ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඉවත් වු ආකාරයට ඇමැති චම්පික රණවක හා බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහත්වරුන් ඉවත් වනු ඇතැයි මාධ්‍ය සාකච්ඡාවකදි අද (18) උදේ ප්‍රකාශයට පත් කැරිණි.
රජයට සහයෝගය දැක්වීමට නම් ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කැර, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ,අල්ලස හා දූෂණය මර්ධනය කිරීමට පියවර ගන්නැයි කරුණු තිස් පහකින් යුත් සන්දේශයක් හෙළ උරුමයෙන් රජයට ඉදිරිපත් කළ බවත් රජය ඒවා ක්‍රියාත්මක නොකරන බව පෙනෙන බවත් හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව පැය හතර හමාරක සාකච්ඡාවකින් පසු තීරණය කළ බවත් මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මේ තීරණය හරි (නි)
පමා වෙලා හරි නිවැරදි තීන්දුව ගත්තා.(හේ)
රට යහපත් මඟකට ගැනීමට දරන උත්සාහයට මගේ ප්‍රණාමය ..(හේ)
රට දැය වෙනුවෙන් ගත් එඞිතර තීරනයට උණුසුම් සුභපැතුම් !!! ඉදිරිවැඞ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!(හේ)
දැනට රටට අවශ්‍ය බුද්ධිමත් දේශපාලන නායකයන් බවයි මගේ හැගීම. ජයවේවා! (ර)
ඔබගේ තීරණය හරි. කැපවීමෙන් වැඩකරන්න ඔබට ජය. (ර)
රාජ්, ජනපති කොටින්ගෙන් රට ගළවාගත්තේ තනිවමද?? (නි)
“සිරකර සිටින සිංහබාහු පරපුරේ සිංහලයන්ට අපි කියන්නේ ගල් ලෙන අද අපි බිඳලා තියෙනවා. දැන් අපිත් සමග ජාතික ගමන යන්න ඉදිරියට එන්න“ යි ඔහු අවසාන වශයෙන් පැවසුවේය. (ර)
දෙන්නම එකයි (නි)
ජය වෙිවා.! ගත්ත හොදම තිරණය. (ර)
හොරුන්ගෙන් වංචාකාරයන්ගෙන් රට බේරාගන්නට අපි ඔබට සුබ පතමු. (නි)
කෙසේවෙතත් ජනපතිතුමා නැවත ජයගන්න බවයි මගේ හැඟීම... මේ දේවල් වෙනවා ඉක්මන් වැඩියි (නි)
"ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කර, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ,අල්ලස හා දූෂණය මර්දනය කිරීමට පියවර ගන්නැයි කරුණු තිස්පහකින් යුත් සන්දේශයක්" ......ජවිපේදී ඉෂ්ටකරන්න අමාරු දේවල්නේ ඉල්ලලා තියෙන්නේ. (නි)
සැබෑ දේශප්‍රේමියෝ කියන්නේ මේ වගේ මිනිසුන්ට මිසක් අවස්ථාවාදීන්ට නෙමෙයි. (ර)
රාජ් ඔයා රට බේර ගත්ත මන්තරේ මතුර මතුර ඉන්න. අපි යනවා. අපිත් ජන්දේ දුන්නේ ජනපතිට තමා. එ්ත් දැන් ඒ ගොනා වික්කා. (නදී)
වැරදි පෙන්වන්න ඉන්න මෙයාලට මගේ සුබපැතුම්.! (ර)
"ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කැර, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ,අල්ලස හා දූෂණය මර්ධනය කිරීමට පියවර ගන්නැයි කරුණු තිස් පහකින් යුත් සන්දේශයක්" ජීවිතේදී ඉස්ඨ කරන්න බැරි දේවල්නේ ඉල්ලලා තියෙන්නේ. (නදී)
නිවැදි ක්‍රියාවක්. මිනිසුන් මේ ගැන මීට වඩා දැනුම්මත් විය යුතුයි. (ර)
කොහොම කෙසේ වෙතත් ජනපති තුමා නැවත ජය ගන්න බව මගේ හැඟීම . මේ දේවල් වෙනවා ඉක්මන් වැඩියි. තාම මැතිවරණය ප්‍රකාශයට පත් කරලත් නෑ. ටික දවසකින් මේවා ජනතාවට අමතක වෙනවා. ඡන්දේ කිට්ටු කරලා යු.එන්.පී සෙට් එක මෙහාට පනිනවා. එතකොට ඒවා තමයි ප්‍රථිඵල (නදී)
එදා මනිරාස කුලමට ගියා වගේ සිංහලය වෙනුවෙන් ඉදිරියටම යමු. (ර)
අනිවාර්යෙන්ම වෙනස් වෙන්නම ඕනේ.අපේ දරුවන්ට දෙවියනේ කියල සාමයෙන් සමගියෙන් බියක් සැකයකින් තොරව ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනේ. ජාතික හෙළ උරුමයට අපගේ ප්‍රණාමය. (නදී)
තරම දන්නේ නෑ. කොට්ටාස ක්‍රමයට ඡන්ද තියල විදායක ජනාධිපතිකම ඉවත් කලාම 1977 වගේ කොටි සෙල්ලම් යලිත් පටන් ගනීවි. මෝඩ පිරිසක්. (නදී)
රාජ් මහත්මයා නොදන්නවා උනාට ජනාධිපති තුමාට තනියම යුද්ධය කරන්න බැහැ හෙළ උරුමේ වගේ පක්ෂවල ඒ අසීමිත මානසික සහයෝගය හා සැනසීම නැතිව. එ්ත් අපි හිතනවා හෙළ උරුමය ජාතිය ගැන හිතලවත් අවංක පිරිසිදු දේශපාලනයට තනිවම ඉදිරිපත් වෙනවානම් හොදයි කියල එළැබෙන ජනාධිපතිවරණයේ පටන්. (නදී)
ඉදිරියේදී නොයෙකුත් කරදර වලටත් මුහුණදෙන්න වෙයි (නි)
සියලු සම්පත් අතහැර යනවා කියන එක ගොඩක් දෙනෙකුට කළනොහැකි දෙයක් (නි)
අපේ සුබ පැතුම් ! ජය නියතයි! (නි)
ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් (නි)
ජනපතිට ජය නියත බව ස්ථිරයි. (නි)
රටේ අනාගතය ගැන හිතන හැමෝටම ජය වේවා ! (අ)
ඔය පටන් ගත්තේ පෙරහරේ ඉදිරියෙන්ම ගමන් කරන කස කරුවන්ගේ ප්‍රහාරය. ඉදිරියේදී හොඳ හොඳ දත් ගැලවෙන පාටයි. (නදී)
මෙතන අදහස් දක්වන 99%ක්ම මේ කළ වැඩේට කැමතියි. මේ විදිහට ඡන්දෙදිත් වුණොත් නියමයි (නි)
ගම්මන්පිල ගැන මට නම් ශුවර් නැහැ එයටා අැයි හදිසියේම බඩේ අමාරු හැදුනේ? (නදී)
උදය මහත්තයෝ අපෙන් හිගා කාපු රුපියල් 100 ආපසු දෙනවා. ලජ්ජා නැති උදවිය , රෙදි ඇඳගෙනද දන්නේ නැහැ ඉන්නේ (නදී)
