ලොව පුරා තරගකාරී සිනමා උළෙල වලදී ගෞරව සම්මානයට පාත්‍ර වූ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ " ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව මැයි 7 වැනි බදාදා රාත්‍රීයෙදී විකාශනය කළේය.
මීට පෙර මෙම චිත්‍රපටය ලන්ඩන් සිනමා උළෙලේදීද ප්‍රදර්ශනය විය. එහිදී එය හඳුන්වා දී තිබුනේ" නියත වශයෙන්ම ප්‍රසන්න විතානගේ මෙතෙක් නිර්මාණය කරන ලද හොඳම චිත්‍රපටය" වශයෙනි.
චැනල් 4 ප්‍රවෘත්තියේ අංශය ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳව අසුභවාදී මෙන්ම පක්ෂග්‍රාහී වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරන ආයතනයක් ලෙසිනි.
මේ නිසාම බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික පිරිස් කිහිපවතාවක්ම චැනල් 4 ලන්ඩන් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත් වුහ.
කෙසේවුවද " ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය ප්‍රදර්ශනය කැරුණේ චැනල් 4 මුලික වැඩසටහන් අංශය විසිනි. මීට පෙර අමරනාත් ජයතිලකගේ " අරුණට පෙර" ප්‍රසන්න විතානගේ ගේ " ඉර මැදියම" සහ වෙනත් සම්භාව්‍ය සිංහල චිත්‍රපට කිහිපයක්ම චැනල් 4 විසින් ආසියාවේ උසස් සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැඩ සටහන් මාලාවක් යටතේ ප්‍රදර්ශනය කරනු ලැබීය.
සිංහල චිත්‍රපට බ්‍රිතාන්‍ය රුපවාහිනි නාලිකාවන්හි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ලන්ඩනයේ සිනමා විචාරකයෙකු සමඟ කතා බස් කිරීමේදී ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.
" මෙම චිත්‍රපට ඔවුන් විකාශනය කරන්නේ එම පිටපත් වල ප්‍රදර්ශන අයිතිය සඳහා නිර්දේශිත මිලක් චිත්‍රපට නිෂ්පාදක වරයාට හෝ බෙදා හරිනු ලබන සමාගමට ගෙවීමෙන් පසුවයි.
මේ නිසා එම විකාශනය එක අතකට සුළුවෙන් හෝ සිංහල සිනමාවේ උන්නතිය සඳහා කිසියම් උපකාරයක් වන්නටද ඉඩ ඇති බව කිව හැකියි. සිංහල සිනමාව පවත්වා ගෙන යාම උදෙසා ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රේක්ෂක පිරිසක් ගැන පමණක් නොසිතා ජාත්‍යන්තර වෙළඳ පොළට ගෙනයාමට හැකි අන්දමේ චිත්‍රපට නිර්මාණය කිරීම වර්තමානයේ ඇති වැදගත්ම කරුණක් බව වටහාගත යුතුයි. ඊයේ වියට්නාමයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත "සිරි ගෞතම" සිනමා කෘතියට ලැබුණු පිළිගැනීම මෙයට හොඳම උදාහරණයක්.
මීට කලින් ප්‍රසන්න විතානගේ නිෂ්පාදනයකළ උබර්ටෝ පැසලීනි අධ්‍යක්ෂණය කළ " මචන්" චිත්‍රපටය මුළු ලෝකයේම බෙදා හරිනු ලැබුවා. සිංහල නළු නිළියන් රගපාන ශ්‍රී ලංකාවේදී සිංහල බසින් නිෂ්පාදිත එම චිත්‍රපටය ඉතාම ජනප්‍රිය වුවා.
ඉන්දියානු සිනමාව දැනට ලෝක වෙළඳ පොළ ජයගෙන ඉවරයි. ශ්‍රී ලංකාවේ සිනමා කරුවන්ද මේ සම්බන්ධයෙන් සලකා බලා ඔවුන්ගේ නිර්මාණ අඩුම වශයෙන් ඉන්දියාව හෝ වෙනත් ආසියානු රටවලට හෝ බෙදා හැරීමට හැකි අන්දමට නිර්මාණය කිරීම වැදගත් වන බව කිවයුතුයි. මෙහිදේ " සිරි ගෞතම" චිත්‍රපටය නිෂ්පාදනය කලාවගේ ජාත්‍යන්තර සමාගම් සමඟ එක්වී හවුල් නිෂ්පාදන සඳහා යොමුවීමත් හොඳ දෙයක් ලෙසටයි කිව හැක්කේ "

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චැනල් 4 කවදද ලංකාවේ හොඳක් දැක්කේ? (නි)
