IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


චරිත ඉල්ලගෙන මළ ගෙදර ඇවිත්

2016-07-22-ent-02පසුගිය දවසක අපේ ජනප්‍රිය සිනමාවේදියෙකුගේ ආදරණීය මාමණ්ඩිය මෙලොවින් සමුගත්තා. ඔහුගේ පිය බිරිඳත් චිත්‍රපට නිෂ්පාදිකාවක් නිසා ක්ෂේත්‍රය පුරා හා මාධ්‍ය හරහා ඒ පුවත පැතිරැණා. මළ ගෙදර රූ එළිවෙනකම් සෙනඟ ආවලු.

ඔන්න රූ 12ට 1ට විතර දෙන්නෙක් ආවලු මළ ගෙදර. දේහයට අවසන් ගෞරවය දක්වලා එළියේ පුටු දෙකක වාඩි වුණේ බොහොම අමාරැවෙන්. කොහෙන් හරි හොඳට සප්පායම් වෙලා ආපු දෙන්නෙක් කියලා ඇවිදින තාලෙන්ම කට්ටිය දැනගත්තලු. දැන් ඒ දෙන්නා අර අධ්‍යක්ෂකවරයාව හොයනවලු. ගෙදර කට්ටිය හිතාගෙන ඉඳලා තියෙන්නේ අධ්‍යක්ෂවරයාගෙ යාළුවො දෙන්නෙක් කියලා.

"මේ මහත්තුරැ මට නිච්චි නැහැනේ" අධ්‍යක්ෂකවරයා කිව්වලු.

"ඔව්.. ඔව් ඔබතුමා අපිව දන්නෙ නැහැ තමයි. අපි දෙන්නා හොඳ යාළුවෝ. වැඩ කරන්නෙ අහවල් සමාගමේ. අපි දෙන්නට ලොකු ආසාවක් තියෙනවා චිත්‍රපටවල රඟපාන්න. තාත්තගෙ චරිත වුණත් අවුලක් නැහැ" එක් අයෙක් කිව්වලු.

"ගුටි කන චරිත වුණත් කමක් නැහැ" අනෙකා කිව්වලු

"අපි ආවෙ සර් මුණගැහිලා අපට රඟපාන්න අවස්ථාවක් ලබාගන්න. පින් සිද්ධ වෙයි මහත්තයෝ"

 

DESHAYA



අදහස් (0)

චරිත ඉල්ලගෙන මළ ගෙදර ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 167 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site