යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ඇදුම් කට්ටලයේ ප්‍රධාන සැකකරු සමගින් සබදතා පැවැත්වූ බව කියන සැකකරුවන් 11දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බෝම්බ ඇදුම් කට්ටලයේ ප්‍රධාන සැකකරු වන එඩ්වඩ් ජුලියට් පුනරුත්තාපනය නොවූ හිටපු කොටි සාමාජිකයා හා දුරකතන මාර්ගයෙන් සමීප සබදතා පැවැත්වීම මත මෙම සැක්කරුවන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන ඇත.
තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා ත්‍රස්ත විමර්ශන ඒක්කය මේ වනවිටත් මෙහෙයුම් අරඹා තිබේ.
මේ අතර මෙම බෝම්බ ඇදුම් කට්ටලය හා පුපුරනද්‍රව්‍ය ගෙන ඒම සම්බන්ධයෙන් වෑන් රථ දෙකක් ඇතුළු වාහන අටක්ද පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් විමර්ෂනේට හොරුන්ටයි හොරුන්ට උල්පන්දම් දෙන අයටයි හොඳටම රිදිලා. සැක කටයුතු දෙයක් ගැන හොයන එක වැරැද්දක් නෙවෙයිනේ.(අ)
එදා සමහරු කියපු බොරු අද සත්‍ය වේගෙන එනවා නේද? (නි)
රටේ ආරක්ෂාව අනතුරේ යහපාලනය මුකුත් කරන්නේ නෑ කිව්වා.දැන් කොටි අල්ල අල්ල පරීක්ෂණ කරනකොට වැඩියෙන්ම අමාරුව තියෙන්නේ දේශ ප්‍රේමීන්ටනේ .මොනවා කියන්නද මන්ද. (අ)
සද්ද නැතුව එහෙම තමා වගකීමෙන් පරීක්ෂණ කටයුතු කරන්න ඕනෑ. (නි)
මේක පරණ එකක් කියා නේද කිවුවේ? ඇයි එහෙනම් මේ ගැන ඔපමන සොයන්නේ? කාවද මේ රවටන්න හදන්නේ? (නි)
ඕව පරණ බඩුනේ. මොකට ඔච්චර හොයලා මහන්සිවෙලා වියදම් කරනවද? අහිංසක මිනිස්සු අත්අඩංගුවේ තියාගෙන ඉන්නවද? වැඩිම වුණොත් ඉතින් ළඟදීම පුපුරයි එකක් විතර... (නි)
එදා ඔය බෝම්බය දකුණට ගෙනෙන්න හදන එකක් කිවුවහම සමහරු කිව්වේ ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා නේද? (නි)
මාළු අල්ලන එක තහනම්ද ? (බ)
ජීඇල් මහත්තයාව ලොකු මාධ්‍ය සංදර්ශනයක් දාලා ලජ්ජා කළා (බ)
නිහාල්, විල්ෆ්‍රඩ් වරද නිවැරදි කරගන්න. සම හරු නෙමෙයි සම හරක්. මෙහෙම ආමන්ත්‍රණය කළේ නැත්නම් තේරෙන්නේ නැහැ. (බ)
කොටි සංවිධානය යලි හිස එසවීමක්ද...(බ)
බලාගෙන ගියාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැත්තේමත් නැහැ. දැන් ඉන්න පාලකයන් කියන්නේ කිසිම වගකීමක් නැති කතා නේ (බ)