මම හිතන්නේ මේ කරුණු ඔක්කොම හරි රටේ යහපාලනයක් ඇති කිරීමට රජයට සහයෝගය දැක්වීමට නම් ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කැර, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ,අල්ලස හා දූෂණය මර්ධනය කිරීමට පියවරගන්න මොකද කරන්න බැරි හේතුව වංචාව දුසනය මේ ආණ්ඩුවේ තියනවා මේ යන විදිය රටට හොදම නැහැ (නදී)
අනේ වාසනාවන් රටට හොද කලක් උදාවෙන බව පේනවා (නදී)
රට වෙනුවෙන්,රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්,අසරණ දරුවන් වෙනුවෙත් ගත් එඩිතර තීරණයක්. (නදී)
මෙම ඉල්ලීම් ඉවත් කළා කියමුකෝ. ඊට පස්සේ රටේ අස්ථාවරත්වයක් ඇති උනොත් එහෙම එකේ වගකීමත් ගන්න පුළුවන් නේද ඔය කෑ කෝ ගහන කාට කාටත්. (නදී)
මම හිතන්නේ මේ කරුණු ඔක්කොම හරි. රටේ යහ පාලනයක් ඇති කිරීමට රජයට සහයෝගය දැක්වීමට නම් ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කර , අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර, අල්ලස හා දූෂණය මර්ධනය කිරීමට පියවරගන්න. මොකද කරන්න බැරි හේතුව වංචාව දුෂණය මේ ආණ්ඩුවේ තියනවා මේ යන විදිය රටට හොදම නැහැ (නදී)
උපන්දින තෑග්ගක්ද ? (නදී)
හෙළ උරුමයේ අනාගත ගමනට අපගේ උණුසුම් සුබ පැතුම්. (නි)
චම්පික, බුද්ධිමත් මිනිසුන්ගේ හදවතට කතාකරන්න පුළුවන් ඔබ වැනි කෙනෙක් වන්දිබට්ටයෙක් වෙන්න එපා. (නි)
කාලෝචිත තීරණයක්, අපෙන් සුභ පැතුම්! (නි)
ඇත්තටම හෙළ උරුමය විතරයි හරි දේ කතා කරේ. රටේ ඇතිවී තිබෙන මේ අර්බුදය රජය හරි විසදුම් දෙන්න ඕනි. රටට හානි කරවන විදියේ ගමනක් රජය ගමන් කරනවා ඒ තුලින් රටට විශාල අර්බුධ මතුකරනවා.ජනතාවට මේකේ හරි අවබෝධය තවම අඩුයි.(හේ)
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කියන දේ හරි, ආණ්ඩුව පාලුගෙයි වලන් බිදිනවා. රටේ යහපාලනයකට මෙම ඉල්ලීම් සපුරන්න ඕනි.මෙතන ලොකු බරපතල වරදක් තියෙනවා. ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මගේ ප්‍රණාමය!(හේ)
පොදු අපේක්ෂකයාගේ සහායට කොටින්ට උදව් කරපු, රට බෙදල දෙන්න ගිය කණ්ඩායම් නම් ගාව ගන්න එපා. (අ)
උණුසුම් සුභපැතුම්. ඉතාමත් කාලෝචිත තීරණයක්. රටක් හැටියට ජාතියක් හැටියට අපි හැමෝගෙම පැතුම ඒ රටේ සාමය හා නීතිය සුපිරි සුන්දර රටක් ලෙස පත්වීම දකින්න. ඒ සුන්දර සිහිනය සැබෑ වේවා කියා ප්‍රාර්ථනා කරමි. (හේ)
ගියාට වැඩක් වෙන්නේ නෑ.ජයග්‍රහණයක් නෑ.(හේ)
ආණ්ඩුවෙන් යන්නත් පහසුයි, ආණ්ඩුවට එන්නත් පහසුයි. ප්‍රශ්නය තියෙන්නේ චම්පික, ගම්මන්පිල වගේ පිරිසිදු චරිත ආණ්ඩුවෙන් ගිහිල්ලා එකතුවෙන තැනයි. අරමුණේ උඩින්ම විධායකය අහෝසි කිරීම තිබුනාට ඔය කියපු හැම කෙනාගේම යටි අරමුණ ඒකමයි කියලා මම නම් හිතන්නේ නැහැ. එනිසා නියම ඇත්ත ඔප්පු කළ නායකයා තව අවුරුදු 100 ක් හෝ පාලනයේ තැබීම හැර වෙන විසඳුමක් රටට නැත. (නි)
ඉවරට ඉවරයි.(හේ)
ඉවරයි.ඔය කවුරු ආවත් වැඩක් නෑ.(හේ)
මේ එන ගමන ගැන හිතලා බැලුවද?(හේ)
හරි තිරණයක්.(හේ)
ජයවේවා.(හේ)
මංත්‍රී ආසනවලිනුත් ඉල්ලා අස්වුනානම් තමයි හොද. (අ)
සුභ පතනවා ඔබ දෙපළට. නිවැරදි තීරණයක්.(හේ)
තමන්ගේ අමාත්‍යංශයට අයත් අයවැය විවාදය මග හැර ඉල්ලා අස්වීම වගකීමක් සහිත පුද්ගලයකුගෙන් නොසිදුවුවිය යුතුය.(හේ)
මට නම් හෙළ උරුමය කියන්නේ අද නාමික පක්ෂයක් විතරයි. මේ රජයේ අඩුපාඩු තිබුනත් ඒවා රජය තුළ රැඳීසිටිමින් විසඳා ගැනීම මිස අවස්ථාව බලා ක්‍රියාත්මක වන දේශපාලනයක යෙදීම ඒකට විසඳුම නෙමෙයි. උපත වගේම විපතත් කවදා හෝ සිදුවෙනවා.ඒක වළක්වන්න බැහැ.සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයෙක් අද රටේ බලයේ ඉන්නේ.ඒ විශ්වාසයේ මවිල් ගහක් සොළවන්න ශක්තියත් මේ ඉවත්වෙන හෙළ උරුමයට නැහැ. (නි)
එකම කට්ටියක් අසීමිත බලයක් තියාගෙන ගොඩක් කල් ඉන්නකොට වැරදි කරන්න පෙළඹෙනවා. යුද්දය අවසන් කලා කියල රටේ සම්පත් උකසට තියල අනාගත පරපුර ණය කාරයෝ කරලා ඒ සල්ලි වලින් මඩි තරකර ගන්න එක සුදුසු නැහැ. බටහිරට බනින ගමන් චීනෙට රට උකස් කරන එකත් වැරදි. විපක්ෂය රට පාවා දෙනවා කියන තැටිය බොරුවක්. මොකද එහෙම කරන්න බැහැ. කරන්න දෙන්නෙත් නැහැ. අවරුදු 5-10 එක කට්ටිය බලයේ තිබ්බම හොඳටම ඇති. යුද්දය අවසන්කලා කියල මොර දෙන්නේ නැතිව ඒ ස්වර්ණමය අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන රටේ සියලු ජන කොටස් වල විස්වාසනීය බලාපොරොත්තු ඇතිවන යහපත් නීතිගරුක සැමට සම අවස්ථා ඇති පාලන තන්ත්‍රයක් අවංකවම ඇති කල යුතුයි. රටට , ජනතාවගේ අනාගතයට ජයවේවා. (ස)
මම නම් හිතුවා මෙහෙම වෙයි කියලා (නි)
කදිම උපන්දින තෑග්ග. (ස)
අන්න හරි තීරණය.(හේ)
මහජනයාග දුක දැනුනද ? ඔබ දෙපොලට යහපත් සිතිවිලි අැතිවේවා.(හේ)
ඔන්න කෙලින් මිනිස්සු.(හේ)
