IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


චරිත දෙකක් රඟපෑ භික්ෂුව රිමාන්ඩ්

ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැඳිනගත් තරුණියකට (18) පෙම් කළ බව කියන හිමි නමක (24) ගිහි වෙස් ගෙන සිටිය දී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

හිමි නමක වූ ඔහු ගිහියකු ලෙස තරුණිය හමුවී ඇති බවත්, අන් අයකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ එම පුද්ගලයා  අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව මාතලේ විල්ගමුවේ නවගත්තේගෙදර සමන් පුෂ්පකුමාර (24)  රිමාන්ඩ් බාරයට පත් විය.

මෙම සිද්ධිය හෙළිවීමෙන් පසුව එම හිමි නම සිවුරු හැර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

එම හිමි නම සිය සහෝදර හිමිනමකගේ පංසලකට ගොස් සාමාන්‍ය ඇඳුමින් සැරසී තරුණිය බලන්නට කිහිප වරක් ගොස් ඇතැයි ද, දෙදෙනාගේම ඡායාරූප ෆේස් බුක්හි පළවීමෙන් පසුව ආදර සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇතැයි ද පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.

සැකකරු භික්ෂුවක් බව දැන ගැනීමෙන් පසුව තරුණියගේ මව්පියන් කලබල වී ඇතැයි ද, ඉන්පසු ඔහු සිවුරුහැර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

චරිත දෙකක් රඟපෑ භික්ෂුව රිමාන්ඩ්

කසුනි Tuesday, 30 September 2014 07:13 AM

හැඟීම් වලින් වැඩ කලාම ඔහොම වෙනවා (දී)

:       0       0

නිශා Wednesday, 01 October 2014 04:59 AM

අද ලෝකයේ මේ වගේ දේවල් වෙන්නේ හැගීම් නිසා. (නදී)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 30 September 2014 07:25 AM

අනේ අම්මප සිවුරක් දාගෙන කරන දේවල්.(දී)

:       0       0

පුර්නිමා Tuesday, 30 September 2014 07:26 AM

භික්ෂුන් වහන්සේ කෙනුකුට ආදර ප්‍රේමනීය හැඟීම් ඇති වෙන්නට පුලුවනි, පසුව ගිහි පුදගලයෙකු වී විවාහ වීමට ඉඩකඩ තිබිය යුතුයි. අන්තවාදී ආගමික මත නිසාවෙන් අපේ රටේ අධිකරනයටත් සිදුවෙලා තියෙනව දැඩි ක්‍රියාමාර්ග ගන්න. (දී)

:       0       0

නිලක්ෂි Wednesday, 01 October 2014 05:11 AM

එක අතකට මේ වගේ දේවල් වලට මොනවත් කියන්නත් බෑ. මිනිස්සු වෙලා ඉපදුනාම ඔය වහේ දේවල් අද කාලෙට සාමාන්‍ය දේවල් වෙලා .පවට පින දෙන්න බෑ කියනවනේ. (නදී)

:       0       0

විරවංශ Tuesday, 30 September 2014 07:32 AM

විලි ලැජ්ජාවේ බැහැ (දී)

:       0       0

සමන්ති Tuesday, 30 September 2014 02:01 PM

දවල් මිගෙල් රැ දනියෙල් (දී)

:       0       0

දිල්ෂාන් Tuesday, 30 September 2014 07:37 AM

අනේ..... සාදු සාදු සාදු!!!!! (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 30 September 2014 08:00 AM

අර බලය මේ බලය අර සේනාව මේ සේනාවට මොනවත් මේවා පෙනේවද ? (ස)

:       0       0

රංජිත් Tuesday, 30 September 2014 08:00 AM

සියල්ල තාවකාලික බව වටහා ගන්න කාලයක් යනවා. උතුම් සාස්තෘ වහන්සේනමකගේ දහම තේරුම් ගන්න අපහසු වීමත් එක්තරා නොලබීමක් තමා. (ස)

:       0       0

කුමාරි Tuesday, 30 September 2014 08:02 AM

හමුරුවෝ කරන තරමක් කරන්නේ ඔය වගේ දේවල් .(දී)

:       0       0

ගාමිණී Tuesday, 30 September 2014 08:29 AM

කලකිරෙනවා මේවා ඇහුවහම (දී)

:       0       0

නිශාන්ත Wednesday, 01 October 2014 02:42 PM

මෙලෝ සිහියක් නැතුව, තමන්ගේ මුහුණු පොතේ පින්තූර වලට හරි ලස්සනයි කිය කියා එන උදවියට රැවටෙනවාද? (නි)

:       0       0

මධුෂංක Wednesday, 01 October 2014 07:10 AM

පව් ඒ කෙල්ල (නදී)

:       0       0

තරංග Tuesday, 30 September 2014 03:42 PM

විපරිත කොලේ (දී)

:       0       0

සඳුනි Tuesday, 30 September 2014 09:29 AM

අපේ මහනායක් හිමිවරුනේ..අනේ මෙන්න මෙවගේ සාසන විලෝපීන් එළවලා දාන්න. (ස)

:       0       0

සාරසී Tuesday, 30 September 2014 05:06 PM

පොඩි කාලෙ මහන කරාම වෙන දේ . (දී)

:       0       0

නිලක්ෂි Thursday, 02 October 2014 08:27 AM

මොනවා කරන්නද අනේ! මිනිස්සු ඔහොම තමා (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 30 September 2014 09:58 AM

අද බොහොමයක් හාමුදුරුවරු කරන්නේ රඟපෑමක් තමයි. (දී)

