(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂලාට විරුද්ධව චැනල් ෆෝ නාලිකාව නැගූ චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කිරීමත් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමත් එකිනෙකට නොගැලපෙන හතරබීරි කතාවක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
ජනාධිපති යටතේ තිබෙන ආරක්ෂක අමාත්‍යංශය අදාල චෝදනාව ප්‍රතික්ෂේප කරන විට ජනාධිපතිවරයා චෝදනාව ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවට කරුණක් නොවේ දැයි මුජුබුර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.
ආරක්ෂක අමාත්‍යාංශය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා දන්නේ නැද්දැයි ප්‍රශ්න කළ මුජුබුර් රහුමාන් මහතා ආරක්ෂක ලේකම්වරයා අදාළ නිවේදනය නිකුත් කළේ ආරක්ෂක ඇමතිවරයාට නොකියා දැයි විමසීය.
ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ මේ පරස්පර හැසිරීමෙන් පෙනෙන්නට තිබෙන්නේ මේ කාරණය සම්බන්ධයෙන් බරපතල ලෙස මත දෙකක් තිබෙන බව යැයි රහුමාන් මහතා කීය.
ආරක්ෂක ලේකම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේදී පමණක් නොව ඔහු ළඟින්ම ඇසුරු කළ පුද්ගලයෙක් බව කී රහුමාන් මහතා එවැන්නකුගෙන් බලාපොරොත්තු විය හැක්කේත් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමක් බවද පැවසීය.
සමගි ජන බලවේගයේ මැද කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මුජුබුර් රහුමාන් මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමා මෙයාට අවසානේ. ලැබුණු ජොබ් එක... දවස ගානේ එනවා. මොනවා හරි කියනවා. යනවා. වෙන්න නගරාධිපති වෙලා. පාර්ලිමේන්තුවෙන් ආවා. අන්තිමට දෙකම නෑ නේද ලොක්කා...? අවසානේ මයික් ටයිසන් කෙනෙක් වුණා...
"නිසි විමර්ශනයක් කරන්න" 1. පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිසි විමර්ශනයක් කර සාධාරණ නිමාවක් සිදු වී නැත. 2. මෙහි අගමුල නිසියාකාරව නීත්‍යානුකූලව එළිදරව් වී නැත; 3. සෑම කරුණකම අග පිළිතුර වෙනුවට ඉතිරි වී ඇත්තේ "?" ප්‍රශ්නාර්ථයක්... 4. ආණඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ නීතිය, අධිකරණය අනුව උත්තර දීමට රජය බැඳී ඇත; එකී බැදීම අනුව තවමත් නිසිලෙස උත්තර ලැබී නැත; 5. පාස්කු ප්‍රහාරය පිළිබඳව අදාල වන්නේ එහි වින්දිතයින්ට හෝ කිතුදහම අදහන්නට පමණක් නොව රටේ සමස්ත පුරවැසියන්ටම අදාල වන බව; 7 " නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය" යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවෙන් පනවා ඇත; 8 සිදු වූ අපරාධයක් සම්බන්ධව, අපරාධය සිදු වූ රටේ ඒ අපරාධය නිසි පරිදි විමර්ශන කොට (රජය) විශේෂයෙන් ඒ රටේ ජනතාවට අවසාන ලෙස පිළිතුරු - උත්තර නො දීම; 9. ලෝකයේ යම් ස්ථානයක අපරාධයක් සිදුවුව හොත් එම අපරාධය පිළිබඳව නීතිය අනුව විමර්ශනය කොට අපරාධකරුවන් නීතිය හමුවට පත්කිරීම... ඒ අපරාධය සිදු වූ රටේ රජය අපොහොසත් නම් හෝ ඒ වගකීම ¡.නො සලකා හැරීම, ¡¡.නිසි ලෙස විමර්ශනය නොවීම...
ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නැත" යන්නෙන් එම channel 4 පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩ සටහන අන්තර්ගතය සියල්ල "පිළිගත යුතු ය", "පිළිගත්තා" යන්න අදහස් නො කෙරේ.
නැත... "ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නැත" යන්නෙන් එම channel 4 පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩසටහන අන්තර්ගතය. සියල්ල "පිළිගත යුතුයි"... "පිළිගත්තා" යන්න අදහස් නොකෙරේ...
ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු ඇතිවන විනිවිද බවේ ප්‍රශ්ණයට විමර්ශනයකින් පිළිතුරු ලැබෙන බව රනිල් දනී. ඔබ නොදනී.
ඉහිරුන කිරට බළලුත් සාක්කිලු. වැඩේ කරපු ගොයියෝ දැන් වැඩේ කණපිට ගහන්න හදනවා.
¡¡¡. සිතාමතා පැහැර හැරීම, ¡v. අපරාධය කුමන ආකාරයකින් හෝ අවසන් විසදුමක් සාධාරණ සැකයෙන් ඔබ්බට දීමට උත්සාහ නො කිරීම. හෝ වේ නම් එවැනි විටක එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව (මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව අන්තර් ජාතික සම්මුතිය අනුව, ලොව වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ සිවිල් සංවිධානයකට හෝ ජන මාධ්‍ය ආයතනයකට හෝ රාජ්‍යයකට හෝ රාජ්‍ය ඒකාබද්ධ සංවිධානයකට හෝ තත් අපරාධය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඒ අපරාධය පිළිබඳව ¡. සොයා බැලීම, ¡¡. ගවේශනය කිරීමට, ¡¡¡. ගවේශනය කොට එළිදරව් කිරීමට ¡v. මාධ්‍යවලින් එළි කිරීමට, ව්ද්‍යුත්,මුද්‍රිත, වාර්තා වැඩ සටහන් එළි දැක්වීමට, v. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමට , v¡. වෙනත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට මැදිහත් වන ලෙස ආයාචනා කිරීමට, v¡¡. ලෝකයේ අන්‍ය රාජ්‍යයන් දැනුවත් කිරීමට , හිමි කම් ඇති බව; යන හේතු අනුව චැනල් 4 (channel 4) වෙතින් එළි දැක්වා ඇති පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩ සහහන පිළිබඳව නිසි විමර්ශනයකින් තොරව එහි අන්තර් ගතය ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගත නැත;