රාජගිරිය සරණ පාරේදී මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ හැපී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී තැටි 5 පරීක්ෂණ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළේය.
මොරටුව විශ්ව විද්‍යාලයෙන් අදාළ වාර්තා කැඳවීමෙන් පසු චම්පික රණවක අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබාදෙන බව අධිකරණය දන්වා සිටියේය.
අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ තිබූ ජංගම දුරකථනය ඇමැති පාඨලී චම්පිකගේ නමට ලියාපදිංචි කළ සිම්පතක් සහිත එකක් බව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය. නඩු විභාගය ජූනි 15 වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘චම්පික අත්අඩංගුවට ගන්නවාද නැද්ද? සීසීටීවී වාර්තාවෙන් පසු‘
බෙනට් Wednesday, 27 April 2016 09:02 AM
දැන් කියයි එ්කත් ගෝලයට දීල තිබුනේ කියල .තව මොන මොන ඒවා ගෝලයට බාරදීලා තිබුනද දන්නේ නැහැ (බ)
උපුල් වීරසිංහ Wednesday, 27 April 2016 09:20 AM
ඔන්න ඕකයි ළමයිනේ යහපාලන වෙනස.ඉස්සරනම් මිනිස්සු ගස් බදින්න,ගුරුවරු දණ ගස්සන්න,දැරිවියන් දුෂණය කරලා පාටි දාන්න,විදේශිකයන් මරල ඔවුන්ගේ පෙම්වතියො සමුහ දුෂණය කරන්න,මාධ්‍ය ආයතන ගිනි තියන්න, ඔයවගේ කි නොකී ගොඩක් දේවල් කරන්න නිදහස තිබ්බ දැන් ඒවා නැති කරලා ආණ්ඩුවේ ඇමතිලටත් බේරෙන්න ටිකක් අමාරුයි.නැතිවුණ නිදහස අායෙත් ගන්න කිරුලපන යන්න (බ)
සමන් Wednesday, 27 April 2016 11:07 AM
මොරටු සරසවියේ ආදී සිසුවකු වන චම්පිකට එරෙහිව මොරටු සරසවියේ පරීක්ෂණ කෙසේවේද? ඔහුගේ සගයන් මෙම පරිෂණ මඩුල්ලේ සිටීද පළමුව සොයා බැලිය යුතුය. (හේ)
සරත් Wednesday, 27 April 2016 11:17 AM
කාට කියන්නද නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ (කෞ)
සුසන්ත Wednesday, 27 April 2016 07:41 AM
මෙච්චර කල් ඕක පරික්ෂා කරන්න බැරි වුනාද? (හේ)
දුමින්ද Wednesday, 27 April 2016 07:52 AM
වරද කරුවෙක්නම් අත්අඩංගුවට ගන්න.(හේ)
රුවන් Wednesday, 27 April 2016 08:09 AM
නීතිය කාටත් පොදු විය යුතුයි වැරැදිනම් දඩුවම් දිය යුතුමයි (හේ)