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති ජනතාවට දුන් පොරොන්දුව ඉටුකලානම් මේ අය ඉවත්වන්නේ නැහැ. ඇයි ජනාධිපති ජනතාව රැවට්ටුවේ ?(හේ)
නිවැරදි තීරණයකට එළඹීම ගැන හදවතින්ම ප්‍රසාදය! ජයශ්‍රී! (නි)
මේ වගේ තව කී දෙනෙක් යයිද?(හේ)
පාර්ලිමේන්තුවේ උගත් බුද්ධිමත් රටට ආදරය කරන්නන් ඉන්නවා නම් මෙන්න තීරණයක් ගන්න නියම වෙලාව (නි)
අනේ අපොයි.(හේ)
හෙළ උරුමයට ලැබුන ඡන්ද ප්‍රමාණය ආණ්ඩුවට ලැබුන ඡන්ද ප්‍රමාණය අතරේ හැංගිලායි තියෙන්නේ! (නි)
සැබෑම පොදු අපේක්ෂකයා අපේ චම්පික රණවක මැතිතුමා වෙනවනම්.......මේ රටේ ජනතාව කොච්චර වාසනාවන්තද?(හේ)
තාම දෙන්න මුකුත් කියලා නැහැනේ..එයාලා ප්‍රසිද්ධියේ කියලා අයින් වුනාම විශ්වාස කරන්නම්(හේ)
පිවිතුරු හෙටකින් පිවිතුරු රටකට යන ඔබලාට මගේ උණුසුම් සුබ පැතුම්. නොබියම ඉදිරියට යන්න ජය නියතයි .(හේ)
හෙළ උරුමයට අපගේ ප්‍රණාමය ! (හේ)
රට බේරා ගන්න විධායක ජනාධිපති ක්‍රමය නැතුව බෑ.මොනව වුනත් ලංකාවට මහින්ද නැතුව බෑ..!රට හදන්න කියලා මේ ඔක්කොම එකතු වෙන්නේ සුද්දන්ට,කොටින්ට රට පාවා දීපු හැතිකරයක් එක්ක.(හේ)
ඔක්කොම එකමුතු වෙලා වැඩ කළොත් හොඳයි. නැතිනම් රට ආගාධයට පත්වෙන එක තමා වෙන්නේ. (ස)
ජාතික හෙළ උරුමයේ හරි තීරණේ අරගෙන තියෙන්නේ.(හේ)
රටේ යහපාලනයක් ගොඩ නැගීමට ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පෙරමුණ ගන්න නිතිය වල් වැදී ඇති කලෙක ඔබගේ තීරණය හරියට හරි.(හේ)
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් රටට ලොකු ආඩම්බරයක් කෙලින් කතාකර කෙලින් වැඩකරන ශක්තිමත් එඩිතර හිමි නමක් රටට ලොකු හයියක් ගරුකරනවා මතයට.(දිල්)
ආණ්ඩුවේ වැරදි දකින්න ඕනි එක ජාතික වගකීමක් රට හරි මගට ගන්න.(දිල්)
ඔබලාට හොද කොන්දක් තිබෙන බව ලංකා ජනයාට පෙන්නුවා. නියම සිංහලකමට. ජය ඔබලාට කවදාවත් වරදින්නේ නැහැ ජය ජය.(හේ)
ඔබගේ තීරණය හරි. රට යහමගට ගන්න එකධිපති වියරුවෙන් රට බේරගන්න, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ,අල්ලස හා දූෂණය මර්ධනය කිරීමට පියවර ගන්න, ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න කැපවීමෙන් වැඩකරන්න ඔබට ජය.(හේ)
රට එක්සේසත් කළ ජනාධිපති තුමාට ජය ජය රතන හිමි උදය මත්තයාගෙයි චමිපික මහත්තයාගෙයි අනාගතය විනාශ කලා . අපි ජන්දයකදි රතන හිමිට උත්තර දෙන්නම් ගෙදර යන්නම ජනපති ජය ජය ජය ජය.(අ)
අමාත්‍යාංශ, ඇමතිකම , වරප්‍රසාද කෑදරකමේ දඟලන මිනිස්සු ඉන්න රටක ඒ හැමදේම අතහැර රට වෙනුවෙන් මේ වගේ කෙලින් තීරණයක් ගත්ත පාඨලී චම්පික මහත්මයාට අපගේ ගෞරවනීය ප්‍රණාමය! (අ)
සැබෑ පිටකොන්දක් තියෙන්න ඕනි ඇමතිකම් අතහැරලා ආණ්ඩුවෙන් යන්න. (හේ)
දැන්නම් නම් එන විදිහට රට ගැන විස්වාසයක් තියන්න පුළුවන්.අපිටත් දෙවියනේ කියලා ලංකාවට ඇවිත් අපේ දරුවන් සමග සතුටින් බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්.(හේ)
චම්පික මහත්මයා ජනාධිපතිවරණයකට ඉල්ලුවා නම් හොඳයි මම හිතන්නේ. උගතෙක්, බුද්ධිමතෙක්, පරිණත දේශපාලකයෙක්, මහජන මුදල් කාබාසිනියා නොකළ දේශපාලන නොකිළිටි චරිතයක්. පොදු අපේක්ෂකයෙක් හැටියට වඩාත්ම වාසිදායක මම හිතන්නේ චම්පික තමයි. මෙහෙමහරි දැනෙන්න දෙයක් කළ එක අගය කරනවා මම. මෙහෙම තව ටික දෙනෙක් කෙළින් හිටියොත් ඕනෑ ඕනෑ විදියට නටන්න වෙන්නේ නැහැ (නි)
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියනි ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා.(හේ)
ජාතික හෙල උරුමය පක්ෂයක් වශයෙන් ගත් හොද තීරණයක් ඔබේ පක්ෂයට ජය වේවා.(හේ)
හාමුදුරුවනේ, එතොකට ඔබ වහන්සේලාගේ යෝජනා පිළිගෙන එය ක්‍රියාත්මක කිරීම පසුවට? එතොකට අරයගෙ යෝජනා 12 පිළිගෙන ඒවා දැන් ක්‍රියාත්මකද දන්නේ නැහැ නේද.(හේ)
කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න එක බොහොම හොඳයි .(හේ)
රටට යහපතක් වෙනවානම්,අපගේ ආශිර්වාදය!.(හේ)
මෙවරවත් ලොකු වෙනසක් සිදු කරන්න.(හේ)
ආණ්ඩුව සාමාන්‍ය ජනයාගේ හර්ද ස්පන්දනය තේරුම් ගත යුතුයි. දෙනුත් ප්‍රමාද වැඩි වගේ....විශාල ජනබලයෙන් ජනවරමින් මත් නොවිය යුතුයි. ජනතාව හරක් නොවන බව අවබෝධ කර ගත යුතුයි. (හේ)
පාට පක්ෂ අපිට වැඩක් නැහැ. සිංහල දේශයයි බෞද්ධ අාගමයි අපට වැදගත්. (නදී)
නුතන යුගයේ ධර්මපලලා. ඔබට දෙපලට දළදා සමිදුගේ පිහිට ලැබේවා.(හේ)
ඉවසන්න අපේ හාමුදුරුවනේ, ලබන ජනවාරියෙන් පසු රටේ අපල කාලය සම්පුර්ණයෙන්ම දුරුවෙනවා. (නි)
කවුරු කොහොම ගියත් දෙකට කැඩෙන්න ගිය රට බේරාගත් ජනපතිට ජයසිකුරුයි. (නි)
ගත්ත තීරණය අගය කරනවා. එත් වැරදි පුද්ගලයෝ එක්ක එකතුවෙලා වැරදි පැත්තේ වාඩි වෙලා වැරදි දේවල් කරන්න ලෑස්ති වුනොත් අපි අනුමත කරන්නේ නෑ.(හේ)
අස්වෙනවා. යන්නේ නෑ. දෙකම එකයි හැබැයි වෙනස්. (අ)