කාලෙකට පස්සේ සත්‍යයා වැදගත් දෙයක් කියල තියෙනවා! (අ)
මේ ප්‍රවෘත්තිය ලංකාවට හොඳක් වෙන්නේ කොහොමද? ඕනෑම රටක මිනිසුන් ගැහැනුන් අතර එළිපිට දසත පෞද්ගලිකව රහසේ කෙරෙන කටයුතු , කතාබහ ඇත. බටහිර රටවල් වලට නැති සංස්කෘතියක් අපට ඇත්තේ ඒ පුද්ගලික කටයුතු හෝ කවරෙක් හෝ කරන නොමනා කටයුත්තක් ප්‍රසිද්ධියේ කතා නොකිරීමටයි. මේ චිත්‍රපටි වලින් ඒවා කතා කිරීමෙන් පෙනෙන්නේ දක්ෂතාවයක් නොවේ. (නි)
ප්‍රසන්න විතානලා තම කුසලතාවයන් ගණිකා වෘත්තියේ යොදවද්දීත් අපේ මුග්ධයින් අත් පොළසන් දීම අරුමයක් නොවේ. "පුරහඳ කළුවර" වැනි දේශද්‍රෝහී බෞද්ධ විරෝධී චිත්‍රපට තනා බටහිර රටවලින් සම්මාන ලැබූ පුද්ගලයින්ගේ නිර්මාණ කුසල තාවය සමාන කලහැක්කේ බල්ලාගේ පසු පස බැඳී මී වදයකට පමණි. (ස)
ඒ පාර මොකටද එන්න හදන්නේ? (නි)
මේ හුචක්කු චිත්‍රපටි වලින් කවදාවත් ලංකාවේ හොඳක් ලෝකයට ගෙනගියේ නෑ, එකයි ඕවට සම්මාන ලැබෙන්නේ, පුලුවන්නම් "ගාමණී" වගේ ෆිල්ම් එකක් ඔය රටවල් වල පෙන්නන්න කියන්නකෝ (ස)
ලංකාවේ සමහර සිනමා ලංකාවටත් කලින් විදේශ රටවල ප්‍රදර්ශනය කරලා සම්මානත් දෙනවා . එම සිනමා පටවලින් පෙන්වන්නේ ලංකාවේ සමලිංගික සමාජයක් තිබෙනවා කියලා . සමහර ළමයින් අම්මා සමගද සංවාසයේ යෙදෙනවා . හොඳම යාළුවගේ බිරිය සමග වැසිකිලියක් තුල කඩිනමින් කරන ලිංගික ක්‍රියාවක් . සමහරුන්ට මේවා උසස් නිර්මාන වුනත් . මේවයින් ලංකාවට කැළලක් ඇති වන්නට තමා විදේශිකයන් මොවුන්ට සම්මාන ලබාදී ඕවා පෙන්වන්නේ .සමහර ලංකාවේ නිෂ්පාදිත සම්මාන ලබපු සිනමා බලන්නවත් ලැබෙන්නේ නෑ . (ස)
ඔබ නැතිව ඔබ සමග හෙළුවෙන් .... කියල නම් කරා නම් අගෙයි. (ස)
ලංකාතිලක මහතාගේ සියට සියයක් මම අනුමත කරමි . මෙම චිත්‍ර පටිය චැනල් 4 වලින් පෙන්වා ප්‍රසිද්දියක් දුන්නේ . එය තුලින් ලංකාවේ සමාජයට පහරක් වක්‍රව ගෙසිමට පුළුවන් නිසා .මෙම ප්‍රසන්න විතානගේ නිෂ්පාදනය එකම සිනමා පටයක් වත් පවුලේ එකට නරඹන්නට පුළුවන් ඒවා නොවේ . කාටත් හොරා හොර රහසින් හෝ යහළුවන් සමග බැලුවොත් ඇරෙන්නට . මචන් සිනමා පටය ටිකක් වෙනස් උනත් එකෙත් සමහර දෙබස් දු දරුවන් සමග එකට බැලිමට නොහෙකි ඒවා (දී)
සිංහල ජාතියට බෞද්ධ කමට හොඳහැටි පහර ගහල චිත්‍රපටයක් හැදුවනම් සම්මාන පිට සම්මාන ලැබෙනවාමයි.ඔය සමහරු අගක් මුලක් නැති චිත්‍රපට හදල සම්මාන ගන්නේ. ඒවා ඉතින් චැනල් 4 එකෙන් උඩ දම දමා පෙන්නාවි. (ස)
අධ්‍යක්‍ෂකගෙ අවසරය ඇතුව චැනල්4 එකේ පෙන්නුවා නම් අපිට හිතාගන්න පුළුවන් අධ්‍යක්‍ෂක ගැනත් චිත්‍රපටිය ගැනත්. ඒක ආයෙ දෙකක් නැහැ ලාංකික අනන්‍යතාවය,සභ්‍යත්වය සංස්කෘතිය විකෘති කරල ඇති. (ස)
චැනල් 4 දැන් ඉතින් කවදත් හොඳ තමයි පෙන්වන්න වෙන්නේ. බොරුව කවදාවත් ජය ගන්නේ නැ. (අ)
පවුලේ සියලු දෙනා සමග එකට සිට නැරඹිය නොහැකි චිත්‍රපට වලට දෙන සම්මාන ද ? (ස)
ඒ ගමන මොකද්ද මේ වෙන්න යන්නේ? (නි)
වික්‍රම, මචන් හැදුවේ ප්‍රසන්න නෙවේ. බූඩි කීර්ති සේන (අ)
යුද්ධය තිබුණු,සතුරාද ප්‍රබලව සිටි කාලයක තමයි පුරහඳ කළුවර සිනමා පටයද එලියට එන්නේ.එහි නිෂ්පාදකත් උපන් මවුරටේ සිංහල ජාතිය නිරතුරුව විවේචනය කරන අයකි. ඔහු එක්තරා ජාත්‍යන්තර ගුවන් විදුලියක, සින්හලසේවයේ අද්‍යක්ෂක වරයකි. (අ)