සති ගණනාවක සිට පුර්ව ප්‍රචාරක පටයක් නොකඩවා ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියක් ලබා දී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකා විරෝධී තවත් වැඩසටහනක් ඉරිදා රාත්‍රී විකාශනය කළේය.
මිට පෙර පෙන්වූ වැඩසටහන් දෙක මෙන්ම මෙයද අධ්‍යක්ෂණය කළේ කැලම් මැක්රේ විසිනි.
එල්ටිටිඊ ත්‍රස්තවාදීන් සමඟ පැවති යුද්ධයේ අවසන් කාලයේ දී ශ්‍රී ලංකා හමුදාව අතින් යුද අපරාධ සිදුවූ බවට හුවා දැක්වීම මෙහි අරමුණ වී ඇති බව පැහැදිලිවම පෙනෙන බවත් , කොළඹදී පැවැත් වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන නායකයන්ට බලපෑමක් කිරීමට එමගින් උත්සාහ කරන්නට ඇති බවත් වැඩසටහන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ම පැවසුහ.
සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනියේ රූපරාමු බොහෝ ගණනක් එම වැඩසටහන තුළ තිබිණි.
එල්ටිටිඊ රුපවාහිනි නිවේදිකාවක ලෙස හඳුන්වාදුන් ඉසිප්‍රියා නම් කාන්තාවක මරා දැමූ බව කියන සිද්ධියකට ඔවුන් මුල් තැන දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම අවුරුද්දකටම මොකක් හරි දානවා. එක පාරම දැම්ම නම් ඉවරයි නේ. මේක ලොකුම විහිළුවක්. (ස)
දෙමල පැටුන්ට පෙන්නන්න කාටුන් එකක් හදල මැකරේ මාමා.ලොකු මාමලටත් චුන් වෙයි මේක බලන කොට. (ස)
චැනල් 4 ඔයාල හැමදාම ෆිල්ම් හදන්නේ ලේ බලන්න ආසා අයට විතරයි නේ. ටිකක් වෙනසකටත් එක්ක ආදර කතාවක් දාලා ෆිල්ල්ම් එකක් කරන්නකෝ පාඩු වෙන එකක් නැහැ හැබැයි ඉතින් දෙමළ ,හින්දි ෆිල්ම් තරම් ආදායමක් නම් ලැබෙන එකක් නැහැ.(නදී)
මොකද මේ පොඩ්ඩ පොඩ්ඩ පෙන්නන්නේ. මේක අපිට මඩ ගහන්න හදපු එකක්. ලංඩන් වල ඉන්න කොටින්ට කියන්න ඕනේ මේ රට ආයෙමත් කොටින්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මම කියන්නේ මේවට උත්තර උන්ම හොයා ගන්නකම් ඉන්න ඕනේ.(නදී)
ලංඩන් වල ඉන්න සිංහල කෙනකුට නඩු දාන්න පුළුවන් මේ චිත්‍රපටය නිසා තමාට ලැබිය යුතු වරප්‍රසාදයක් අහිමි වුවා කියලා.(නදී).
තමිල් නාඩුවේ රුප ගත කල ලංකාව සම්බන්දව ද වෛට් වෑන් ස්ටෝරි නම් පැය 2.30ක චිත්‍රපටයක් ලබන සතියේ තිරගත කරන්න යනවා. මෙහි එක පිටපතක් චැනල් 4 එකට දීලලු.(නදී)
අවසානයක් නැද්ද? (නි)
අපි වගේ පොඩි රටවලට ප්‍රශ්න අදින්න මේ අයට වෙන වැඩ නැද්ද ?(නදී)
මේ වීඩියෝව ඇත්ත එකක් වගේ.(නදී)
දැන් ඔය අයට කරන්න පුලුවන් හැමදේම කළානේ.දැන් ඔය එකක්වත් (ඩයස්පෝරාවේ)එළියට බහින්න බයයි. අපේ ලංකා පුත්‍රයෝ එයාලට පන්න පන්නා ගැහුවනෙ.දැන් බොරුවට අරවා මේවා පෙන්නනවා. (නි)
