ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වූ "සඳවතියේ" ටෙලිනාට්‍යයේ මල්කිගේ චරිතය හරහා ඔබ හමුවට ආ චාපා නිවන්ති, මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඔබ හමු වේ. එමෙන්ම ඉදිරියේදී විකාශය වීමට නියමිත තවත් ටෙලිනාට්‍ය කිහිපයක රූපගත කිරීම් සඳහාද සම්බන්ධවී සිටින චාපා, ඒ පිළිබඳව "සාරවිට" අපිට කිව්වේ මෙවැනි අදහසකි.
"මේ දවස්වල මම රංගනයෙන් දායකවන ටෙලිනාට්‍ය 2ක් විකාශය වෙනවා. එකක් තමයි ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාවේ ඔස්සේ සෙනසුරාදා රාත්‍රී 7.30ට විකාශය වන රිහාන් රවින්ද්‍රගේ "හස්ති රාජ මන්ත්‍රය" ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. එහි මම "සඳමාලි" කියන ප්‍රධාන චරිතයට දායක වෙනවා. ඊට අමතරව ස්වර්ණවාහිනි නාළිකාවේ සෙනසුරාදා රාත්‍රී 9.00ට විකාශය වන සරත් ධර්මසිරිගේ "4 කණුව" කියන හාස්‍යමය ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. එහි මගේ චරිතය තමයි "ෂෙරින්" කියන චරිතය රඟපානවා. ඉතින් මේ දවස්වල මට ලැබෙන රසික ප්‍රතිචාරවල වැඩිවීමක් තියෙනවා."
බුද්ධික සේනාධීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd