ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැඳිනගත් තරුණියකට (18) පෙම් කළ බව කියන හිමි නමක (24) ගිහි වෙස් ගෙන සිටිය දී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හිමි නමක වූ ඔහු ගිහියකු ලෙස තරුණිය හමුවී ඇති බවත්, අන් අයකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඒ අනුව මාතලේ විල්ගමුවේ නවගත්තේගෙදර සමන් පුෂ්පකුමාර (24) රිමාන්ඩ් බාරයට පත් විය.
මෙම සිද්ධිය හෙළිවීමෙන් පසුව එම හිමි නම සිවුරු හැර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එම හිමි නම සිය සහෝදර හිමිනමකගේ පංසලකට ගොස් සාමාන්‍ය ඇඳුමින් සැරසී තරුණිය බලන්නට කිහිප වරක් ගොස් ඇතැයි ද, දෙදෙනාගේම ඡායාරූප ෆේස් බුක්හි පළවීමෙන් පසුව ආදර සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇතැයි ද පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
සැකකරු භික්ෂුවක් බව දැන ගැනීමෙන් පසුව තරුණියගේ මව්පියන් කලබල වී ඇතැයි ද, ඉන්පසු ඔහු සිවුරුහැර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැඟීම් වලින් වැඩ කලාම ඔහොම වෙනවා (දී)
අද ලෝකයේ මේ වගේ දේවල් වෙන්නේ හැගීම් නිසා. (නදී)
අනේ අම්මප සිවුරක් දාගෙන කරන දේවල්.(දී)
භික්ෂුන් වහන්සේ කෙනුකුට ආදර ප්‍රේමනීය හැඟීම් ඇති වෙන්නට පුලුවනි, පසුව ගිහි පුදගලයෙකු වී විවාහ වීමට ඉඩකඩ තිබිය යුතුයි. අන්තවාදී ආගමික මත නිසාවෙන් අපේ රටේ අධිකරනයටත් සිදුවෙලා තියෙනව දැඩි ක්‍රියාමාර්ග ගන්න. (දී)
එක අතකට මේ වගේ දේවල් වලට මොනවත් කියන්නත් බෑ. මිනිස්සු වෙලා ඉපදුනාම ඔය වහේ දේවල් අද කාලෙට සාමාන්‍ය දේවල් වෙලා .පවට පින දෙන්න බෑ කියනවනේ. (නදී)
විලි ලැජ්ජාවේ බැහැ (දී)
දවල් මිගෙල් රැ දනියෙල් (දී)
අනේ..... සාදු සාදු සාදු!!!!! (දී)
අර බලය මේ බලය අර සේනාව මේ සේනාවට මොනවත් මේවා පෙනේවද ? (ස)
සියල්ල තාවකාලික බව වටහා ගන්න කාලයක් යනවා. උතුම් සාස්තෘ වහන්සේනමකගේ දහම තේරුම් ගන්න අපහසු වීමත් එක්තරා නොලබීමක් තමා. (ස)
හමුරුවෝ කරන තරමක් කරන්නේ ඔය වගේ දේවල් .(දී)
කලකිරෙනවා මේවා ඇහුවහම (දී)
මෙලෝ සිහියක් නැතුව, තමන්ගේ මුහුණු පොතේ පින්තූර වලට හරි ලස්සනයි කිය කියා එන උදවියට රැවටෙනවාද? (නි)
පව් ඒ කෙල්ල (නදී)
විපරිත කොලේ (දී)
අපේ මහනායක් හිමිවරුනේ..අනේ මෙන්න මෙවගේ සාසන විලෝපීන් එළවලා දාන්න. (ස)
පොඩි කාලෙ මහන කරාම වෙන දේ . (දී)
මොනවා කරන්නද අනේ! මිනිස්සු ඔහොම තමා (නි)
අද බොහොමයක් හාමුදුරුවරු කරන්නේ රඟපෑමක් තමයි. (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
මෙහෙම ඉන්නේ කිහිප දෙනයි නමුත් සමස්ත සංඝයාම ඉවරයි ඉතින් (දී)
මේවා අනුමත කරන්න නම් බැහැ (දී)
අපේ හාමුදුරුවරු බොහොම දෙනෙක් ද්විත්ව චරිත රඟපානවා .හුඟ දෙනෙක් තම මුලික පරමාර්ථ වටහාගෙන නැහැ.තව ටිකකලකින් ගිහියන්ට ඔවුන් එපාවේවි. (දී)
අපේ හාමුදුරුවරු බොහොම දෙනෙක් ද්විත්ව චරිත රඟපානවා. හුඟ දෙනෙක් තම මුලික පරමාර්ථ වටහාගෙන නැහැ. තව ටිකකලකින් ගිහියන්ට ඔවුන් එපාවේවි. (ස)
හාමුදුරැවන් මේ කල දේ බොහොම කැතයි (දී)
ඔහු සිවුරු හැරියා නම් සාසනයට නිගා නොකර එහි වරදක් කියන්නත් බැහැ. අද සිවුරේ ඉදගෙනම සමහර අය කරන දේවල් දැක්කම අපිටත් සසර කලකිරෙනවා! (ස)
දැන් ඉතින් සිවුරු නැති නිසා දිගටම පෙම පවත්වාගෙන යන්න පුලුවන්නේ! (නි)
අනේ අසෝක ඒක කරලා තියන්නේ සිව්රේ ඉන්න ගමන් . ඔක්කොම උනාට පස්සේ සිව්ර ඇරලා තියන්නේ . (දී)
ආගමික මතය පමනක් ඔලුවෙ තියාගෙන මේ වගේ දේවල් ගැන අපි විග්‍රහ නොකල යුතුයි කියලයි මගේ අදහස. ඔහු භික්ෂුවක් වේවා ගිහියෙකු වේවා ප්‍රේමනීය හැඟීම් මත කටයුතු කිරීමේ වරදක් නැහැ. ඊට මේ සමාජයේ ඉඩකඩ විවෘත කලයුතුයි නේද ? (නදී)
මේක සාමාන්‍ය දෙයක්. මේකට දඩුවම් කරන්න ඕනෑ ලොකු හමුදුරුවන් මිසක උසාවිය නෙමෙවි කියලයි මම නම් කියන්නේ. අද මහා පරිමාණයෙන් මීට වැඩිය අපරාධ ඕනෑතරම් මේ රටේ සිද්ධවෙනවා (නි)
ආදරේ කරපු කෙල්ල උනත් බබෙක් නෙවෙයි. ඇය හොදින් දන්නවා හරියට දෙන්නවම කුඩුවට දාන්න වටිනවා.(නදී)
දැන් මේ තරුණිය නිර්දෝශිද ? මෙච්චර ආරංචි ලැබෙනවා ෆේස් බුක් එක නිසා අමාරුවේ වැටුන තරුණියන් ගැන . පත්තර බැලිල්ලක් පුවත් ඇහිල්ලක් නැතිව ඇති. මෙලෝ සිහියක් නැතිව තමන්ගේ මුහුණු පොතේ පින්තුර වලට හරි ලස්සනයි කියා කියා එන උදවියට රැවටෙනවා. (දී)
අනාගත වංශය කියවන්න (දී)
ආදරය කාටත් පොදු දෙයක්. ඒත් භික්ෂුවක් හැටියට ඒ ආදරය කළ හැටි වැරදියි. (දී)
අනේ හොඳයි (දී)
මොනවා කරන්නද මිනිහෙක් වුණාම එහෙම තමා. (අ)
කලිසමෙන් ජාතික ඇඳුමට මාරු වෙනවා වගේ සිවුරෙන් කලිසමට මාරු වෙන්න බැහැ. එයට සම්මතයන් තියෙනවා.(දී)
අනුමත කරන්න බැහැ කීයටවත් (දී)