ඒ වීඩියෝ එක බොරු එකක් නෙවෙයිද? අපේම හමුදාවේ මාමලාගේ බුරු වැඩ නිසා තමා මේ වගේ වීඩියෝ එලියට ඇවිල්ල තියෙන්නේ. නැත්නම් චැනල් එකෙන් ඇවිල්ල වීඩියෝ කරපුවා නෙවෙයි. අපේම මාමලා ආතල් එකට ගත්තු වීඩියෝ තමා ඔය ආපිට වදින්නේ (නදී)
මගේ නම විකුණන්න පුදුම තරගයක්නේ තියෙන්නේ.කට්ටියගේ අාසාවනේ..කමක් නැහැ.කමක් නැහැ..ඔහොමම යමු (නි)
බල්ලෝ බුරති සද බබලති(නදී)
චැනල් 4 අලුතින් කිසිම දෙයක් පෙන්නුවේ නැහැ. පරණ දේවල්ම තමයි පෙන්නුවේ. ගණන් ගන්න එපා එයාලා කරන වැඩ (නි)
මීට කලින් පෙන්නපු ඒවාට කවුද කලබල වුනේ? තමිල් නාඩුවේ කට්ටියක් සෙල්ලම් පෙන්නුවා. ඩයස්පෝරාවේ කට්ටිය ටිකක් විජ්ජා පෙන්නන්න හැදුවා. මොකක්වත් සැලකිය යුතු දෙයක් වුනාද? ඔහොම හොර වීඩියෝ වලින් මහජන මත හෝ කැළඹීම් ඇති කරන්න බැහැ දැන්. හොඳම දේ ගණන් නොගෙන ඉන්න එකයි. (ස)
1818-1948 කාලේදී ඌව වෙල්ලස්ස මාතලේ පළාත් පිටින් මුන්ගේ සීයලා සමූහ සංහාරයන් කරපු හැටි කියල දෙන්න 1ක් නෑනේ. හපල්ලකෝ ඒ ගැන චිත්‍රපටි පටියක්, ගස් වැල් අල්ලන් දුවන එවුන් පෙන්නන වෙලාවේ. (ස)
අනේ චැනල් 4 එකට නඩු දන්නා කවුරුවත් නැහැනේ මෙරටේ, නිකන් කියවනවා විතරයි ! (ස)
මෙතන බොරුවට කෑ ගහන්න එපා, මේකට ගිහින් කියන එකක් කියන්න. https://www.facebook.com/අම්නේස්ට්යුක් (ස)
අපේ මිනිස්සුම දෙපිට හැරෙද්දින් අනිත් මිනිස්සු ගැන මොන කතාද?මොන දේ උනත් ඔවට උත්තර අපේ අය ලඟ තියෙනවා..(නදී)
මෙහෙම දේවල් සිදු වුණේ නැහැ කියා අපි අපේම සිත් වලට කියාගනිමුද?නැතිනම් රතුපස්වල වගේ තුන්වෙනි පාර්ශවයකගේ ගිණුමකට මේ සිද්ධි සමුදයත් බැර කරලා අත පිස දාගමුද?නැතහොත් ඇත්ත ඇති සැටියෙන් පිළිගමුද?මෙතන බහුතරයක් හිතාගෙන ඉන්නේ අපි සුදනෝ කියලා. (නි)
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මගින් "පට පට ගාල සිංහල නිරායුධ අසරණ මිනිසුන්ට" වෙඩි තියල මරණ දර්ශන ඇතුලත් "රතුපස්වල මිනිස් සංහාරය" අල්ලා වීඩියෝ එකක් නිර්මාණය කලොත් ඒකත් ශ්‍රී ලංකා විරෝධී තවත් වැඩසටහනක් වෙනවද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
කුමන්ත්‍රණ කරුවන්ට අපේ රටට ඇතුළු වීමට වීසා දෙන්න එපා. (ස)
බි බි සි බලන අපි දන්නවා ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නේ සහ මිනිස්සුන්ව අවුස්සන්නේ එයාලා කියලා. ලෝකේ වටේ හැමතැනම ඉන්න විප්ලවවාදීන් අවුස්සල බි බි සි එකට ප්‍රසිද්දයක් ලබා ගන්නවා. කවදාවත් ආසියාවේ හොඳ දේවල් පෙන්නන්නේ නැහැ පොඩ්ඩක් වැරදුනොත් අපි මානව හිමිකම් කඩනවලු හරියට මිනිස්සුන්න්ට මානව හිමිකන් කඩන්න කියල දුන්නේ කවුද කියල 1910 ඉඳල බැලුවොත් පෙනේ. සල්ලි දිලා මේවා කරලා ෆිල්ම් හදල එලියට මේ වෙලාවේ දාන්නේ මොකද කියල ලෝකෙම දන්නවා. යම් දවසක කොටින් විසින්ම චැනල් 4 ගිනි තියාවී.(නදී)
