කේ.ජී.කපිල )

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ( Wang Yi ) මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එතුමා සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටියහ .

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද  අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර සිට චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග්( Qi Zhenhong )  මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව , ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ මහත්මිය ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .