චිලී හි විනා ඩෙල් මාර් වෙරළබඩ නගරයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් දෙදෙනකු මියගොස් නිවාස 400කට හානි වී ඇතැයි චිලී බලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ හේතුවෙන් චිලි රජය හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදි.

ගින්න ඇති වන අවස්ථාවේ පැවති අධික සුළගේ වේගය හේතුවෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන් ගින්න පැතිරුණු බව ගිනි නිවන භටයෝ ප්‍රකාශ කළහ. අක්කර 270 කට අධික ප්‍රමාණයක් ගින්නට හසුවී ඇතැයි චිලී හි ජාතික ආපදා කළමනාකරණ ආයතනය පවසා ඇත.

 ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් 400 ක් පමණ සහභාගී වූ බව චිලි බලධාරීහු පෙන්වා දුන්හ.

034