දීන වින්දනයක් ලබන පිරිස් අපේ යුධ ජය පිලිගන්න අකමැත්ත සහ යුධ පරාජය පිලිගැනිමට අකමැති පිරිස් ඔවුන් ලද අන්ත පරාජය වෙනත් අයුරකින් සඵල කර ගැනිමෙ උත්සහයක්. කිසිදු රාජ්‍යකට නොහැකි වු ත්‍රස්තවාදය සිය රටෙන් මුලින්නුපුටා දැමිමට අසමත් වන විට මරාගෙන මැරෙන ත්‍රස්තවායක් ලංකාව වැනි පුංචි රටක් විසින් කිරිම ඉවසා ගන්න බැරි රටවල් මෙ කෙනෙහිලි කමි වලට සමිබන්ධව කටයුතු කරයි. මිට අමතරව ලංකාව තුලද කොටි ඩයස් පොරාව සමග සම්බන්ධ යම් යම් පාර්ශ්වයන් ඩොලර් වලට කෑදරකමින් රට තුල වෙනත් ආරවුල් ඇති කිරිමෙ ප්‍රයත්නයක් දරනවා. ජාතිවාද ආගම් භේද අවුලුවමින් රට අස්ථාර කිරිමෙ කොන්ත්‍රත්තුවක යෙදි සිටිනවා. මෙ කටයුතු හරහා නැවත රට තුල වෙනත් විධියේ කුලල් කෑමි ඇති කර මිලේචිච ජාතියක් ලෙසට ලෝකයට පෙන්විමටත් මෙ හරහා චැනල් 4 වැනි මාධ්‍යන්ට සිය රාජකාරින් ඉතා උසස් අන්දමින් ඉටු කිරිමටත් පහසු වෙනවා. (ස)
කෝ දැන් අපේ විස්තර රටට හෙලිකළ මන්දනා ඉස්මයිල්ලා දැන් රටෙත් නැහැ නේද ? (නි)
මේවට අදහස් දාන්න. https://www.facebook.com/AmnestyUK https://www.facebook.com/Channel4News (ස)
මේ කලෙම් මක්රේ කියන මිනිහ පෙර ආත්මෙක හතුරෙක්ද කොහෙද ? නැත්නම් මූ මොකද මේ තරම් කෙනෙහිලි කම් අපිට කරන්නේ ?(නදී)
මරුවා සමග වාසේ. ස්වභාව ධර්මය දඩුවම් දෙයි ලගදීම.(නදී)
නොසැලී, රටක් වශයෙන් එකමුතුව සිටියහොත් ප්‍රශ්න ජයගත හැක. (නදී)
චැනල් 4 එක දුවන්නේ ලංකාව නිසා. සේවකයන්ට පඩි ගෙවා ගන්න සල්ලි නැති උනහම, මේ වගේ දෙයක් කරලා සල්ලි හොයා ගන්නවා. (ස)
චැනල් 4 එකේ පෙන්නපු ඒවා මම බැලුවා. අනේ ඒවා නම් බොරුම වේවා! (නදී)
එතකොට මැක්රේ, මම අහන්නේ ඇයි කොටිය කරපු වැරදි කියලා ඔයාට ෆිල්ම් එකක් හදන්න හිතෙන්නේ නැත්තේ? අනික මේවා එළියට එන්නේ ලංකාවේ මොකක් හරි ලොකු වැඩක් කෙරීගෙන යනකොට විතරනේ. (නි)
ජීවකට, නඩු දාන එක නම් හොඳ යෝජනාවක් තමයි. දාලා බැලුවොත් වෙන්නේ මොකක්ද කියලා බලාගන්නත් පුළුවන් වෙයි. ඒක හින්දා තමයි නඩු දාන්නේ නැත්තේ! (නි)
මහත්තයා මොනවා හිතුවත් දැන් පෙරහැර ගිහින් ඉවරයි. (නි)
මේවත් ප්‍රශ්නද? කාටූන් බලන්ඩ කැමති කවුද ? (ස)
වෙළඳාමට කරන දේවල් වලට අපිත් වෙලඳාමෙන්ම උත්තර දෙමු. (ස)
"බල්ලෝ උඩුබුරුලති " (නි)