රජයේ නිල වාහන මැතිවරණය වෙනුවෙන් යොදා ගන්නා මැති ඇමැතිවරුන් ඒ සඳහා මුදල් ගෙවිය යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැරුණු යෝජනාව අනුව පාඨලී චම්පික රණවල විදුලිබල ඇමැති අද (21) අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ ට රුපියල් ලක්ෂ තුනක් ගෙවීය.
ඔහු පරිහරණය කරන වාහන තුන වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇත.
‘රට නව දේශපාලන සංස්කෘතියකට ගමන් අරඹමින්, නව රජය වඩා විනිවිද භාවයෙන් යුතුව රාජ්‍ය දේපළ මැතිවරණය වෙනුවෙන් අවභාවිතාවන් සඳහා යොදා නොගැනීමට ගෙන ඇති වැඩපිළිවෙළට සහාය පළකරමින් එසේ කරන බව ද ඇමැති කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැබෑ ප්‍රතිපත්ති රකින්නෙක් (නි)
මෙයා කොහොමත් ඉතිහාසයට එක්වනවා. (ර)
අපරාදේ අපි මෙයාට දුන් ඡන්දය . කවුද හිතුවේ මෙයා අලියා පිටේ නගී කියලා. කන්න ඕනේ උනාම කබරගොයා තල ගොයා කරගන්නා කෙනෙක් මෙයා . (ර)
මෙත්මා කොහමත් ඡායාරූප වලට කැමතියි. (ර)
කල වැඩේ හොදයි. (ර)
බලාගෙන ඉන්න 17 වෙනිදාට රටේ ජනතාව හොඳ ආදර්ශයක් ඔබට දේවී. (ර)
ලක්ෂ තුන ගෙව්වේ මන්ත්‍රී වැටුපෙන්ද? මන්ත්‍රී වැටුප කීයද ? දන්නා කෙනෙක් කියලා දෙන්න. වෙන ආදායම් තිබේද.? (ර)
ඔහොම කියන අය කියන්න බලන්න අනිත් අයගේ පැටිකිරිය මෙයාට වඩා හොදද කියලා. ජනතාව ගැන අනිත් නායකයන්ට වඩා හිතන නායක තුමෙක් මෙතුමා දේශපාලන වාසි නොහිතා පොදුවේ රට ගැන හිතන්න ඕනේ කාලයක් මේ. (ර)
හොඳ වැඩක් ජයවේවා (ම)
අපි මෝඩ නැහැ. (නි)
උගත්, බුද්ධිමත්, ආදර්ශමත් ජනතා නියෝජිතයන් තෝරා පත් කර ගනිමු. ජයවේවා.......!(ම)
මෙයාල රටේ ජනතාව නොමග ඇරියා. ඒ කරපු පාවාදීමට ජීවිතයෙන්වත් වන්දි ගෙවන්න බෑ. (ස)
මේවා දකිනකොට අනෙක් අයට මොනවා හිතේවිද? (නි)
බොහොම හොඳයි (නි)
ඔය ගෙවන සල්ලි කාගේද?(හේ)
මේවා දැකලා අපිට පිස්සු.(හේ)
ජනයාට දන්සල් නැතිව පිස්සු වගේ ..? (බ)
ඔයාට කලින් ප්‍රසන්න රණතුංග සල්ලිගෙව්ව. මැජික් වගේ මේව කියල වැඩක් නෑ දැං (බ)
අනේ ඉන්ද්‍ර දැන්වත් නැගිටින්න එළිවෙලා හොඳටම (බ)
ඔයාට ඉස්සෙල්ලා ප්‍රසන්න රණතුංග සල්ලි ගෙවල ඉවරයි,..(නැත්නම් එයා මෙලහකටත් හිරේ,,),..(නදී)
මෙයාලගේ රැවටිල්ල නම් ඉවරයක් නැහැ. කොකා කලත් වැඩක් නැහැ දැන් හත්පොලේ ගාගෙන ඉවරයි (නදී)
සල්ලිද ? (නදී)
මෙයාගේ ආදර්ශය අපි දන්නවා. කොහොම කෙනෙක්ද කියලා තමන්ගේ ජාතිය වාසියට පාවා දුන්නා.(නදී)
ඇයි මේ මාධ්‍ය සංදර්ශන. ඒක ඡන්ද නීතියක් නම් ඒක පිළිපැද්දා කියලා මෙහෙම සංදර්ශන අවශ්‍යද? (නි)
මාසෙකට ලක්ෂ තුනක් ගෙවන්න සල්ලි ලේබුනේ කාගෙන්ද කියල කිවනම් හොදය . මොකද අමතිකෙනෙකුගේ පොඩි පඩියෙන් මේක ගෙවන්නත් බැහැනේ. (ර)
ඉතින් සල්ලි ගෙව්වා කියල ඕක පත්තරේ දන්නා දෙයක් නැහැනේ. එකෙනුත් නිකන්ම මාකටින් පාරක් දාගන්න තමයි වැඩේ. අනේද කියන්නේ. (ර)
ඔබතුමන්ලා මහාත්මා දේශපාලනයක් කලාට,හිටපු එක්කෙනාගේ පැත්තෙන් නම් ඔය වගේ හොද වැඩ බලාපොරොත්තුවෙන්න බැරිවෙයි. (අ)
මේ කතන්දර වැඩක් නෑ මේ කරපු වැඩේ අගය කරන්න ඕන. (ර)