රාජගිරිය සරණ පාරේදී මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ හැපී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී තැටි 5 පරීක්ෂණ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළේය.

මොරටුව විශ්ව විද්‍යාලයෙන් අදාළ වාර්තා කැඳවීමෙන් පසු චම්පික රණවක අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබාදෙන බව අධිකරණය දන්වා සිටියේය.

අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ තිබූ ජංගම දුරකථනය ඇමැති පාඨලී චම්පිකගේ නමට ලියාපදිංචි කළ සිම්පතක් සහිත එකක් බව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය. නඩු විභාගය ජූනි 15 වැනිදාට කල් තැබිණි.