ස්වාධීන රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන "සඳවතියේ" ටෙලිනාට්‍යයේ මල්කිගේ චරිතය හරහා ඔබ හමුවන චාපා නිවන්ති පෙරේරා නව පරපුරේ ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළියකි. "නීල පළිඟු දිය" ටෙලිනාට්‍යයේ චාපා ඉදිරිපත් කළ "යුරේනි" නම් චරිතයද අදද බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසකගේ මතකයේ පවතින්නේය. අද සිට චාපා රංගනයෙන් දායක වූ අලුත් ටෙලිනාට්‍යයක් විකාශය වීමට නියමිතය. ඒ පිළිබඳව ඇය අපට සිය හඬ අවදි කළාය.
"මගේ අලුත්ම ටෙලිනාට්‍යය තමයි "හස්ත රාජ මන්ත්‍රය" කියන්නේ. මෙහි අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළෙ රිහාන් රවින්ද්‍ර. ටී.එන්.එල් රූපවාහිනි නාළිකාව ඔස්සේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 7.30ට තමයි මේ ටෙලිනාට්‍යය විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නේ. මේ ටෙලිනාට්‍යය මට විශේෂ එකක්. මොකද, මේක මම ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමු ටෙලිනාට්‍යය. මෙහි රූපගත කිරීම් කටයුතු හොරණ, රයිගම ප්‍රදේශයේ සිදුකළේ. මේක 1950 දශකයේ සිදුවෙච්ච කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුණ ටෙලි නාට්‍යයක්. මෙහි කතාබහ වගේම ඇඳුම් පැලඳුම් පවා වෙනස්. මීට කලින් මෙවැනි ටෙලි නාට්‍යයක රංගනයෙන් දායක වෙලා තිබුණේ නැති හින්දා මෙහි රංගනයේ යෙදෙන එක මට ලොකු අභියෝගයක් වුණා. නමුත්, නාට්‍යය කණ්ඩායමේ හැම කෙනෙක්ම වගේ ලොකු සහයෝගයක් දුන්නා මේ චරිතයට හොඳින් මට නිරූපණය කරන්න. "හස්ත රාජ මන්ත්‍රය" ටෙලිනාට්‍යයට පස්සේ මම රංගනයෙන් දායක වන අලුත්ම ටෙලිනාට්‍යයක රූපගත කිරීම් කටයුතු මේ දිනවල සිදුවෙනවා. ඒ ටෙලිනාට්‍යයක් ළඟදීම හිරු රූපවාහිනි නාළිකා ඔස්සේ මගේ ආදරණිය රසික, රසිකාවියන්ට නරඹන්න පුළුවන්."
බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චාපා අද අලුත් ටෙලිනාට්‍යයක