
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥය කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පැවසීය.
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි පවසමින් අල්ලස් කොමිසම ගොනුකළ විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
දේශපාලන හේතූන් මත පවරන මෙම පැමිණිලි සම්බන්ධයෙන් උත්තර දීමට සැකකාර පාර්ශවය සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
රක්ෂිත බන්ධනාගාර ගත චාමර සම්පත් දසනායක මහතා අද බන්ධනාගාර අධිකාරිය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර විමර්ශන විභාගය දහවල් 12 ආරම්භ වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චාමරගේ නඩුව 12ට කැඳවයි
හසක Tuesday, 01 April 2025 11:26 AM
වංචාව කරල තියෙන්නෙත් දේශපාලන හේතූන් මත දේශපාලන බලය අවභාවිතා කරල හින්ද දේශපාලන හේතු මත නඩුව පවරල තියෙනවනං ඒකෙත් අවුලක් නෑ.
නට් ලූස් අබ්බගාත් Tuesday, 01 April 2025 11:35 AM
පොදු දේපල නං ඉතිං ඒවා පරිහරණය කරන්න මාගේ සේවාදායකයාටත් අයිතියක් තියෙනවා! වහාම නිදොස්කර නිදහස් කරන්න.
Lapai sipai Tuesday, 01 April 2025 03:28 PM
තව කෑගහන්න උන් ඉන්නවාද?