තනතුරු වලින් පිස්සු නටන අනිත් බහුතර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ට වඩා දහස් වටිනා ප්‍රතිපත්ති ගරුක ඔබ වැනි මිනිසුන් රටේ අගමැති ජනපති තනතුරු වලට පත්වන දිනක් ඇත්නම් රටම සුන්දරය.(හේ)
මොවුන් පසුපස ගිය අයට කසපහර 1000 දුන්නත් මදි (නි)
නිවැරදි තීරණයක්. ඔබ සියලු දෙනාට මාගේ සුබ පැතුම්. ජයවේවා! (නි)
අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කැමති කෙනෙකුට කැමති තීරණ ගන්න පුළුවන්. අවසානයේ ජනතාව තීරණය කරාවි. (නි)
අනේ හොඳයි ගිය එක (නි)
කවුරු ගියත් මහින්ද අපේ ජනපති (නි)
අවසාන ඡන්ද ප්‍රතිඵලය. (නි)
රට යහපත් මඟකට ගැනීමට දරන උත්සාහයට අපගේ ප්‍රණාමය.අනෙක් ඇමතිවරුන්ටත් ඉක්මනින් යථාර්තය වැටහේවා.(හේ)
කොහොමත් වෙන්න තිබ්බ දෙයක්.(හේ)
කපුටෝ පාවෙන මළකුණු උඩ නැග්ගම එහෙම ලෙහෙසියෙන් ඉවතට පියාඹා යන්නේ නෑ.(හේ)
අවුරුදු දහයක් කාපුවා මදි ද. ඔය ඇති.(හේ)
කවුරු ගියත් රට කොටින්ගෙන් ගලවාගත් ජනපතිට ජය නියතයි. ජනපතිඳුට සුභ උපන් දිනයක් වේවා..!(හේ)
ජයවේවා.(හේ)
රටට අාදරය අැති අවංක මිනිසුන් ජය වේවා (දිල්)
කොහොමටත් ඔවුන්ට වෙන ගන්න පියවරක් තිබේද.? (ර)
මොනවා නැතත් අධිකරණයේ ස්වාධීනභාවය ඉතාම වැදගත්, අන්තිමට අසරණයන්ට යන්න තියෙන තැන. අද තත්වය ඉතාම පහත්, ඔබ දෙපළට අපගේ සුභපැතුම්. ඉදිරියටම යන්න (දිල්) .
මොනවා නැතත් අධිකරණයේ ස්වාධීන භාවය ඉතාම වැදගත්, අන්තිමට අසරණයන්ට යන්න තියෙන තැන. අද තත්වය ඉතාම පහත්, ඔබ දෙපළට අපගේ සුභපැතුම්. ඉදිරියටම යන්න(දිල්) .
ඔබ දෙපළට අපගේ සුභපැතුම්. ඉදිරියටම යන්න (දිල්)
එන පොට හොද නැහැ. (දිල්)
තීරණයක් ගැනීමේදී කෙනකු තුල තිබෙන දැනුම, අවබෝධය හා බුද්ධිමත්කම තදින්ම බලපානවා. ආත්මාර්තකාමිත්වයට, පුද්ගලික පටු වාසියට වඩා පොදුවේ කාටත් සිදුවන යහපත ගැන සිතන්න වෙනවා. මෙම තීරණය ඒ ආකාරයෙන් ගත් නිවැරදි තීරණයක්. (ර)
එතුමා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් තුළින් ඔය කියන කරුණු ඉටුකරගන්නද බලාපොරොත්තුව? (නි)
මම හිතන්නේ රතන හාමුදුරුවෝ තමයි නිර්භීතව පළමු පියවර තැබුවේ. ඒ ගැන උන්වහන්සේට ප්‍රණාමය පුදකළ යුතුයි.අපි ඔක්කොම එකට යමු. එතකොට තමයි වඩාත් පිවිතුරු හෙටක් උදාකරගත හැකිවන්නේ. (නි)
අපි හිතුවේ ඔබලත් රඟපානවා කියලා. නමුත් ඔබ රට වෙනුවෙන් තීරණ ගැනීම ගැන ආඩම්බරයි (නි)