යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවී ඇති හෙයින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි යළිත් ජාත්‍යන්තර ප‍්‍රජාවට බලකරමින් මෙරට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව වාර්තා චිත‍්‍රපට නිපදවූ බි‍්‍රතාන්‍ය චැනල් ෆෝ නාලිකාවේ නෝ ෆයර් සෝන් චිත‍්‍රපට කණ්ඩායම ශ්‍රී ලංකා විරෝධී නව ප‍්‍රචාරණ කටයුතු දියත් කොට ඇතැයි ජිනීවා තානාපති ආරංචි කියයි.
සඳුදා (14) ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය ඉලක්ක කරගනිමින් කැලම් මැක්රේ ඇතුළු මෙම චිත‍්‍රපට නිෂ්පාදන කණ්ඩායම අදාළ ප‍්‍රචාරණ කටයුතු දියත්කර ඇතැයි ද මොවුන් විසින් ශ්‍රී ලංකාවට කෙටි චිත‍්‍රපටයක් නිපදවා ඇති අතර එය මේ වන විට ඉංග‍්‍රීසි, ස්පාඤ්ඤ, දෙමළ, සිංහල, ප‍්‍රංශ සහ හින්දි භාෂා වලටද හඬකවා අන්තර්ජාලයට මුදා හැර ඇතැයි පැවසේ.
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව පැවැත්වූ පරීක්ෂණයේ අවසන් වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම මේ මස 30 වැනිදා සිදු කෙරෙන හෙයින් ඔවුන් මෙලෙස ශ්‍රී ලංකා විරෝධී ප‍්‍රචාරණ ආරම්භ කර ඇති බව කියති.
ඉකුත් වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 27 වැනි සැසිවාරයේ දී ලංකාවේ මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි වාර්තා වීමත් සමඟ මෙම ශ්‍රී ලංකා විරෝධී ප‍්‍රචාරණ දියත් කෙරෙන බවද ජිනීවා ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චැනල් ෆෝ නාඩගම නම් ඉවරයක් වෙන්නේම නැති පාටයි. (නි)
රටේ කීර්ති නාමය රැකගමු... හමුදාවක් කියන්නේ දෙවියන් නෙමේනේ (බ)
කොටි කළ අපරාධ ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. අද සිංහල දෙමළ මිනිස්සු නිදහසේ ජීවත්වෙන්නේ හමුදාව නිසයි (නි)
නාමල් - හමුදාවට ඔය වගේ විහිලු කතා කියා අපහස කරන්න එපා. ඔය කට්ටියගේ සේවය එක් වචනයකින් කියා නිම කළ නොහැක!!! (බ)
මේවා නවත්වන්නේ කවදාද? (නි)
නාමල්,හමුදාවක් කියන්නේ නම් දෙවියන් නෙමෙයි තමයි. ඒත් යක්ෂයන් එක්ක සටන් කරලා උන්ගේ මව්බිම වෙත තිබු පෙරේත බැල්ම අඩපණ කළා.දැන් දෙවියන් ඇවිල්ලා.එම කරනලද ක්‍රියාදාමයන් එළියට දානවා එකින් එක. (නි)
යුද්ධය අවසන් දවස් කිහිපයේදී දෙමළ ජනතාව මුදා ගැනීම අප රූපවාහිනියෙන් සජීවීව දුටුවා.එය තාමත් දැන් වගේ මතකයි...මානව උල්ලංඝනය අවැසි කිසිවෙක්, එවන් සජීවී දර්ශන ජනතාවට පෙන්වීමට ඉඩ නොදෙනු ඇති බවයි මගේ අදහස...ඉතින්,එය හමුදාවට දිය හැකි හොඳම සහතිකය නොවේද! (බ)
ඔය චැනල් ෆෝ එකේ ඩිරෙක්ටෝර් මහත්මය බැඳලා ඉන්නේ දෙමල නෝනා කෙනෙක්නෙ. (බ)
මේගොල්ලෝ ඉරාක් නැත්නම් පකිස්තාන් වල මේගොල්ලන්ගේ හමුදාව වෙන ඒවා වල චිත්‍රපටි හදන්නේ නැත්තේ. (බ)
නාමල් වගේ මිනිස්සු තමන්ගෙ දේශපාලනය වෙනුවෙන් ඕනෑම කෙනෙක් බිල්ලට දෙන්න හදන ජාතියේ අය (නි)