:       0       0

ගුනේ Tuesday, 30 September 2014 10:03 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

නානායක්කාර Tuesday, 30 September 2014 10:06 AM

මෙහෙම ඉන්නේ කිහිප දෙනයි නමුත් සමස්ත සංඝයාම ඉවරයි ඉතින් (දී)

:       0       0

රත්නායක Tuesday, 30 September 2014 10:04 AM

මේවා අනුමත කරන්න නම් බැහැ (දී)

:       0       0

සේනාරත්න Tuesday, 30 September 2014 10:06 AM

අපේ හාමුදුරුවරු බොහොම දෙනෙක් ද්විත්ව චරිත රඟපානවා .හුඟ දෙනෙක් තම මුලික පරමාර්ථ වටහාගෙන නැහැ.තව ටිකකලකින් ගිහියන්ට ඔවුන් එපාවේවි. (දී)

:       0       0

සේනාරත්න Tuesday, 30 September 2014 10:04 AM

අපේ හාමුදුරුවරු බොහොම දෙනෙක් ද්විත්ව චරිත රඟපානවා. හුඟ දෙනෙක් තම මුලික පරමාර්ථ වටහාගෙන නැහැ. තව ටිකකලකින් ගිහියන්ට ඔවුන් එපාවේවි. (ස)

:       0       0

දමිත Tuesday, 30 September 2014 05:33 PM

හාමුදුරැවන් මේ කල දේ බොහොම කැතයි (දී)

:       0       0

අසෝකා Tuesday, 30 September 2014 10:15 AM

ඔහු සිවුරු හැරියා නම් සාසනයට නිගා නොකර එහි වරදක් කියන්නත් බැහැ. අද සිවුරේ ඉදගෙනම සමහර අය කරන දේවල් දැක්කම අපිටත් සසර කලකිරෙනවා! (ස)

:       0       0

හැරිසන් Wednesday, 01 October 2014 08:22 PM

දැන් ඉතින් සිවුරු නැති නිසා දිගටම පෙම පවත්වාගෙන යන්න පුලුවන්නේ! (නි)

:       0       0

චතු Tuesday, 30 September 2014 11:15 AM

අනේ අසෝක ඒක කරලා තියන්නේ සිව්රේ ඉන්න ගමන් . ඔක්කොම උනාට පස්සේ සිව්ර ඇරලා තියන්නේ . (දී)

:       0       0

පුර්නිමා Tuesday, 30 September 2014 07:32 PM

ආගමික මතය පමනක් ඔලුවෙ තියාගෙන මේ වගේ දේවල් ගැන අපි විග්‍රහ නොකල යුතුයි කියලයි මගේ අදහස. ඔහු භික්ෂුවක් වේවා ගිහියෙකු වේවා ප්‍රේමනීය හැඟීම් මත කටයුතු කිරීමේ වරදක් නැහැ. ඊට මේ සමාජයේ ඉඩකඩ විවෘත කලයුතුයි නේද ? (නදී)

:       0       0

අනිල් Friday, 03 October 2014 04:48 AM

මේක සාමාන්‍ය දෙයක්. මේකට දඩුවම් කරන්න ඕනෑ ලොකු හමුදුරුවන් මිසක උසාවිය නෙමෙවි කියලයි මම නම් කියන්නේ. අද මහා පරිමාණයෙන් මීට වැඩිය අපරාධ ඕනෑතරම් මේ රටේ සිද්ධවෙනවා (නි)

:       0       0

සමනලී වන්දනා Wednesday, 01 October 2014 12:24 AM

ආදරේ කරපු කෙල්ල උනත් බබෙක් නෙවෙයි. ඇය හොදින් දන්නවා හරියට දෙන්නවම කුඩුවට දාන්න වටිනවා.(නදී)

:       0       0

ජනිත Tuesday, 30 September 2014 12:47 PM

දැන් මේ තරුණිය නිර්දෝශිද ? මෙච්චර ආරංචි ලැබෙනවා ෆේස් බුක් එක නිසා අමාරුවේ වැටුන තරුණියන් ගැන . පත්තර බැලිල්ලක් පුවත් ඇහිල්ලක් නැතිව ඇති. මෙලෝ සිහියක් නැතිව තමන්ගේ මුහුණු පොතේ පින්තුර වලට හරි ලස්සනයි කියා කියා එන උදවියට රැවටෙනවා. (දී)

:       0       0

ගුනේ Tuesday, 30 September 2014 06:27 AM

අනාගත වංශය කියවන්න (දී)

:       0       0

නන්දා Tuesday, 30 September 2014 06:28 AM

ආදරය කාටත් පොදු දෙයක්. ඒත් භික්ෂුවක් හැටියට ඒ ආදරය කළ හැටි වැරදියි. (දී)

:       0       0

අයේෂා Tuesday, 30 September 2014 06:42 AM

අනේ හොඳයි (දී)

:       0       0

අරෝෂ Thursday, 02 October 2014 04:45 AM

මොනවා කරන්නද මිනිහෙක් වුණාම එහෙම තමා. (අ)

:       0       0

ධම්ම Tuesday, 30 September 2014 07:06 AM

කලිසමෙන් ජාතික ඇඳුමට මාරු වෙනවා වගේ සිවුරෙන් කලිසමට මාරු වෙන්න බැහැ. එයට සම්මතයන් තියෙනවා.(දී)

:       0       0

රවී Tuesday, 30 September 2014 07:06 AM

අනුමත කරන්න බැහැ කීයටවත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1681 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site