IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චමල් යහපාලනයට අත දෙයි

නව රජයේ පළමු හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (11) හම්බන්තොට දිස්ත්‍රීක්ක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි.

නිවාස ඉදිකිරීම් අමැති සජිත් පේමදාස මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී චානක, නිහාල් ගලප්පත්ති යන මහත්වරුද, පළාත්සභා මන්ත්‍රීවරු සහ පළාත්පාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීහු සහභාගී වූහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු සියළුම දේශපාලන පක්ෂවල සහාය මත කරගෙන යන හෙයින් රාජ්‍ය නිලධාරින් අවංකව සහාය දිය යුතු බව සම සභාපති දිලිප් වෙදආරච්චි මහතා කිය.

සජිත් පේමදාස මහතාගේ උපන් දිනය නිමිත්තෙන් තිස්සමහාරාම රෝහලේ භික්ෂු වාට්ටුව හදන්නට ඔහු කටයුතු කර තිබෙන බව  සම සභාපති චමල් රාජපක්ෂ මහතා කීවේය.  සම සභාපති දිලිප් වෙදආරච්චි සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්වරු ද ඊට සතුට පළ කළහ.



අදහස් (0)

චමල් යහපාලනයට අත දෙයි

කුමාර Monday, 11 January 2016 02:40 PM

චමල් තියා මහින්ද ගියත් යහපාලනය කියන වචනයට දැන් පණ දෙන්න බෑ (බ)

:       0       0

ප්‍රියා Monday, 11 January 2016 02:59 PM

ඉතා හොද දෙයක් එකට එකතුවී රට හදන්න (බ)

:       0       0

රන්ජන් Monday, 11 January 2016 04:55 PM

කුමාරට හිතට කරදරයිද? දුක හිතිලා වගේ. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 12 January 2016 06:21 AM

කොහොම හරි රට ගොඩ ගන්න (ම)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 11 January 2016 04:57 PM

බය වෙන්න එපා හොඳේ. ආයෙත් එන්නෙත් යහපාලනය තමයි. අර හිටපු අයට නම් ආයේ කවදාවත් පණ දෙන්න බැහැ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 11 January 2016 04:57 PM

කවුරු මොනවා කිවුවත් රාජපක්ෂ පවුලේ වුණත්, මොළේ තිබෙන රටට ආදරය කරන අය ඉන්නා බව මෙයින් පැහැදිලි වෙනවා (නි)

:       0       0

පරාක්‍රම Monday, 11 January 2016 05:00 PM

පාට කණ්ණාඩි දාගත්, වපර ඇසින් බලන ඇතැමුන්ට අමුතු අමුතු පාටට පෙනෙනවත් ඇති. හොඳ පැත්ත, හරි පැත්ත එක්කෝ පෙනිලා නැහැ, නැත්නම් පෙනුන බව පෙන්වන්න කැමති නැහැ. (නි)

:       0       0

සුජීව Monday, 11 January 2016 05:20 PM

මහින්ද අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකළේ ඇයි කියලා දන්නෝ දනිති (නි)

:       0       0

නදික Tuesday, 12 January 2016 08:20 AM

කොහොම හරි දුප්පත් ජනතාවට ‍සෙතක් වෙනවා නමි හොදයි. (ර)

:       0       0

අසාද් Tuesday, 12 January 2016 08:36 AM

කවුරු ආවත් නැතත් වැරදි කරුවන්ට දඩුවම් ලැබිය යුතුයි.රට තුල සාමය ස්ථාපිත වීම අනිවාර්යයි.(කෞ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:23 AM

තව ටික දවසකින් මහින්ද මහත්තයත් යහපාලනයට ගියා කිවුවත් අපි නම් පුදුම වෙන්නේ නැහැ. මොකද යහපාලනය කියන්නේ රටට යහපතක් වෙන දෙයක් නිසා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site