IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


චමිත් සුජීවගෙන් 'Fire'

ලෝක ප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සිය හයවැනි ඔස්කා හොඳම නළු සම්මාන නිර්දේශ්‍යට පත්ව එය පළමු වරට දිනාගනිමින් කරන ප්‍රකාශය තුළ එක් කරුණක් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. ඒ ගෝලීය උනුසුම ඉහළ යාම පිළිබඳවයි. රතු ඉන්දියානුවන් මෙම පොලොව තමන්ගේ උරුමයක් නොව තමන් අනාගත පරපුරෙන් ණයට ගත් එකක් බව පවසනවා. මේ සියල්ල දැනට සිදු වෙමින් යන විනාශයක කරුණු පැහැදිලි කරනවා.

චමිත් සුජීව ඔහුගේ මෙම කෙටි චිත්‍රපටයෙන් පටයෙන් කියන්නේ අප එය අහිමි කරවන්නේ අපගේ අනාගත පරපුරට බවයි. සංඥාර්ථයෙන් එවැන්නක් ගෙන ඒමේ උත්සාහය අගය කළ යුත්තක් නිසා මෙවර එය අප ඔබට ඉදිරිපත් කරනවා.

මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක සහ අදහසේ නිර්මාතෘ චමිත් සුජීව කරන ප්‍රකාශයයි.

“මේක ඉතා කෙටි චිත්‍රපටයක්. ඒ වගේම මගේ අදහසත් ඉතා සරළයි. සිද්ධ වෙන්නෙ එක දෙයයි. අනාගතයට ගස් කොලන් නැති රත් වෙලා ගිය දාච්ච පොළොවක් තමයි ඉතිරි වෙන්නෙ. මම සිදුකළේ ඒ අදහස අරගන්න සංඥා භාවිතයෙන් කෙටි චිත්‍රපටයක් කරන්නටයි. ඒ අදහස ඒ තරමටම සරළයි. නමුත් ඒ අදහසේ මම ඇතුළත් කරන අන්තර්ගතය අප සැවොම දුක් විය යුතු, අවධානය යොමු කළ යුතු කරුණක්”

ලොව ප්‍රකට රටවල්වල නිවෙස් සහ නොයෙකුත් දේ වෙනුවෙන් කොතෙක් ගස් කැපුවත් ඒ හා සමානවමස් වැවීම සිදු වන නිසා හානියක් දැනෙන්නේ නැහැ. නමුත් අප රට දැනට සිදු කරමින් යනවන විනාශය හමුවේ අප රටේ ඉදිරිය ඉතා ශෝචනීය බව පාලකයන්ට නොවැටහෙන්නේ ඇයි? අනාගතයේ මේ කිසිත් නොදැන එයට මුහුණ දෙන්නන්ට ඉතිරි වන්නේ කුමක්ද?

 

 

අදහස සහ අධ්‍යක්ෂණය

  • චමිත් සුජීව

 

කැමරාකරණය

  • අරෝෂ් උදයංග

 

සංස්කරණ සහ හඬ නිර්මාණ

  • තුසිත රත්නායක

 

සංගීත අධ්‍යක්ෂක

  • Maxim Khlebnikov(Russia)

 

රංගනය

  • මාලක ලලනජීව 
  • දිල්මි දහරා

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

චමිත් සුජීවගෙන් 'Fire'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 584 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site