පොලීසිය චාවකච්චේරියේ නිවසකින් සොයා ගත් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක වෙත යවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත නියෝග කළාය.
යාපනය දිසා බුද්ධි එ්කකයේ උප පොලිස් පරීක්ෂක ධර්මසේන මහතාගේ පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඉඳුනිල් අධිකරණයට කරුණු වාර්තා කෙළේය.
එස්පීආර් 024/ඒ මරාගෙන මැරෙන බොඩි ජැකට්ටුවක්, සීඕ 303, සීඕ 299, සීඕ 290, සීඕ 399 අංක දරන පැති බෝම්බ 04ක්, එස්එම් 001, එස්එම් 002 අංක දරන මැග්නට් බෝම්බ පෙට්ටි 02ක්, මිලි මීටර් 9 ජීව උණ්ඩ 50 පෙට්ටි 02ක්, ටීඑන්ටී අධිබල පුපුරන ද්‍රව්‍ය ලෙස සැකකළ හැකි ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02ක්, සිලිකන් වැලි පාර්සල් 02ක් සහ එම ද්‍රව්‍ය ඔතා තිබූ 2008 ජනවාරි මස 29 දිනැති සිංහල පුවත්පතක පිටු දෙකක් පොලිසීය විසින් අදාළ නිවසේ තිබි අත්අඩංගුවට ගෙන තිබිණ.
අදාළ පුපුරණ ද්‍රව්‍ය අතුරින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ චුම්බක බෝම්බ යාපනය විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කර ඇතැයි ද වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.
සැකකරු වූ වෙල්ලන්කුලම, පුල්ලෙයාර්වීදිය, මරවන්කුලමේ මධ්‍යම, චාවකච්චේරිය පදිංචි එඩ්වඩ් ජුලියන් නොහොත් රමේෂ් නැමැත්තා චාවකච්චේරිය පොලීසිය විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබුණද එම සැකකරු තවමත් කොළඹ පිහිටි එම කොට්ඨාසය වෙත රැගෙන විත් නැතැයි අධිකරණයේදී කරුණු අනාවරණය විය.
සිද්ධියට අÞළ නඩුව ලන 20 වැනිÞ කැදවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ හොයන්නේ පොන්සේකා මහත්තයා. අර බෝම්බ සිද්ධියට හිරේ ඉන්න කෙනා නිදහස් කරමුද? බුද්ධි අංශ ජර මර කරලා හොයා ගත්තු තොරතුරු අහලා දත කට පූට්ටු වෙලාද? (බ)
අපෝ මේ ගැන හොයන්න එපා .සංහිඳියාව නැති වෙනවා (බ)
මාමා රෑ රට තල්ලු කරපු වළට බෑණා දවල් තල්ලු කරනවා කියන්නේ මේවට තමයි. අපේ අය තාමත් රාජපක්ෂගෙ වැරදි හොය හොයා ඉන්නවා. (නි)
ඔය බොම්බේ තියාගත්තු කෙනා බේරාගන්න දතකන ඇමතිවරයා පිලිබදව එහෙම පරීක්ෂණ නැතෙයි...?ආ....සොරි ..වැරදුනා එතුමා යහපාලනේ නේ...(අ)