නව රජයේ පළමු හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (11) හම්බන්තොට දිස්ත්‍රීක්ක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නිවාස ඉදිකිරීම් අමැති සජිත් පේමදාස මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී චානක, නිහාල් ගලප්පත්ති යන මහත්වරුද, පළාත්සභා මන්ත්‍රීවරු සහ පළාත්පාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීහු සහභාගී වූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු සියළුම දේශපාලන පක්ෂවල සහාය මත කරගෙන යන හෙයින් රාජ්‍ය නිලධාරින් අවංකව සහාය දිය යුතු බව සම සභාපති දිලිප් වෙදආරච්චි මහතා කිය.
සජිත් පේමදාස මහතාගේ උපන් දිනය නිමිත්තෙන් තිස්සමහාරාම රෝහලේ භික්ෂු වාට්ටුව හදන්නට ඔහු කටයුතු කර තිබෙන බව සම සභාපති චමල් රාජපක්ෂ මහතා කීවේය. සම සභාපති දිලිප් වෙදආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්වරු ද ඊට සතුට පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල් තියා මහින්ද ගියත් යහපාලනය කියන වචනයට දැන් පණ දෙන්න බෑ (බ)
ඉතා හොද දෙයක් එකට එකතුවී රට හදන්න (බ)
කුමාරට හිතට කරදරයිද? දුක හිතිලා වගේ. (නි)
කොහොම හරි රට ගොඩ ගන්න (ම)
බය වෙන්න එපා හොඳේ. ආයෙත් එන්නෙත් යහපාලනය තමයි. අර හිටපු අයට නම් ආයේ කවදාවත් පණ දෙන්න බැහැ (නි)
කවුරු මොනවා කිවුවත් රාජපක්ෂ පවුලේ වුණත්, මොළේ තිබෙන රටට ආදරය කරන අය ඉන්නා බව මෙයින් පැහැදිලි වෙනවා (නි)
පාට කණ්ණාඩි දාගත්, වපර ඇසින් බලන ඇතැමුන්ට අමුතු අමුතු පාටට පෙනෙනවත් ඇති. හොඳ පැත්ත, හරි පැත්ත එක්කෝ පෙනිලා නැහැ, නැත්නම් පෙනුන බව පෙන්වන්න කැමති නැහැ. (නි)
මහින්ද අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකළේ ඇයි කියලා දන්නෝ දනිති (නි)
කොහොම හරි දුප්පත් ජනතාවට සෙතක් වෙනවා නමි හොදයි. (ර)
කවුරු ආවත් නැතත් වැරදි කරුවන්ට දඩුවම් ලැබිය යුතුයි.රට තුල සාමය ස්ථාපිත වීම අනිවාර්යයි.(කෞ)
තව ටික දවසකින් මහින්ද මහත්තයත් යහපාලනයට ගියා කිවුවත් අපි නම් පුදුම වෙන්නේ නැහැ. මොකද යහපාලනය කියන්නේ රටට යහපතක් වෙන දෙයක් නිසා (නි)